
ඊශ්‍රායල - පලස්තීන අර්බුදය විසඳිය හැක්කේ ස්වාධීන ඊශ්‍රායලයක් හා ස්වාධීන පලස්තීනයක් ගොඩනැගීමෙන් - ටිල්වින් සිල්වා
ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුම හේතුවෙන් සිවිල් වැසියන්ගේ ඝාතන නතර කිරීම සඳහා ලෝක ප්‍රජාව දෙපාර්ශ්වයටම බලපෑම් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිලිවින් සිල්වා මහතා පවයි.
මේ පිළිබඳව අදහස් දක්වන ඒ මහතා,
“ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුමක් තිබෙනවා. මේ පිළිබඳව සමාජයේ විවිධ අදහස්, මත ඉදිරිපත් වෙමින් තිබෙනවා. මේ පිළිබඳව විවිධ පාර්ශ්ව විවිධ අදහස් ඉදිරිපත් කරනවා. අපි මෙහි දකින ප්‍රධානම දේ තමයි මේ ගැටුම නිසා දෙරටේම නිරායුධ, අහිංසක පුරවැසියන්, ළමුන්, කාන්තාවන් විශාල ප්‍රමාණයක් දුෂ්කරතාවයට පත්වී තිබෙන බව. මේ වන විටත් දෙපාර්ශ්වයේම සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් ඝාතනය වී තිබෙනවා. දෙමාපියන් අහිමිව ළමුන් අතරමං වී, අවතැන් වී සිටිනවා. කාන්තාවන්ට විශාල ලෙස ප්‍රශ්න මතුවී තිබෙනවා. ලක්ෂ ගණන් ජනතාවට උන්හිටිතැන් අහිමි වී තමන්ගේ ගම්බිම් අතහැර යාමට සිදුවී තිබෙනවා. මේක මානව ඛේදවාචකයක්.
අපි ඉල්ලා සිටිනවා මේ දෙපැත්තෙන්ම කරන ඝාතන නතර කළ යුතුයි කියලා. දෙපැත්තේම නිරායුධ සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් කරන ඝාතන, වැළැක්විය යුතුයි. මේ ඝාතන නතර කිරීම සඳහා ලෝක ප්‍රජාව දෙපාර්ශ්වයටම බලපෑම් කළ යුතුව තිබෙනවා. මේ අවස්ථාවේ කවුද හරි හෝ වැරදි කියා තේරීම නොවෙයි කළ යුත්තේ. මෙහි මානව ඛේදවාචකයක් තිබෙනවා. ළමා පරපුරක් අසරණ වී තිබෙනවා. ඒ නිසා ගැටුම් නවත්වන්න. නිරායුධ සිවිල් පුරවැසියන් ඉලක්ක කර ගත් ප්‍රහාර නතර කරන්න.
මේ ගැටුමට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. 1947න් පසුවයි මේ ප්‍රශ්නය ආරම්භය සිදුවෙන්නේ. එහි විශාල ප්‍රමාණයේ ගැටලු තිබුණත් මේ අවස්ථාව එය කතා කිරීම නොවෙයි කළ යුත්තේ. මේ ගැටුම් ආරම්භ වූ අවධියේ එක්සත් ජාතීන් මැදිහත් වීමෙන් යෝජනාවක් සම්මත කොට සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. ‘රටවල් දෙකම රටවල් දෙකක් සේ පිළිගන්න’ යන සංකල්පය. එක්සත් ජාතීන්ගේ සැලැස්මට අනුව නිදහස් පලස්තීනයකුත් නිදහස් ඊශ්‍රායලයකුත් පිළිඅරගෙන තිබෙනවා. එම රටවල් දෙක ස්ථාවර බවට පත්කිරීම තමයි එක්සත් ජාතීන්ගේ අරමුණ බවට පත්වුණේ. මේතෙක් එක්සත් ජාතීන්ගේ එම සැලැස්මට අනුව වැඩ කෙරිලා නැහැ. එය බලාත්මක කිරීමට අසමත් වෙලා තිබෙනවා. මේ ගැටලුවේ ප්‍රධානම හේතුව ඒක. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධානයක් ගෙන ආ යෝජනාවක් බලාත්මක කර ගැනීමට නොහැකි වීම ම, මේ ඛේදවාචකයට ප්‍රධාන හේතුවක් බවට පත්වෙලා තිබෙනවා. ඒක බලාත්මක කර ගැනීමට නොහැකි වී තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීම නිසා. ඒ අය තමන්ගේ අධිරාජ්‍යවාදී අරමුණු වෙනුවෙන් මේ කලාපය තුළ බල තුලනය හදා ගැනීමට උත්සාහ කරමින් ඉන්නවා.
දැනුත් මේ ගැටලුවට තිබෙන විසඳුම තමයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භයේදී ම සම්මත කර ගත් ද්විරාජ්‍ය සංකල්පය ක්‍රියාවට නැගීම. ස්වාධීන නිදහස් ඊශ්‍රායලයකුත් ස්වාධීන නිදහස් පලස්තීනයකුත් පිළිගැනීමෙන් තමයි මේ ප්‍රශ්නය විසඳන්න වෙන්නේ. එම ප්‍රතිපත්තිය මත කටයුතු කිරීමෙන් මේ ගැටුම් නිරාකරණය කරගනිමින් රටවල් දෙකටම පවතින්නට හැකියාව ඇතිවේවි. ලෝක බලවතුන්ගේ වගකීම වන්නේත් එක්සත් ජාතීන්ගේ යෝජනාව අනුව කටයුතු කිරීම. අපි නැවතත් ලෝක ප්‍රජාවගෙන් සහ සියල පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරනවා, සිවිල් පුරවැසියන් ඝාතනය වෙන, ළමුන්, කාන්තාවන් පීඩාවට පත්වෙන, ළමුන් අනාථයන් බවට පත්වෙන මේ ගැටුම් නතර කරන්න”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
