
ඔන්ලයින් පනත් කෙටුම්පත හදපු කණ්ඩායම මෙන්න
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආන්දෝලනාත්මක මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්පාදනය කළ කමිටුවේ නාමලේඛනය මේ වන විට ප්‍රසිද්ධියට පත්ව තිබේ.
සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර විසින් තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන යටතේ කර තිබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය මෙම නාමලේඛනය ලබා දී ඇති අතර, ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්පාදනය කිරීම සඳහා පහත දැක්වෙන පිරිස සහභාගී වී ඇති බව වාර්තා වේ.
01. ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස
02. ජයන්ත ප්‍රනාන්දු
03. ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක
04. ආචාර්ය එච්. ඒ. එම්. හකීම්
05. නීතිඥ සන්ජිත් සේනානායක
06. නීතිඥ සේහාන් ද සිල්වා
07. නීතිඥ චමින්ද අතුකෝරළ
08. නීතිඥ චින්තක අමරසිංහ
09. නීතිඥ රුවන්ත කුරේ
10. නීතිඥ සේහානි අල්විස්
11. නීතිඥ චින්තක ප්‍රනාන්දු
12. නීතිඥ අස්විනි හපන්ගම
කෙසේ වුවද මෙම කණ්ඩායමට සිය නම ඇතුලත් කර තිබීම සම්බන්ධයෙන් අදහස් දක්වන ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක පවසා ඇත්තේ, තමා මුල් අවස්ථාවේදීම එම කමිටුවෙන් ඉවත්වූ බවයි.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක වැඩිදුරටත් මෙසේ පවසා ඇත.
මේ පිළිබඳව ඔහු විසින් තබා ඇති සටහන මෙසේය.
“සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා ඇති තොරතුරකට අනුව ලබාදී ඇති ලේඛනයක Online Safety Bill එක සකස් කරන ලද කමිටු සාමාජිකයෙකු ලෙස මගේ නමද ඇතුලත් කොට ඇති නමුදු මා එම පනත මාසයක් තුළ සකස් කිරීම අවශ්‍ය බව ප්‍රකාශ වීම හේතුවෙන් මුල් අවස්ථාවේදීම එම කමිටුවෙන් ඉවත් වූ බව සදහන් කරමින් ඊට අදාල ලේඛන මෙසේ හෙළිකරමි.”
අදාළ ලේඛන පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
