
ඡන්ද ක්‍රමය වෙනස් කරන්න අගමැති ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්
මිශ්‍ර ඡන්ද ක්‍රමයක් පාර්ලිමේන්තු මැතිවරණයට හඳුන්වාදීම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මෙන්ම, ඡන්ද අපේක්ෂකයන්ගේ ඇප මුදල් සංශෝධනය ගැන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
ඒ, එම යෝජනා ගැන පක්ෂ නායකයන් දක්වන අදහස් පිළිබඳ වාර්තාවක් සකස් කිරීම උදෙසායි. මෙවැනි තවත් සාකච්ඡාවක් එළඹෙන පාර්ලිමේන්තු සතියේදී නැවත පැවැත්වීමටද මෙම සාකච්ඡාවේදී තීරණය වූ අතර, සාකච්ඡා අවසානයේ සකස් කරන වාර්තාව, කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පළමු සාකච්ඡාවට, අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාද සහභාගී විය.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින්, නීතීඥ සිසිර ජයකොඩි(මහජන එක්සත් පෙරමුණ- MEP), නීතීඥ සාගර කාරියවසම්(මහ ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-SLPP), මහින්ද අමරවීර(ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-SLFP), ඒ.එල්.එම්. අතාවුල්ලාහ්(මහ ලේකම්, ජාතික කොංග්‍රසය-NC), එස්. චන්ද්‍රකාන්තන්(සභාපති, තමිල් මක්කල් විඩුදලෛ පුලිගල්-TMVP), ඒ. අරවින්ද් කුමාර්(Member of Political Authority, United People’s Front-UP), එම්. රාමේෂ්වරන්(සභාපති/ මුදල් ලේකම්, ලංකා කම්කරු කොංග්‍රසය-CWC) යන මැති ඇමතිවරුද, විපක්ෂය නියෝජනය කරමින් රිෂාඩ් බදියුදීන්(නායක, All Ceylon Muslim Congress-ACMC), මනෝ ගනේෂන්(නායක, Democratic People’s Front-DPF), ජී. ජී. පොන්නම්බලම්(නායක, Ahila Ilankei Tamil Congress-AITC) යන මන්ත්‍රීවරුද, පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින, අංගජන් රාමනාදන්(ජ්‍යෙෂ්ඨ උප සභාපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-SLFP), ෂාන් විජයලාල් ද සිල්වා(ජ්‍යෙෂ්ඨ උප සභාපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-SLFP), සාරතී දුෂ්මන්ත(භාණ්ඩාගාරික, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-SLFP), ඩලස් අලහප්පෙරුම(නිදහස ජාතික සභාව), ජයන්ත සමරවීර(ජාතික සංවිධායක, ජාතික නිදහස් පෙරමුණ-NFF), මහාචාර්ය තිස්ස විතාරණ(ලේකම්, ලංකා සම සමාජ පක්ෂය-LSSP), උදය ගම්මන්පිල(නායක, පිවිතුරු හෙළ උරුමය-PHU), පූජ්‍ය අතුරලියේ රතන හිමි(සභාපති, විජය ධරණී ජාතික සභාව), අසංක නවරත්න(ලේකම්, ශ්‍රී ලංකා මහජන පක්ෂය-SLMP), වීරසුමන වීරසිංහ(නියෝජ්‍ය සභාපති, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය-CP), ගෙවිඳු කුමාරතුංග(සභාපති, යුතුකම ජාතික සංවිධානය) යන මන්ත්‍රීවරුද මෙම රැස්වීමට එක්ව සිටියහ.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
