News Category
From Date
To Date
Maximum Number of Result

පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් කටයුතු කරන ජීවන් තොණ්ඩමන් තේ කර්මාන්තයේ උන්නතියට තර්ජනයක්... ඔහු ගැන නිසි ක්‍රියාමාර්ග ගන්න - සමාජ ක්‍රියාකාරිනි ශර්මිලා ගෝනවෙලගෙන් කතානායකට ලිපියක්

Jul 10, 2024 at 01:05 PM
|

වෘත්තීය සමිති ක්‍රියා කාරයෙකුට හෝ නොගැළපෙන පරිදි ප්‍රසිද්ධ ස්ථානයක හැසිරීමට  නුසුදුසු ආකාරයට ඉතාමත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයා පිළිබඳව  අවධානය යොමු කළ යුතු බවත්, ඔහු විසින් අවස්ථා ගණනාවක දී නඟන ලද චෝදනා හා හැසිරීම්  මෙරට තේ කර්මාන්තයට හානිදායක ලෙස සිදු කරන්නක් ලෙස පෙනී යන බවත් සඳහන් කරමින් සමාජ ක්‍රියාකාරිනි ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

ඔහු රටේ පවතින නීතියට අවනත නොවීමත් සමාජය පිළිගත් විනයට හා සාමයට ගරු නොකිරීත් නිසා නීතිය සමව ක්‍රියාත්මක වීම පිළිබඳව  සමස්ත සමාජයේම අවිශ්වාසයට  හා අගෞරවයට හෙතුවන බවත් ඇය එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

අදාළ ලිපිය පහළින්...

කතානායකතුමා
ගරු, මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ 

ගරු කතානායකතුමනි,

ව්‍යවස්ථා දායකයේ නියෝජිතයින් සමස්ත ජනතාවට ආදර්ශමත් චරිත වුවද  රටේ පවතින නීතියට අවනත නොවීමත් සමාජය පිළිගත් විනයට හා සාමයට ගරු නොකිරීත් නීතිය සමව ක්‍රියාත්මක විම පිලිබදව  සමස්ත සමාජයේම අව්ශ්වාසයට  හා අගෞරවයට හෙතුවනවා ඇත .

පාර්ලිමේන්තු වරප්‍රසාද  අභාවිතා කරමින් මහජන වාදී තීන්දු තීරණ වෙනුවට තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා හෝ මැතිවරණය ඉලක්ක කර ගනිමින් තම දේශපාලන  ප්‍රතිරූපය නංවාලිම  ඉලක්ක කර ගනිමින්  පහත් ස්වභාවයේ හැසිරීම් සමාජයට ප්‍රදර්ශනය කිරිම හෙලා දැකිය යුතුය .

වෘත්තීය සමිති ක්‍රියා කාරයෙකුට හෝ නොගැළපෙන පරිදි ප්‍රසිද්ධ ස්ථානයක හැසිරීමට  නුසුදුසු ආකාරයට ඉතාමත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයා පිළිබඳව ඔබගේ අවධානය යොමු කරනුයේ  ඔහුගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම පළමු වරට සිදුකරනු ලැබූවක් නොවන බැවින් හා එම සිද්ධින් දෙකම  පිළිබඳව ජීවන් තොණ්ඩමන් විසින් පාර්ලිමේන්තුව නොමග යවන ලෙස කරන ලද අසත්‍ය ප්‍රකාශයන් පදනම් කරගෙනය.

වසර ගණනාවකට පසුව දේශීය තේ සඳහා ඉහළ මිලක් ලැබීම හා ඉහල  අස්වැන්නක්ද ලැබෙන අවස්ථාවක ජීවන් තොන්ඩමන් විසින් නඟන ලද චෝදනා හා හැසිරීම් රටාව ඔහු ඉන්දියාවේ ඉපදී අධ්‍යාපනය ලද ඉන්දියානු ලැදි පුද්ගලයකු ලෙස සිතාමතා අපගේ තේ කර්මාන්තයට හානිදායක ලෙස සිදු කරන්නක් ලෙසද සාදනීය සිතිමටද කරුනු ඇත.

මෙයට ප්‍රථමවද  පිටස්තර පුද්ගලයන් රැගෙන ගොස් ඇල්කඩුව වතුයායේ සාමාන්‍ය අධිකාරීවරයාට මැර තර්ජනය කිරීම හා CWC වෘත්තීය සමිති සාමාජිකයන්  විසින් කඳපොළ පාර්ක් වතුයායේ සහ ඇල්ටන් වතුයායේ විධායක නිලධාරීන්ට එල්ල කරන ලද  මැර ප්‍රහාරයද   වතු කම්කරුවන් ඉදිරියේ පාලන අධිකාරිය හෑල්ලුවට ලක් කරමින් අදාළ සමාගමෙහි නීති රීති හා විනය අභියෝගයට ලක් කරන්නේ වතු පාලන වෘත්තිය තවදුරටත් ආරක්ෂිත රාජකාරියක් නොවන බව සමාජයට ඒත්තු ගන්වමින් සමස්ත තේ කර්මාන්තයටම හා  විදේශ විනිමය උත්පාදනයටද අභියෝග කරමින්ය.

නුවරඑළිය සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයේදී පෞද්ගලික ආයතනයක් මගින් පාලනය කරන්නා වූ තේ කර්මාන්ත ශාලාවක සේවකයන්ට  අදාළව ගන්නා තීරණ අමාත්‍යවරයා  අසාධාරණ ලෙස අභියෝගයට ලක් කිරීමත් පාලක මණ්ඩලය විසින් ගන්නා තීරණ  ඔහු හොබවන අමාත්‍ය ධුරයට ගරු කොට වෙනස් කළ යුතු යැයි පැවසිමත් ඔහුගේ සීමාව ඉක්මවා ක්‍රියා කරන්නේ පාලන අදිකාරිය අපහසුතාවයට පත් කිරිමටය.

කම්කරු කාර්යාලය ඉදිරිපිටදීම අදාළ පෞද්ගලික ආයතනයේ විධායක නිලධාරීන්ට තම සගයන් තර්ජනය කරමින් පහරදීමට සැරසෙන්නේ  ඔහුගේ උසිගැන්විමෙන් හා අමාත්‍යවරයා නිහඬව බලා සිටීම තේ කර්මාන්තයේ උන්නතියට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ගයන් ලෙස අවශ්‍ය නම් පෙන්වා දිය හැක.

එදිනම පස්වරුවේ තොන්ඩමන් අමාත්‍යවරයා පිටස්තර මැරයන්ද සමග පේදුරු වතුයායට ඇතුළු වන අතර  තේ කර්මාන්ත ශාලාව නැරඹීමට දිනපතා විදේශකයන් පැමිණෙන බව දැන දැනම ප්‍රධාන ප්‍රවේශ මාර්ගය බලහත්කාරයෙන් අගුළු දමමින්  ඇතුලතට  පැමිණීමත් ඇතුලත  සිටින පිටස්තර  පිරිස පිටත් විම  අවහිර කරමින්  සේවකයන් හා පාලක මණ්ඩලය පමණක් නොව පිටස්තරයන්ද බිය ගන්වමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇතිබවට වීඩියෝ දර්ශන ඇත.

තවදුරටත් කිසිදු පාලනයකින් තොරව හැසිරෙමින් මෙම කර්මාන්ත ශාලාවේ එදින සේවයේ යෙදී සිටි සේවකයන් පිටතට පන්නා දමා  තේ වෙන්දේසි සදහා ප්‍රවාහනයට සූදානම්ව තිබූ ලොරි රථයේ ටයර්වල හුළං අරින ලෙසට කලහකාරීන්ට නියෝග දුන්නේද  එදින නෙලන ලද අමු තේ දළු කර්මාන්ත ශාලාව තුළට ගෙන ඒමට ඉඩ නොදුන්නේද අමු තේ දළු  ප්‍රමාද කිරීම එහි ගුණාත්මක භාවයට බලපාන බව නොදැන විය නොහැක.

මම පෞද්ගලික ආයතනය කම්කරු කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිනොගෙන එම කාන්තාවන්හට ඔවුන්ගේ සංස්කෘතිමය අයිතියක් වන රතු මොට්ටුව පැළඳීමට ඉඩ නොදෙන බවට ඇමැතිවරයා  චෝදනා කරත් එය එසේ නොවන බවත් සින්දුර් පාවිච්චි කිරීමේ කිසිදු තහනමක් නොමැති අතර "අලවන මොට්ටු" පමණක් තහනම් කර ඇත්තේ ලෝක වෙළඳපොලේ සෞඛ්‍යා හා තත්ත්ව නිර්ණායකයන්ට අනුව බව සේවක සේවිකාවන්ද දැන සිටී බැවින්ය.

කැබිනට් අමාත්‍යවරයකු විසින් අප රටට විදේශ විනිමය ගෙන එන ලොව හොඳම තේ යන සන්නාමය හිමි  ක්ෂේත්‍රයක් මෙසේ අභියෝගයට ලක් කරන්නේ හිතාමතාමද යන සැකය  අසාධාරණ නොවේ.

මේ ලිපිය ඔබතුමා වෙත යොමු කරන්නේ මෙම ඇමතිවරයාගේ  හැසිරීම පිළිබඳව නිසි ක්‍රියාමාර්ගයන් නොගැනීම වැරදි පූර්වාරදර්ශයක් විමට හැකිය,  මැතිවරණ ආසන්නයේ ඇති බැවින් අමාත්‍යවරුන් ඡන්ද ආකර්ෂණය කර ගැනීම සඳහා තම විෂය පථයට අයත් ක්ෂේත්‍රයන්ට මෙසේ බලපෑම් කිරීමට යොමු වුවහොත් විනයක් නීතියක් නැති රටක් බවට අප රට පත් විමට පුලුවන.

මෙයට විශ්වාසි,
ශර්මිලා ගෝනවෙල
සමාජ ක්‍රියාකාරිනි.

සම්බන්ධිත පුවත් | Related News

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ප්‍රධාන පුවත්

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.