ඡන්ද ක්‍රමය වෙනස් කරන්න අගමැති ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්
මිශ්‍ර ඡන්ද ක්‍රමයක් පාර්ලිමේන්තු මැතිවරණයට හඳුන්වාදීම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මෙන්ම, ඡන්ද අපේක්ෂකයන්ගේ ඇප මුදල් සංශෝධනය ගැන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
ඒ, එම යෝජනා ගැන පක්ෂ නායකයන් දක්වන අදහස් පිළිබඳ වාර්තාවක් සකස් කිරීම උදෙසායි. මෙවැනි තවත් සාකච්ඡාවක් එළඹෙන පාර්ලිමේන්තු සතියේදී නැවත පැවැත්වීමටද මෙම සාකච්ඡාවේදී තීරණය වූ අතර, සාකච්ඡා අවසානයේ සකස් කරන වාර්තාව, කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පළමු සාකච්ඡාවට, අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාද සහභාගී විය.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින්, නීතීඥ සිසිර ජයකොඩි(මහජන එක්සත් පෙරමුණ- MEP), නීතීඥ සාගර කාරියවසම්(මහ ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-SLPP), මහින්ද අමරවීර(ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-SLFP), ඒ.එල්.එම්. අතාවුල්ලාහ්(මහ ලේකම්, ජාතික කොංග්‍රසය-NC), එස්. චන්ද්‍රකාන්තන්(සභාපති, තමිල් මක්කල් විඩුදලෛ පුලිගල්-TMVP), ඒ. අරවින්ද් කුමාර්(Member of Political Authority, United People’s Front-UP), එම්. රාමේෂ්වරන්(සභාපති/ මුදල් ලේකම්, ලංකා කම්කරු කොංග්‍රසය-CWC) යන මැති ඇමතිවරුද, විපක්ෂය නියෝජනය කරමින් රිෂාඩ් බදියුදීන්(නායක, All Ceylon Muslim Congress-ACMC), මනෝ ගනේෂන්(නායක, Democratic People’s Front-DPF), ජී. ජී. පොන්නම්බලම්(නායක, Ahila Ilankei Tamil Congress-AITC) යන මන්ත්‍රීවරුද, පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින, අංගජන් රාමනාදන්(ජ්‍යෙෂ්ඨ උප සභාපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-SLFP), ෂාන් විජයලාල් ද සිල්වා(ජ්‍යෙෂ්ඨ උප සභාපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-SLFP), සාරතී දුෂ්මන්ත(භාණ්ඩාගාරික, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-SLFP), ඩලස් අලහප්පෙරුම(නිදහස ජාතික සභාව), ජයන්ත සමරවීර(ජාතික සංවිධායක, ජාතික නිදහස් පෙරමුණ-NFF), මහාචාර්ය තිස්ස විතාරණ(ලේකම්, ලංකා සම සමාජ පක්ෂය-LSSP), උදය ගම්මන්පිල(නායක, පිවිතුරු හෙළ උරුමය-PHU), පූජ්‍ය අතුරලියේ රතන හිමි(සභාපති, විජය ධරණී ජාතික සභාව), අසංක නවරත්න(ලේකම්, ශ්‍රී ලංකා මහජන පක්ෂය-SLMP), වීරසුමන වීරසිංහ(නියෝජ්‍ය සභාපති, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය-CP), ගෙවිඳු කුමාරතුංග(සභාපති, යුතුකම ජාතික සංවිධානය) යන මන්ත්‍රීවරුද මෙම රැස්වීමට එක්ව සිටියහ
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..