මහද්වීපික කොමිසමේ නිර්දේශ ලැබෙනතුරු කෝබෝල්ට් නිධියට අත තැබීමෙන් වළකින්න – ලංකාව ඉන්දියාවට කියයි
කෝබෝල්ට් නිධිය පවතින සාගර කලාපය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහද්වීපික කොමිසම (UNCLCS) වෙත ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ වාර්තාවේ අවසන් නිර්දේශ ලැබෙන තුරු ‘ඇෆනසි නිකිටින්’ මුහුදු කන්දේ ගවේෂණ කිරීම් අත්හිටුවන ලෙස අන්තර්ජාතික සාගර පතුල් අධිකාරියෙන් (ISBA) ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම කෝබෝල්ට් අඩංගු ෆර්මැංගනීස් කබොල සහිත නිධි සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා මුහුදට අයත් බැවින් එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියේ 76 වැනි වගන්තියට (UNCLOS) අනුව සාගර පතුල් අධිකාරිය වෙත මීට පෙර ශ්‍රී ලංකාව කරුණු ඉදිරිපත් කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය එම නිවේදනයෙන් පවසයි.
මේ අනුව එක්සත් ජාතීන්ගේ මහාද්වීපික කොමිසම වෙත ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ කරුණුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා 2016 ඔක්තෝබර් මස එම කොමිසම උප කමිටුවක් පත්කර තිබේ.
එහෙත් ශ්‍රී ලංකාවට අයත් මෙම ‘නිකින්’ මුහුදු කන්ද ගැන ඉන්දියාවද ඉල්ලීමක් කර තිබෙන බැවින් ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහාද්වීපික කොමිසමේ කමිටු නිර්දේශ තවමත් නොලැබී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ අනුව රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඔස්සේ ඉදිරියේදී ගැටලූව විසඳාගත යුතුව ඇති බවත් එම අමාත්‍යාංශය අවධාරණය කරයි.
මෙම කොබෝල්ට් නිධිය පිළිබඳව ගවේෂණය කිරීමට ඉන්දියාවේ අදානි සමාගම සුදානම් වන බවට පසුගියදා ජනමාධ්‍ය වාර්තා පළවී තිබිණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්