News Category
From Date
To Date
Maximum Number of Result

මේ වෙලාවේ රනිල් තමයි!

Jul 9, 2024 at 08:29 AM
|

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ එක ආසනයකට සීමාවීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බලපාන්නේ නැත. ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රබල පොහොට්ටු මැති ඇමැතිවරුන් සංඛ්‍යාවක් ඔහු වෙනුවෙන් පෙනී සිටින බැවිනි. ඒ අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ය. පසුගිය ජුලි 4 වන දින නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ නිවේදනයක 2024 සිට වසර පහකට ‘රට හදන වැඩේ ‘රට ගොඩදාපු’ වික්‍රමසිංහට පොහොට්ටුවේ ඡන්දය භාර දිය යුතු බව අවධාරණය කළේ අමාත්‍ය රණතුංගය. එම අමාත්‍යවරයා ‘මේ වෙලාවේ රනිල් තමයි’ යන සටන් පාඨය යටතේ ඡන්ද සටනට ප්‍රබල දායකත්වයක් දෙයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සාර්ථක/අසාර්ථක බව සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ වසර දෙකකට අඩු කාලයක් තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට මුදල් අමාත්‍යවරයා ද වන ඔහු සමත් වූ බවට ජනතාවට සාර්ථකව ඒත්තු ගැන්වීම මතයි.

විදේශීය සහ දේශීය ණය කඳු දෙකකට යටවී දැඩි බලපෑමකට ලක්වී සිටින ශ්‍රී ලංකාව තවමත් බංකොලොත් රටකි. නැතහොත් ගනු ලැබූ ණය ගෙවා ගත නොහැකි රටකි. එම අවාසනාවන්ත පසුබිම අමතක කර වර්තමාන ආර්ථික-දේශපාලනික-සමාජීය තත්ත්වය කිසිසේත් සාකච්ඡා කළ නොහැක.

චීන-ඇමෙරිකා බල පොරය පසුබිමේ ක්‍රියාත්මක භූ දේශපාලනය අමතක කර ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගය සම්බන්ධයෙන් සාකච්ඡා කළ නොහැක. ඒ ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාව ‘සංග්‍රාම භූමියක්’ බවට පත් කරගෙන තිබෙන නිසාය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ඉන්දීය සහ චීන උපාය මාර්ගයන් සමග අනුගත වීම නිසා තත්ත්වය තවත් බරපතලය. යහපාලන සමයේදී (2015-2019) හම්බන්තොට වරාය 99-වසර බදු ගිවිසුමකට යටත්ව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 කට චීනයට භාර දීම ශ්‍රී ලංකා දේශපාලනය නිරුවත් කළේය. ශ්‍රීලනිපය සහ එජාපය එකතුව හම්බන්තොට පාවාදීම කළ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය (අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැතහොත් පොහොට්ටු පක්ෂය) නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එවැනි පාවාදීමකට එරෙහිව විරෝධතාවක් හෝ දෙකක් සංවිධානය කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නැත.

තෙල්-ගෑස් සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සැපයුම විධිමත් කිරීමට වික්‍රමසිංහ -රාජපක්ෂ රජය සමත් වුවත් ආර්ථිකය තවමත් දැඩි සත්කාරක ඒකකයේය. ප්‍රතිකාර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂඥ වෛද්‍යවරුන්ට අවශ්‍ය ආකාරයටය. මෙහිදී අවධාරණය කළ යුතු මූලික කරුණු දෙකක් ඇත. එනම් 2028 දක්වා ණය ගෙවීම අත්හිටුවීම සහ සහනදායී පදනමක් යටතේ 2043 දක්වා ණය ගෙවීමට ලබා දී ඇති අවස්ථාවයි. වසර 2022 අප්‍රේල් තනි තීරණයක් මත ණය ගෙවීම නතර කළ ශ්‍රී ලංකාවට එම තත්ත්වය 2028 දක්වා පවත්වා ගෙන යෑමට නිල වශයෙන් ලැබුණ අවසරය තම ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීම ඇත්ත වශයෙන්ම අපරාධයකි. ණය ගෙවීම 2028 දක්වා නතර කිරීමෙන් රටට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ඉතිරි වන බව පාර්ලිමේන්තුව තුළ සහ පිටත පැවසීම ජනතා මුලාවේ දැමීමක් නොවන්නේද?

ජනාධිපතිවරයාගේ කඳවුර ක්‍රියාත්මක කර ඇති ‘මේ වෙලාවේ රනිල් තමයි’ ඡන්ද ව්‍යාපාරය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ජුනි 26 දින අත්සන් කරන ලද ගිවිසුම් දෙක එම මෙහෙයුමේ ප්‍රධානතම කොටසක් බවට පත්කර ඇත.

ඇමෙරිකානු ඩොලර් බිලියන 5.8 ක් සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 සඳහා පිළිවෙළින් නිල ණය හිමියන්ගේ කමිටුව සහ පැරිස් සමාජයේ රටවල් සහ චීන එක්සිම් බැංකුව ගිවිසුම් ගතවීම ප්‍රාතිහාර්යක් ලෙස දිගින් දිගටම අවධාරණය කරමින් පවතී.

මෙම ගිවිසුම් ගතවීමත් සමගම ණය තිරසරභාවය ළඟාකර ගැනීමට තිබු බාධා සහ පැවැති සියලු අවිනිශ්චිතතාවයන් ඉවත් වන බවත් ජනාධිපතිවරයාගේ කඳවුරේ ප්‍රධානතම සටන් පාඨයක් බවට පත්වී ඇත. ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇති මාර්ගය හැර වෙන විකල්පයක් නොමැති බවයි.

ණය හිමියන් ශ්‍රී ලංකාවට ලබා දී ඇති තාවකාලික සහනය නැතහොත් අපායේ විරාමය මත අතිශය තීරණාත්මක ජාතික මැතිවරණයේදී ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකියාවක් තිබේද? ‘මේ වෙලාවේ රනිල් තමයි’ නැතහොත් ‘මේ වෙලාවේ රනිල්ම තමයි’ කියා රටේ ඡන්දදායකයින් ගෙන් බහුතරයක් ජනාධිපතිවරයා වෙතට ආකර්ෂණය කර ගැනීමට අවස්ථාවක් තිබේද?

දැඩි ලෙස අවධාරණය කිරීමට අවශ්‍ය කාරණාවක් ඇත. මෙම ගිවිසුම් දෙකෙන් ආවරණය වන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක විදේශ ණය පමණි. මෙය සමස්ත ණය නොවේ. සමස්ත ණයෙන් සොච්චමකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සිටින පක්ෂ/මැති ඇමැතිවරු තමන්ට රිසි පරිදි ජුනි 26 දින අත්සන් කරන ලද ගිවිසුම් දෙක පාවිච්චි කරමින් සිටිති.

පාර්ලිමේන්තුවේ එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමි වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ එජාපය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂය) නියෝජනය කරන මැති ඇමැතිවරු කණ්ඩායමක් පසුගිය ඉරිදා (ජුනි 30) මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ ‘එක්ව ජයගමු’ දේශපාලන වේදිකාවකට ගොඩවූයේ ණය ගිවිසුම් ජනතාවට අලෙවි කිරීමට නොවේද? ඊට පෙරදින වැල්ලවායේදී නව සන්ධානය සහ ශ්‍රීලනිපය ඒකාබද්ධ රැලියක් පැවැත්වූයේ වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්වය වර්ධනය කිරීමට බව අමුතුවෙන් කිවයුතු නැත.

මෙම ගිවිසුම් ගතවීම සිදුවන අවස්ථාවේ විදේශීය ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 100 ක් දක්වා සහ දේශීය ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 57.2 දක්වා වැඩි වී තිබූ බව සමගි ජන බලවේගය සමග කටයුතු කරන මන්ත්‍රී මහාචාර්ය ජි. එල්. පීරිස් අවධාරණය කර තිබිණි. එතුමා අවධාරණය කළේ වික්‍රමසිංහ-රාජපක්ෂ ජාත්‍යන්තර සහ දේශීය ණය අර්බුදය තවදුරත් තීව්‍ර වෙමින් පවතින බවත් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පම්පෝරි ගැසීමට දෙයක් නොමැති බවත්ය.

පිල් මාරුව

වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරු පිල් මාරු කරගැනීම තුළ පමණක් එජාප නායකයාට කිසිසේත්ම ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැක. සමස්ත පොහොට්ටු පක්ෂයම වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එකතු වුවත් 2019 නොවැම්බර් පැවැත්වූ ජනාධිපතිවරණයේදී සහ 2020 අගෝස්තු මහ මැතිවරණයේදී පිළිවෙළින් මිලියන 6.9 ඡන්දදායකයන් සහ ආසන 145 ලබා දුන් ජනතාව එම පක්ෂය අනුගමනය කරාවි යැයි සිතිය නොහැක.

2022 සිදු වූ මහා දේශපාලන පෙරළියෙන් පසුව පැවැත්වීමට නියමිත පළමුවන ජාතික මැතිවරණයේ ප්‍රතිපලය කිසිසේත්ම මැති සබය නියෝජනය කරන තම පිල මාරු කරන කපටි දේශපාලනඥයින් මත තීරණය නොවනු ඇත. මහ බැංකු බැඳුම්කර වංචා (2015 පෙබරවාරි සහ 2016 මාර්තු) සහ ඉවක් බවක් නොමැතිව 2015-2019 කාලය තුළ විදේශීය වාණිජ ණය ගැනීම අමතක කර වික්‍රමසිංහ ජනාධිපතිවරයා මතින් දේශපාලන අභියෝගය ජය ගැනීමට උත්සාහ කරන මැති ඇමැතිවරු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටිති. ඒ අවසන් මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටු පක්ෂය) තරග කළ සහ පත්වූ කණ්ඩායමයි. සැලකිය යුතු කණ්ඩායමක් පොහොට්ටු පක්ෂයෙන් වෙන්වී ඇත. එයින් කොටසක් සර්වජන බලය ලෙස තමන්ව හඳුන්වා ගන්නා අතර තව කොටසක් සජබ සමග එක්වී ඇත. තවමත් තීන්දුවක් නොගත් කොටසක් ද ඇත. ඒ අතර හිටපු අමාත්‍යවරයකු වූ ඩලස් අලහප්පෙරුම ද වේ.

ජනාධිපතිවරයාට අභියෝග කරන සමගි ජන බලවේගයට මහ බැංකු බැඳුම්කර වංචා හෝ අවාසිදායක තත්ත්වයක් යටතේ විදේශීය වාණිජ ණය ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නොහැක. ඒ ප්‍රධාන විපක්ෂය 2015-2019 වික්‍රමසිංහගේ එජාපය නියෝජනය කළ බැවිනි. රටට අනර්ථයක් කළ 2017 විදේශ විනිමය පනත ද යහපාලන හපන්කමකි. රට බංකොලොත් වීමට ද එය ප්‍රධාන හේතුවක් විය. එම පනතට ද එදා එජාපය නියෝජනය කළ අද සජබ කණ්ඩායම ඡන්දය දුන් බව රටට මතක් කළ දිය යුතුව ඇත.

රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් රටේ ඉහළම අධිකරණය පසුගිය නොවැම්බර් මාසයේ පොහොට්ටු පක්ෂය සම්බන්ධයෙන් දුන් තීන්දුව අමුතුවෙන් විග්‍රහ කිරීමට අවශ්‍ය නැත. ප්‍රධාන පක්ෂ සහ එම පක්ෂවල නායකයින් සියලුම දෙනා රට බංකොලොත් තත්ත්වයට පත්කිරීමට අඩු වැඩි වශයෙන් වගවිය යුතු බව පැහැදිලිය. පොහොට්ටු පක්ෂයට, සමගි ජන බලවේගයට සහ එජාපයට ඒ අපවාදයෙන් කිසිසේත්ම ගැලවිය නොහැක.

ජනාධිපතිවරයා තනිවම රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීමට කටයුතු කළ බවට ජනතාවට ඒත්තු ගැන්වීමට කරන ව්‍යායාමය නිෂ්පල උත්සාහයකි.

පොහොට්ටු මන්ත්‍රීවරුන්ට අනතුරු ඇඟවීමක්

පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පක්ෂය අතහැර වික්‍රමසිංහ ජනාධිපතිවරයා සරණ යෑමට සිටින මැති ඇමැතිවරුන්ට අනතුරු ඇඟවිය. බත්තරමුල්ලේ පොහොට්ටු කාර්යාලයෙන් පිටත දී පසුගිය අඟහරුවාදා මාධ්‍යයට ඔහු ප්‍රකාශ කළේ පක්ෂය අතහැර යන තම සගයන්ට අත්වන්නේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට වූ ඉරණමම බවයි. අලහප්පෙරුම දේශපාලනිකව අසරණවී කිසිවක් කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වී ඇති බව අවධාරණය කළ මහ ලේකම්වරයා කවුරු වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එකතු වුවත් ඡන්දදායකයින් සහ පක්ෂය අතර සම්බන්ධතාවය කැඩිය නොහැකි බව පැවසීය.

‘මේ වෙලාවේ රනිල් තමයි’ සටන් පාඨය පොහොට්ටු පක්ෂයේ මහ ලේකම්වරයාට අදාළ නැත. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට කිසිවක් කරගත නොහැකි තත්ත්වයක් තුළ 2022 මැයි මාසයේ 12 දින අග්‍රාමාත්‍ය ධුරයට, මැයි 25 දින අමාත්‍ය ධුරයට සහ ජුලි 20 දින ජනාධිපති ධුරයට තෝරා පත්කර ගත් එජාප නායකයාව එදා පොහොට්ටු පක්ෂය ‘වැළඳ’ ගත්තේ ‘මේ වෙලාවේ රනිල් තමයි’ කියා නොවේද? එදා ‘මේ වෙලාවේ රනිල් තමයි’ යන යථාර්ථය නිවැරදි බවට හිටපු ජනාධිපතිවරයා ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපවූ කුමන්ත්‍රණය’ යන කෘතියෙන් සනාථ කළේය. ඒ මීට මාස කීපයකට පෙරය.

පොහොට්ටු පක්ෂයට අවාසිදායක ලෙස වර්ධනය වෙමින් පවතින භූමියේ තත්ත්වය තුළ වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එජාපය අතහැර පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට කොන්දේසි පැනවිය හැකිද? පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබා නොගතහොත් තමන්ගේම ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවට පොහොට්ටු මහ ලේකම්වරයා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මේ අවස්ථාවේ ඉදිරිපත් කළ හැකි කොන්දේසියක්ද?

පොහොට්ටු පක්ෂය ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට පෙර ඔහුට පක්ෂ සාමාජිකත්වය පිරිනැමුවේ නැත. අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය ඉදිරිපිට වසර 2019 නොවැම්බර් 18 වන දින ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ගෝඨාභය රාජපක්ෂ 2022 ජුලි 14 වන දින එම ධුරයෙන් ඉවත් වනතුරුම පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේ නැත. පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය සහ තීන්දු තීරණ ගත හැකි තනතුරක් පක්ෂය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නිර්මාණය කළ යුතු බව එවකට අමාත්‍ය විමල් විරවංශ කළ ප්‍රකාශය එම පක්ෂයේ දැඩි විවේචනයට ලක්විය.

ඇත්ත වශයෙන්ම තවමත් දේශපාලනිකව හුදෙකලා වී සිටින අලහප්පෙරුම මන්ත්‍රීවරයාට වඩා ඔහු 2022 ජූලි 20 වැනි දින දක්වා නියෝජනය කළ පොහොට්ටු පක්ෂය අසරණ ය. සමගි ජන බලවේගයේ ද සහයෝගය ඇතිව මැති සබය හරහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා තේරීමේ තරගයට අලහප්පෙරුම ඉදිරිපත් වූයේ වික්‍රමසිංහට එරෙහිව ය. එම තත්ත්වය තුළ පොහොට්ටු පක්ෂය දෙකඩ විය. ලොකු කොටස වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගත්තේය. වික්‍රමසිංහට තිබුණේ ඇත්ත වශයෙන්ම එක ඡන්දයකි. එයද ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස තිබූ ඡන්දයයි. ඉතිරි ඡන්ද 133 න් කීපයක් හැර සියල්ල පොහොට්ටු ඡන්දය. අලහප්පෙරුමට ඡන්ද 82 හිමි විය. ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට හිමිවූයේ ඡන්ද තුනකි. නමුත් රටේ දේශපාලනය පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් කිසිසේත්ම පිළිබිඹු වන්නේ නැත. පාර්ලිමේන්තුවේ තත්ත්වය විකෘතියකි. එදා ජනාධිපති තේරීමේ ඡන්දයේදී ඡන්ද තුනක් පමණක් හිමිවූ AKD ට පාර්ලිමේන්තුවෙන් පිට ප්‍රබල රැල්ලක් ඇතිවූයේ කෙලෙසද? අවසන් ජනාධිපතිවරණයේදී යන්තම් ඡන්ද 418,553 (3.16%) ලබා ගත් AKD ‘අරගලයත්’ සමගම ප්‍රධාන අපේක්ෂකයකු බවට පත්වීම අවධාරණය කරන්නේ මෙතුවක් කල් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙක ලෙස සැලකූ පක්ෂ/කණ්ඩායම්වල පිරිහීමයි.

වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සූක්ෂම දේශපාලන ක්‍රියාදාමය තුළ ප්‍රධාන ප්‍රවාහයන් දෙක කිසිදා නොවූ ආකාරයට මුසුවී ඇත. වැල්ලවායේ සහ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පිළිවෙළින් ජුනි 29 සහ 30 පැවැත්වූ රැස්වීම් ජනාධිපතිවරයාගේ උපායමාර්ගය අනුව සිදුවිය. එම ක්‍රියාදාමය ඉදිරියේදී තවදුරටත් තීව්‍ර වෙනු ඇත.

මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සිට ගනීවිද? වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ පොහොට්ටු පක්ෂය එතුමාගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද? ඒ වික්‍රමසිංහ -පොහොට්ටු සාකච්ඡාව අසාර්ථක වුවහොත් තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවට එම පක්ෂය ප්‍රකාශ කර ඇති බැවිනි. පසුගිය ජූලි 2 වැනි දින බත්තරමුල්ලේ පොහොට්ටු කාර්යාලයේ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් පැවැත්වූ විශේෂ සාකච්ඡාව අතිශය වැදගත් වන්නේ ඒ නිසාය. අග්‍රාමාත්‍යවරයා ද දැඩි අභියෝගයකට මුහුණ දී ඇත.

- ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.