සර්වජන බලයේ උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත ජනතා සංවාදයට ඉදිරිපත් කරයි
"සර්වජන බලය දේශපාලන එකමුතුව, "සතුටු දැයක් - ව්‍යවසායකත්ව රාජ්‍යයක්" නිර්මාණය කිරීමේ සජ්ජන අරමුණ පෙරදැරි කරගත් තම "උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත" අද(06) ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කරනු ලැබීය.
මෙම සුවිශේෂී කටයුත්ත සිදු කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදීය.
මෙම "සර්වජන උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත" මගින් ජාතික ප්‍රමුඛතා 20ක් පෙන්වා දෙන අතර ඒවා ජයගත හැකි පරිදි "සතුටු දැයක් - ව්‍යවසායකත්ව රාජ්‍යයක්" ගොඩනඟන ආකාරය ජනතාව ඉදිරියේ තබයි. එසේම මෙම කෙටුම්පත මගින් අධ්‍යාපනය, සෞඛ්‍යය, පරිසරය, රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය, ජාතික ආරක්ෂාව, ආර්ථිකය, නූතන මූල්‍ය සම්පත් කළමනාකරණය, විදේශ සබඳතා, සමාජ සුබසාධනය, තාරුණ්‍යය, සංස්කෘතිය සහ කලාව, යුක්තිය, ක්‍රීඩාව, තාක්ෂණය, ජාතික සමඟිය, වැවිලි, කෘෂිකර්මාන්තය සහ පශු සම්පත්, කර්මාන්ත, නාවික, ගුවන් සහ අභ්‍යන්තර ප්‍රවාහන යටිතල පහසුකම්, ප්‍රවාහනය, දේශපාලන ප්‍රතිසංස්කරණ, ණය කළමනාකරණය යන ක්ෂේත්‍ර පිළිබඳව "සර්වජන බලය ප්‍රතිපත්තිමය දැක්ම" වෙන් වෙන් වශයෙන් ජනතා සංවාදය පිණිස ඉදිරිපත් කර තිබේ.
මෙම "උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත" ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අමතා මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයකු වන ගාමිණී වලේබොඩ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී .ඩී. තිලකසිරි යන සර්වජන බලය දේශපාලන එකමුතුවේ නායකයෝ අදහස් දැක්වූහ.
මෙම සුවිශේෂී අවස්ථාවට ඉහත පක්ෂ, ජාතික සංවිධානවල සෙසු නායකයෝ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයෝ ද ව්‍යවසායකයෝ, විද්වත් වෘත්තිකයෝ ඇතුළු දෑහිතකාමී පිරිසක් ද එක්ව සිටියහ.
මාධ්‍ය අංශය,
සර්වජන බලය















සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්