News Category
From Date
To Date
Maximum Number of Result

බොලිවියාවේ හමුදා කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයෙන් ආචාරය පුදකරයි

Jul 5, 2024 at 01:11 PM
|

බොලිවියාවේ හමුදා කුමන්ත්‍රණය පරාජය කිරීම  වෙනුවෙන් ජනාධිපති Luis Arce, හිටපු ජනාධිපති Evo Morales සහ බොලිවියානු ජනතාවට ආචාර පුදකර සිටින බව ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය පවසයි.

එම සහයෝගිතාවයේ සම්බන්ධීකරණ ලේකම් ජීවන්ත ජයතිස්ස මහතා විසින් නිවේදයක් නිකුත් කරමින් පවසන්නේ එක්සත් ජනපදයේ පිටුබලය ලබන අධිරාජ්‍යවාදීන් විසින් බොලිවියාවේ සිදුකල හමුදා කුමන්ත්‍රණය, දකුණ අස්ථාවර කිරීමේ තවත් උත්සාහයක් බවත්, ජනාධිපති ලුයිස් ආර්ස් මේ සඳහා  කඩිනමින් පියවර ගැනීම හේතුවෙන් එම කුමන්ත්‍රණය අසාර්ථක වූ බවත් ය.

අදාළ නිවේදය පහළින්...

බොලිවියාවේ හමුදා කුමන්ත්‍රණය පරාජය කළ ජනාධිපති ලුයිස් ආක්, හිටපු ජනපති ඉවෝ මොරලෙස් සහ බොලිවියානු ජනයාට අපගේ ගෞරවණීය උත්තමචාරය!

මූලිකවම වෙනිසියුලානු ජාතික මානව හිතවාදී අසාහය නායකයා වන සයිමන් බොලිවාර් සම්බන්ධයෙන් හදාරද්දී බොලිවියාව යන රට ශ්‍රී ලංකාවේ අපට  හමුවේ. ඉන් නොනැවතී අද්වීතීය විප්ලවාදියෙකු මෙන්ම අධිරාජ්‍යය විරෝධී ලෝක නායකයෙකු වන චේ ගවේරා සහෝදරයා ගේ ජීවිත කතාව හදාරද්දී ශ්‍රී ලංකාවේ අපට බොලිවියාව හමුවේ. ඉන් පසුව අපගේ දේශපාලන හැදෑරීම තුළ බොලිවියාව අපට හමුවන්නේ බොලිවියාවේ දැවැන්ත අධිරාජ්‍ය විරෝධී දේශපාලන භූමිකාවක් ඉටු කරමින් සිටින ඉවෝ මොරලෙස් සම්බන්ධයෙන් හදාරද්දීය.

අප ඉහතින් විස්තර කළ අපගේ ගෞරව ආදරයට ලක්වූ බොලිවියාව සම්බන්ධයෙන් අසන්නට ලැබුණු හමුදා කුමන්ත්‍රණ ප්‍රවෘත්තිය මගින් දකුණු අමෙරිකාව අස්ථාවර කර තම දඩ බිම් ශක්තිමත් කිරීමට කැස කවන අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ට බොලිවියාව තුළ ජයග්‍රහණයක් අත්වූවාදැයි යන කණගාටුව අප තුළ ඇති විය. එහෙත් ඉතාමත් කෙටි කාලයක් තුළ ජනාධිපති ලුයිස් ආර්ස් ගේ ආණ්ඩුව හමුදා කුමන්ත්‍රණයට සහභාගි වූ ඉහළ හමුදා නිලධාරියා අත් අඩංගුවට ගැනීමට කටයුතු කිරීම අධිරාජ්‍ය විරෝධී කඳවුරේ සිටින අපගේ සතුටට හේතු විය.

බොලිවියාවේ අනාගතය සුරැකිමට බොලිවියාවේ හමුදා කුමන්ත්‍රණය පරාජය කරවීමට හිටපු ජනාධිපති ඉවෝ මොරලෙස් සිය සාමාජිකයා මෙහෙය වූ ආකාරය දෙස බලන විට ඔහු කියුබාවේ අසාහය නායකයා වූ ෆිදෙල් ක්‍රස්තෝගෙන් නිවැරදිව ඉගෙන ගෙන ඇති බව පෙනී යයි.

එලෙසම බොලිවියානු ජනයා තම මව්බිම පළමුකොට තබා බොලිවියානු ජනාධිපතිවරයා මුහුණ දුන් අසීරු දේශපාලන මංසන්ධිය පසුකර යාමට දැක්වූ කැපවීම ලොව සියළුම රටවල අධිරාජ්‍ය විරෝධී ජනයාගේ චිත්ත ධෛර්ය වඩවන බව කිව යුතුමය.

එලෙසම බොලිවියානු ජනයා මුහුණ දුන් අසීරුසහගත මොහොත පසුකර යාමට අමෙරිකානු රාජ්‍ය සංවිධානය ( Organization of American States) අතුළු සංවිධාන මෙන්ම, කියුබාවේ, චිලියේ, වෙනිසියුලාවේ සහ දකුණු අමෙරිකානු කළාපයේ රාජ්‍ය නායකයන් දැක්වූ දායකත්වය දකුණු අමෙරිකානු කළාපයට සැතපුම් දහස් ගණනක් දුරින් සිටින අධිරාජ්‍ය විරෝධී අපගේ චිත්ත ප්‍රිතියට හේතුවිය.  කෙසේ වුවද කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ 637 වතාවක් ඝාතනය කිරීමට අමෙරිකානු අධිරාජ්‍යවාදීන් ගනු ලැබූ නිහීන උත්සහායන් සළකා බැලීමේදී බොලිවියාට එරෙහි ඔවුන්ගේ මැදිහත් වීම මෙතැනින් අවසන් වන්නේ නැති බව අපගේ විශ්වාසයයි.

2019 දී ඉවෝ මොරලෙස් මහතා වෙත තනතුරු හැරයාමට සැලැස්වූ මත භේදයට තුඩු දුන් බොලිවියානු ජානාධිපතිවරණයෙන් බලයට පත්වූ හිටපු අන්තර්වාර ජනාධිපති ජෙනීන් ඇනෙස් නැවත පාලනයට ගෙන ඒමට එළි දැක්වූ කුමන්ත්‍රණයට ආශීර්වාද කළ සමහර රාජ්‍ය කිහිපයක් සිටින බව මාධ්‍ය මගින් අප දුටුවෙමු. කුමන හේතුවකට හෝ කිසියම් අයෙකු අමෙරිකානු අධිරාජ්‍යවාදීන් මෙහෙයවන කුමන්ත්‍රණ වලට සහයෝගය දෙන්නේ නම් අද යුක්‍රේනයට අත්වී ඇති ඉරණම හැදෑරිය යුතු යැයි අපි අවධාරණය කරමු. අධිරාජ්‍යවාදීන් තමනට සහයෝගය දෙන කුමන මට්ටමේ රටක් හෝ ජාතියක් විනාශ මුඛයට ඊළඟ මොහොතේ ඇදගෙන යනු බව නැවත සිහිපත් කරමු. නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමවේදයට රුසියාව සහ චීනය එකව එල්ල කරන ප්‍රහාරයෙන් ඇද වැටෙන ගෝලිය උතුරේ අනිවාර්ය දඩ බිම් ලතින් අමෙරිකාව, අප්‍රිකාව, ආසියාව සහ යුරෝපයේ ස්වාධීන රාජ්‍යද එකතු වන බව අද වන විට තහවුරු වී තිබේ. ඒ අනුව අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ට ඉතාම සමීපයෙන් සිටිමින් කියුබානු ජනයා තම විප්ලවය සහ තම මව්බිම රැක ගැනීමට ගන්න ධෛර්ය ආදර්ශයට ගැනීම ලතින් අමෙරිකානු රටවලට පාඩු නොවන බව අපගේ හැඟීමයි. 

අප වැනි ආසියානු රටවල අධිරාජ්‍ය විරෝධී ජනයාට බොලිවියානු ජන නායකයන් මෙන්ම බොලිවියානු ජනයා තමන් මුහුණ දෙන තීරණාත්මක දේශපාලන අභියෝගය ජයග්‍රහණයෙන් අවසන් කිරීමට කටයුතු කිරීම මගින් ලබා දුන් ආදර්ශය අපව අතිශයින් ධෛර්යමත් කළ බව සඳහන් කරමු.

අධිරාජ්‍ය විරෝධී ලෝක පරිමාන සටනට ජයවේවා.

Jeewantha Jayatissa,
Bolivarian Solidarity of Sri Lanka

සම්බන්ධිත පුවත් | Related News

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.
ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.
පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.
මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

ප්‍රධාන පුවත්

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.