උතුරේ වෙසෙන සිංහලයන්ගේ ගැටලුවලට විසඳුමක් ඉල්ලූ විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රශ්නය මගහැර ගිහින්
උතුරේ වෙසෙන හඬක් නොමැති සිංහල මිනිසුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් රජයෙන් සිදුවිය යුතු කාරණා ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත සංදේශයක් බාර දීමට සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ(2) කටයුතු කළහ.
එහෙත් ඒම සංවිධාන පවසන්නේ මේ සියළු ගැටළු ලිඛිතව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදුන් නමුත් ඒ ගැන කිසිදු පිළිතුරක් නොලැබුණු බවය.
එම සංවිධාන නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.
අදාළ නිවේදනය පහළින්...
උතුරේ වෙසෙන සිංහලයන් ගේ ගැටළු වලට විසඳුමක් නොදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් මගහරී..
උතුරේ වෙසෙන හඬක් නොමැති සිංහල මිනිසුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් රජයෙන් සිදුවිය යුතු කාරණා ගැන සංදේශයක් බාර දීම සඳහා සිවිල් සංවිධාන කිහිපයක් එකතුව 2024.07.02 දින උදේ 10.00ට කොළඹ නිදහස් චතුරස්‍රය අසල පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුවී එම සංදේශයක් ඉදිරිපත් කරන ලදි.
මේ සඳහා විවිධ සංවිධාන කිහිපයක් ඊට එකතුව කටයුතු කල අතර මේ සියළු ගැටළු ලිඛිතව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් වරයා වෙත භාරදුන් නමුත් ඒ ගැන කිසිදු පිළිතුරක් නොලැබිණ.
🔹උතුරේ සිංහල ගම්මාන වල පදිංචි සිංහලයන්ට සිදුවන අසාධාරණ කම්
🔹විවිධ ප්‍රාදේශීය ලේකම් වරුන් විසින් නැවත පදිංච් කිරීමෙිදී සිදුකෙරෙන
අත්තනෝමතික ක්‍රියා සහ නොසලකා හැරීම්
🔹රාජ්‍ය පරිපාලන ලේකම් වරයා විසින් ඉදිරිපත් කරන ලද ගැටළු සඳහා ඉටුකල හැකි දේ පවා සිදු නොකර සිටීම.
🔹සීමා නිර්ණය කමිටු වලින් ලබා දුන් නිර්දේශ සහ අනුමැතිය ලබා දීම නොසලකා හැරීම
🔹අග්‍රාමාත්‍ය වරයා විසින් ලබා දිය යුතු අනුමැතිය සහ නිර්දේශ පමා වීම.
🔹උතුරේ සහ නැගෙනහිර සිංහල ගම්මාන සඳහා ප්‍රමාණවත් යටිතල පහසුකම් නොලැබීම
🔹පානීය ජලය ප්‍රවාහනය පාසැල් වල ගුරු හිඟය සඳහා විසඳුම් පමාවීම
යන කාරණා ලිඛිතව කරුණු සහිතව ඉදිරිපත් කලද රාජ්‍ය පරිපාලන ලේකම් වරයා ඊට සාධාරණ විසඳුමක් හෝ ලබා දීමට කටයුතු නොකරන ලදි.
කරුණු එසේ වුවත් මේ සඳහා තව දුරටත් අදාල බළධාරීන් සහ රජය දැනුවත් කිරීමටත් කවර බාධක අභිමුවේ වුවද ඒ හරහා නිසි විසඳුම් ලබා ගැනීමටත් කටයුතු කරන බව දන්වනු කැමැත්තෙමු.
මේ සදහා ඔබෙන් ලැබෙන සහාය ධෛර්ය ඉතාමත් ගෞරවයයෙන් යුතුව සිහිපත් කරන අතර තවදුරටත් අප සමග එක්ව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.
ඔබේ සහාය සහ ශක්තිය අවැසිම මොහොතයි.
අගමැති වරයා සහ රාජ්‍යය පරිපාලන ලේකම් වරයා ගේ මේ නිද්‍රාශීලී පිළිවෙත පිළිබඳව මේ රටේ උතුරු සහ නැගෙනහිර පදිංචි හඬක් නොමැති සිංහල ජනතාව වෙනුවෙන් මේ රටේ ජාතිකවාදි කඳවුරේ දැඩි විරෝධය මෙයින් දන්වා සිටිමු.
🔹 දේශප්‍රේමී ජාතික බලවේග එකමුතුව
🔹 භූමිපුතු පෙරමුණ
🔹 පිවිතුරු හෙළ උරුමය විකල්ප කණ්ඩායම
🔹 සසුන රැකුමට සිංහල ගෝලිය එකමුතුව
🔹 සිංහල එකමුතුව සංවිධානය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්