ජපානය, ලංකාව තුළ අත්හිටවූ සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කරයි
ජපානය ලංකාව තුළ අත්හිටවූ සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කරන්න ගිවිසුම් අත්සන් කළා යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, චීන රජයේ ආධාර මත අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ලද බිත්තර රැක්ක වීමේ යන්ත්‍ර සහ විමධ්‍යගත අරමුදලින් කඩුවෙල ආසනයේ සමිති සඳහා නෙස්කැෆේ මැෂින් බෙදාදීම සඳහා අරංගල සණස ශාලාවේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
“රට මුහුණ දුන්නු අර්බුදකාරී අවස්ථාවෙන් ගොඩ එම සඳහා ඔබ සැම විශාල කැපවීමක් කර තිබෙනවා. දෙවැනි යුද්ධ කාලේ මතක අය තවමත් ඉන්නවා. ඒ කාලේ ගැන අහලා තියෙනවා. ජපන්නු බෝම්බ දානකොට බජිරි කාලා ජීවත් වෙච්ච මාස ගණනාවක් අපි ගතකලා. අපේ පාසල් නගරවලින් ඈත පළාත්වලට ගෙන ගියා. මේවා ඇත්තටම සිද්ධ වුණ කතා. ඒ තරම් අමාරු තත්ත්වයකින් ගොඩක් ආපු අපි යළිත් වරක් එවැනි තත්ත්වයකට මුහුණ දුන් නිසා පසුගිය වසරේ රාජ්‍ය වියදම් සියයට අනුවකින් කපා හරින්න අපට සිද්ධ වුණා.
කොළඹ දිස්ත්‍රික්කය තමයි වඩාත්ම ගැටලු වලට මුහුණ දුන්නු දිස්ත්‍රික්කය. මේ තරම් ලොකු කැපකිරීමක් මහජනතාව සිදු කළේ යම්කිසි ප්‍රගතියක් අත්පත් කර ගැනීමටයි. විශ්වාසය දැක දැකයි අපි ඉදිරියට යන්නේ. විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයෝ මෙතන ඉන්නවා. ඔබේ විශ්‍රාමය එක මාසයක්වත් අපි නොදී හිටියේ නැහැ. අමාරුම තත්ත්වයන් තුළත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විදිහට භාණ්ඩාගාරයෙන් මුදල් අරගෙන රාජ්‍ය සේවකයෝ දා හතර ලක්ෂයකට මාසයකට සැරයක් පඩි ගෙව්වා. විනාශ කරන්න ඕන තරම් අය ඉන්නවා. හිංසාකාරීන් ඕන තරම් ඉන්නවා. යථාර්ථවාදීව ගැටලු වලට මුහුණ දෙමින් රට ගොඩනැගීමේ ක්‍රියාවලියට අපි සහ ඔබ මුහුණ දුන්නා.
අපේ රට කෙරෙහි විදේශ රටවල විශ්වාසය යළිත් අපි දිනාගෙන, බැංකු ක්‍රමය දිනාගෙන ජාත්‍යන්තරව ගනුදෙනු කරන්න පුළුවන් තත්ත්වයට රට ගෙන ආවා. අපි වැටුණු අර්බුදයේදී අපිට ජාත්‍යන්තරව එල්. සී එකක් ඕපන් කරන්න බැරි තත්ත්වයක් තිබුණා. එවැනි තත්ත්වයක් නැති අලුත් වාතාවරණයක් ශ්‍රී ලංකාවට උදා කර ගන්න අද පුළුවන්කම ඇතිවෙලා තියෙනවා. කාලයක් මූල්‍ය අර්බුදය නිසා විමධ්‍යගත මුදල් ලැබුණේ නැහැ. ගිය අවුරුද්දේ අයවැයෙන් විමධ්‍ය ගත සංවර්ධන ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා පළාත් සභා ව්‍යාපෘතිවලට. ප්‍රගතියට අඩිය තබමින් තිබෙන අවස්ථාවක ප්‍රබුද්ධ ජනතාව සමග මේ මොහොත ගත කරන්නේ. මේ සමිති සමාගම්වලින් සාමාජික සාමාජිකාවන්ට ලබා දිය හැකි සේවාවන් පුළුල් කරගත යුතුයි.
අපේ රටේ දැන් දැන් පොදු සංවිධාන අඩුවෙලා තනි සංවිධාන ගමන් කරන ආර්ථික ව්‍යාපාරයක් පවතිනවා. සමූපකාර අපේ රටේ ආරක්ෂාවක් ඒක නිසා අමාරුවෙන් හරි සණස ආදී විවිධ සංවිධාන ආරක්ෂා විය යුතුයි. අපේ සමාජයේ අමාරුවෙන් ජීවත්වෙන පිරිස හැටියට සහන ලබන්න රජය විශාල මුදලක් වෙන් කර තිබෙන්නේ. වැඩිහිටියන්, අඩු ආදායම්ලාභීන්, දුබල තත්ත්වයෙන් ජීවත් වන පිරිස් සඳහා ආධාර වැඩි කිරීමටත් අඛණ්ඩව ලබා දිය හැකි වෙනත් පහසුකම් ලබා දීමටත් පසුගිය වසරේ සිට විශේෂ වැඩ පිළිවෙලක්දිත් කර තිබෙනවා.
මෙවැනි අර්බුදයකට වැටුණු අනිත් රටවල් අත්හදා බලපු ක්‍රම වලට වඩා අපි සියලු දෙනා සාකච්ඡා කරලා රටේ පවතින අමාරුකම්වලට සුවිශේෂ අවස්ථාවක් ලබා දුන්නා. ඉදිරි වසර විස්ස ලංකාවේ ජනගහනයෙන් වැඩිහිටි ජනතාව විශාල ප්‍රමාණයක් බවට පත්වෙනවා. එම ජනතාවගේ අභිලාෂයන්, ප්‍රාර්ථනාවන් වෙනුවෙන් විවිධ සේවාවන් ආරම්භ කිරීමට සිදුවෙනවා. එම සැලසුම් සකස් කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන පරිවර්තනය කළ යුතුයි. ඊ. පී. එෆ් කියන්නේ වැඩ කරන ජනතාවගේ ආසියාවේ තියෙන ලොකුම බැංකුවයි. විශ්‍රාම යනකොට ගෙවීම පමණක් නෙවෙයි ඊට පස්සෙත් වැඩිහිටි ජනතාව වෙනුවෙන් සේවය කරන ආකාරය පිළිබඳව දැන් අපි සාකච්ඡා කරමින් සිටිනවා.
බිත්තර රැකවීමේ යන්ත්‍ර අඩු ආදායම් ලබන ජනතාවගේ ආදායම් මාර්ගයක් විදිහටත් පෝෂදායි ආහාරයක් විදිහටත් හරි ක්‍රමවේදය අනුව මෙහෙයව්වොත් හැම ගෙයක් දොරක්ම අවුරුද්දකදී ආවරණය කරන්න පුළුවන්. චීන රජය ලංකාව පුරා මෙම යන්ත්‍ර ලබාදීමේ වැඩසටහන සඳහා සම්පූර්ණයෙන්ම දායකත්වය ලබාදෙනවා. යදාමිණි ගුණවර්ධන මැතිතුමා ග්‍රාමීය පොදු සංවිධාන සමඟ වැඩකටයුතු රාශියක් යෝජනා කර තිබෙනවා. මන්ත්‍රීවරයාත් ප්‍රාදේශීය ලේකම්වරයාත් මහජනයාත් ඇතුළු සමිති සමාගම්වල සාමාජිකයින් එකට අත්වැල් බැඳ ගත යුතුයි. විශ්වාසයට විශාල පෙරළියක් කරන්න පුළුවන්. අවිශ්වාසයෙන් සිටි අය බොහෝ දේවල් කිව්වා.
චීනය පසුගිය දා ලංකාව සමග සහන ගිවිසුමට අත්සන් තැබුවා. චීනය ලංකාවේ ආණ්ඩුවට ආර්ථිකය ඉදිරියට ගෙන යන්න අවශ්‍ය සහයෝගය ප්‍රකාශ කළා. අත්හිටුවන ලද සියලු ව්‍යාපෘති ආරම්භ කිරීමට පසුගියදා ජපානය අත්සන් කළා. අලුත් ගිවිසුම් යටතේ අපේ ආර්ථිකයේ ප්‍රාණය යළි ගොඩනගන්න රජයේ දෙපාර්තමේන්තුවට පමණක් නෙවෙයි පුද්ගලික අංශයට විශේෂයෙන් ව්‍යාපාරික පැලැන්තියට උත්සහ දරන නව පරම්පරාවට මේ හරහා සහයෝගය ජනිත වෙනවා. රජයක් හැටියට ආර්ථිකය ඉදිරියට යන අඩිතාලමක් අපි යොදලා තියෙනවා.
කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම් ගොඩගේ, කඩුවෙල නාගරික ලේකම්, ම.එ.පෙ. තරුණ සංවිධානයේ විධායක සභික චන්දන පුෂ්පකුමාර, ප්‍රජා සංවිධාන නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.
– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්