
හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපකරුවන් අතර ශ්‍රී ලාංකිකයන්ද ඇති බව තහවුරු වෙලා
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන්නේ ගාසා තීරයේ උතුරු කොටසේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙකු ගාසා තීරයේ දකුණු කොටස දක්වා ගමන් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වන බවයි.
එම පිරිස ගාසා තීරයේ වෙසෙන අනෙක් පිරිස් සමග ඊජිප්තුව වෙත ගමන් කිරීමට සැලසුම් කරමින් සිටින බව ඔහු සඳහන් කරන අතර, හමාස් සංවිධානය අත්අඩංගුවේ පසුවන පිරිස අතර ශ්‍රී ලාංකිකයන් ද සිටින බවට තොරතුරු තහවුරු වී ඇති බවත් ඔහු පවසයි.
"මේ වන විට විශේෂයෙන්ම ගාසා තීරයේ උතුරු කොටසේ සිට දකුණු කොටස දක්වා එහි පදිංචි ජනතාව ගමන්කොට තියෙනවා. ඒ අතර ශ්‍රී ලාංකිකයන් 27ක් සිටින බව පලස්තීන කාර්යාලයේ සිටින අපේ පලස්තීන නියෝජිතතුමා විසින් පැහැදිලි කරනු ලැබුවා. ඒ 27 අනෙකුත් පිරිස සමඟ ඊළඟට ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා ඊජිප්තුව කරා. ඔවුන් විසින් විවෘත කරනු ලබන මාර්ගයක් ඔස්සේ ඒ සඳහා කටයුතු සම්පාදනය කිරීම පලස්තීන කාර්යාලය විසින් සිදුකරනු ලබනවා.
ඒ අතරතුර රතු කුරුස සංවිධානය දැනට ඉල්ලීමක් කරලා තිබෙනවා, හමාස් සංවිධානයේ ප්‍රධානීන්ගෙන් ඔවුන් සැකකරන 150ක් පමණ වූ ඊශ්‍රායල සහ විදේශික ජාතිකයන් ඔවුන්ගේ අත්අඩංගුවේ තිබෙනවා. ඒ අත්අඩංගුවට පත්වෙලා ඉන්න සියලුදෙනාගේ විස්තර ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් 36ක විදේශිකයන් ඒ අතර සිටින බව දැනට සනාථ වෙලා තිබෙනවා. මං හිතනවා ඒ විස්තර ලැබුණොත් අපේ අතුරුදහන් වූ පුද්ගලයන් දෙදෙනා පිළිබඳව එම ස්ථානයේ තිබෙනවා නම් අපිට ඒ තොරතුරු ලබාගැනීමේ හැකියාව තියෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
