News Category
From Date
To Date
Maximum Number of Result

NPPය බුද්ධිමය දේපොළ හොරකමක ද? - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස

Jul 1, 2024 at 02:33 PM
|

පසුගිය ජූනි මස 29 දින මාලිමාවේ 'ක්වොන්ටම් ලීප්' දේශණයකදී මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විසින් එලි දක්වන ලද 'විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තියේ' අයිතිය පිළිබඳව ඇති සංකූලතාවය පිළිබඳව ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසා සිටියේ මාලිමාව යම්කිසි 'ඉන්ටර්ලෙක්චුවල් ප්‍රොපර්ටි' හොරකමක යෙදී ඇතිදැයි සැකයක් මතුවන බවයි. 

ඒ මහතා මේ පිළිබඳව වැඩිදුරටත් මෙසේද පැවසීය, 

"මාලිමාවේ 'ක්වොන්ටම් ලීප්' හෙවත් 'විශාල ප්‍රමාණයකින් හදිසියේ වැඩිවීම' දේශන මාලාවේ ජූනි 29 දින පැවති දේශනයකදී නිවේදකයා දේශකයාව හඳුන්වා දෙමින් ප්‍රකාශ කර සිටියේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණික ප්‍රතිපත්තිය හදපු කමිටුවේ සාමාජිකයෙක් ලෙසයි.

නමුත් මහාචාර්යවරයා එතුමාගේ කතාව ආරම්භයේදී මෙසේ පවසනව,

"අප අද එකතු වෙලා ඉන්නෙ ඉතාමත්ම වැදගත් කාරණයකට. මම විතරක් නොවෙයි, ලෝකය පුරා විසිරී සිටින මම වගේම රටට ආදරය කරන විද්‍යා හා තාක්ෂණ ක්ශේත්‍රයේ ඉන්න ප්‍රවීනයින් රැසක් එකතු වෙලා තමයි අපි මේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය හැදුවෙ. ඉතිං මට පුංචි කාරණා ටිකක් කියන්න තියෙනව. අපි මේ වගෙ තැනකට ආවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මේ මොකක්ද කරණ දේශපාලනය කියල. මම මෙතනට ආවෙ දේශපාලනය කරන්න නෙවෙයි. හැබැයි දේශපාලනයෙන් වියුක්ත කිසිම දෙයක් අපේ රටේ නෑ. අපි හැමෝටම දේශපාලනයේ කොටස් තියෙනව. ඉතිං අන්න ඒ කොටස කරන්න තමයි අපි, මම අද මෙතනට ආවෙ. ඉතිං අපිට ඒ අවස්ථාව ලබාදුන්න ජාතික ජන බලවේගයට බොහොම ස්තුතියි. අපි, මගේ කාර්‍යභාරය වෙන්නෙ ඇත්තටම මේ අපේ ප්‍රතිපත්තිය ගැන හඳුන්වා දෙන්න. ඉතිං මම ඉතා වැදගත් කාරණයක් මතක් කරණවා. අපි මේ ප්‍රතිපත්තිය කරන්නෙ ඔබට ලබා දෙන්නට. ඔබ මෙය හොඳින් කියවන්න. ඒ සමගම ඒ සඳහා ඔබගේ අදහස් දක්වන්න. අපි යම්කිසි කාළයක් ලබා දෙනව ඔබේ අදහස් දක්වන්න. මොකද මේක මටවත්, අපේ කමිටුවටවත්, ජාතික ජන බලවේගයට විතරවක් හදන එකක් නොවෙයි. මේක හදන්නෙ රටට. ඉතිං ඔබේ අදහස් ඉතා වැදගත්".

එසේ තමයි මහාචාර්‍යතුමා එතුමාගේ කතාවේ ආරම්භයේ පවසා හිටියෙ. එතුමා එහිදී පවසා සිටියේ නැහැ එතුමාලට එම කටයුත්ත සිදු කිරීමට ජා.ජ.බ. ය පැවරීමක් කල බවට. එසේ ජා.ජ.බ ය එතුමාලට යම්කිසි පැවරීමක් කරානම් එයත් එතුම නිර්ලෝභීව පැවසිය යුතුව තිබුනා. එතුමා එසේ නොපැවසීම නිසා අපට එතුමාගේ කතාව ඔස්සේ පැහැදිලි වන්නේ ස්වාධීනව එතුමාල විසින් සාදන ලද ප්‍රතිපත්ති මාලාවක් ජා.ජ.බ.යේ වේදිකාවේදී ජනතාවට ඉදිරිපත් කල බවයි.

එසේනම් නිවේදකය ජා.ජ.බයේ අනුදැනුම ඇතිව හෝ නැතිව පවසා තියෙන්නෙ මුසාවක් හා ඉන් සිදුව තියෙන්නෙ බුද්ධිමය දේපොළ හොරකමක්. ඉන්ටර්ලෙක්චුවල් ප්‍රොපටි හෙවත් බුද්ධිමය දේපල සොරකම් කිරීම අනෙකුත් සියළුම හොරකම් අභිබවා යනව.

මේ පිළිබඳව ජා.ජ.බය කිසිඳු පැහැදිලි කිරීමක් මේ දක්වා සිදු කර නැහැ. ජා.ජ.බයට සම්බන්ධ මා දුටු මාධ්‍ය ජාල වල පැවසෙන්නෙ මෙය ජා.ජ.බයේ  ප්‍රතිපත්ති බවයි.

මෙතනදි තවත් පැනයක් ඇතිවෙනව. නිවේදකය පවසනව ප්‍රථම වතාවටයි මේ ප්‍රතිපත්ති මාලාව නිකුත් කරන්නෙ කියල. එසේනම් ජා.ජ.බයේ කිසිදු කෙනෙක් ඊට පෙර නොදුටු ප්‍රතිපත්ති මාලාවක් කෙසේද ඔවුන් පවසන්නෙ එය ඔවුන්ගේ ප්‍රතිපත්ති මාලාව යැයි කියල?

ප්‍රතිපත්ති මාලාවක් නැතිව ඉඳල එක පාරටම ප්‍රතිපත්ති මාලාවක් ලැබීමනම් 'ක්වොන්ටම් ලීප්' එකක්ම තමයි. අවුරුදු දෙකකදි විදේශ ණය ප්‍රමාණයත් ඩොලර් බිලියන 80 වෙ ඉඳල ඩොලර් බිලියන 100 දක්වා ඩොලර් බිලියන 20 කින්ම වැඩිවීමත් 'ක්වොන්ටම් ලීප්' එකක් තමයි. ඒ වගේම 'ක්වොන්ටම් ලීප්' එකක් තමයි යහපාලන කාලෙ ඩොලර් බිලියන 12.5 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වැඩිවීම. අරගලයෙන් පසුව තෙල් වලට, විදුලි බිලට ආදියේ මිලටත් ඔය කියන 'ක්වොන්ටම් ලීප්' එක ලැබිල තියෙන්නෙ. ළඟදිම ජල කළමනාකරණ පනත ආව විට ජල බිලටත් 'ක්වොන්ටම් ලීප්' එකක් ලැබේවි. 'ක්වොන්ටම් ලීප්' එක හොඳටම ලැබුනෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට. එතුමාට පාර්ලිමේන්තුවේ තිබුනෙ එක ආසනයයි. දැන් ඒ පාර්ලිමේන්තුවෙම ස්ථිර ආසන 134 ක් තියෙනව. අරගලකරුවන්ටනම් 'ක්වොන්ටම් ලීප්' එකෙන් පමණක් නොවෙයි 'බිග් බෑන්ග්' එකෙනුත් පහර වදිනව. ඉස්සර අදෝවාතයක් ගියත් ගෝල් ෆේස් එන්න හැකියාව තිබුන එකේ දැන් නහයෙන් උඩට ජලයේ ගිලුනත් නහය උස්සන්න බැරි ගානට මට්ටම් කරල. ඒකත් නීතියේ ආධිපත්‍යයේ 'ක්වොන්ටම් ලීප්' එකක්. ඉස්සර ලීටර් 33,000 හෙ පෙට්‍රල් බව්සරයක් ගිනි තැබුවත් උද්ගෝෂකයින් අත්අඩංගුවට ගැනීමට නොහැකි කාලයක් තිබුනෙ. ඒ විතරක් නොවෙයි අධිකරණයට වැඩිය පාර්ලිමේන්තුවටත් එවැනි 'ක්වොන්ටම් ලීප්' එකක් ලැබිල. ජනාධිපතිතුමයි අධිකරණ ඇමතිතුමයි දෙන්නම හිටු කියල අධිකරණයට චැලෙන්ජ් කරණව. බැලුවහම අදානිටත් 'ක්වොන්ටම් ලීප්' එකක් දීල තිබිල තියෙනව. ටෙන්ඩර් කරහම සුලං බලය ඩොලර් සත 4යි. ටෙන්ඩර් නැතිවම අදානිට ඩොලර් සත 8යි. තව මේ වගේ 'ක්වොන්ටම් ලීප්' කොපමණ ඇත්ද. මීට කලින් විශ්‍රාම යන සෙබළුන්ට ලැබෙන්න තිබුන 'ක්වොන්ටම් ලීප්' එක ඔය කියන යහපාලනය ප්‍රමුඛ ජවිපෙ මාලිමාව විසින් නැති කරා. විශ්‍රාම ගොස් ලබන රුපියල් 40-50 දාහට අමතරව 'ඇවන්ගාර්ට්' එකට බැඳිල ‍රුපියල් ලක්ෂ 5-6 ක වැටුපක් ගන්න තිබුන එක නැති කරා. පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරකයන්ගෙ පියා සහ ඒ පිළිබඳව විමර්ශණය කරපු බුද්ධි නිලධාරීන්ද මාලිමාවට ගොඩවීමත් 'ක්වොන්ටම් ලීප්' එකක් තමයි. සාමාන්‍යයෙන් ව්‍යවාහාරික කාරණයක් තමයි විද්‍යාඥ ගනයේ සිටින උගතුන් සහ විද්වතුන් දේශපාලනය පිළිබඳව වැඩිදුර හැදෑරීමක් නොමැති බව. එවන් අය හට යම්කිසි දේශපාලන දේශකයෙකුගෙ මැන්චෝසන් වර්ගයේ සුරංගනා කතා ඇසීමෙන් ලැබෙන උත්තේජනයත් එයාලට ලැබෙන 'ක්වොන්ටම් ලීප්' එකක් තමයි. සමහර කාලවල 'ක්වොන්ටම් ලීප්' එක දිරව ගන්නත් බැරි වෙනව. ඒ වගේ දිරව ගන්න බැරිඋන 'ක්වොන්ටම් ලීප්' තමයි බෝම්බ බියෙන් තොරව මහමඟ බස් රථවල දුම්රියේ ආදියේ ගමන් කිරීමට ලැබීමේ ආරක්ෂක තත්ත්වය, ආසියාවේ හොඳම වැඩිම චීනයට පමණක් දෙවැනිවූ ආර්ථික වර්ධනය ලැබීම, පැය පහක් හයක් ගතවූ මාතර කොළඹ ගමනාගමනය පැය එකහමාරකට දෙකකට අඩුවීම ආදිය. රටේ ආරක්ෂාව පිළිබඳව තිබුන තත්ත්වයටනම් 2019 පාස්කුවේදි 'බිග් බෑන්ග්' එක වැදුන. ජාත්‍යන්තර වශයෙන් IMF එකෙන් 'ක්වොන්ටම් ලීප්' එක හරියටම වැදුන ආර්ජන්ටිනාව සහ කෙන්යාව අද මහ පාරෙ උද්ඝෝෂණය කරනව IMF එකෙන් යන්න කියල. වඩා හොඳ ජීවන තත්ත්වයක් ගන්න ගිය ලිබියාවට, ඉරාකෙට, ඇෆ්ගනිස්ථානෙට 'ක්වොන්ටම් ලීප්' එක හොඳටම ලැබිල. ඔරේන්ජ් විපලවයක් කරපු යුක්‍රේනයට 'ක්වොන්ටම් ලීප්' එක හොඳටම ලැබෙමින් පවතිනව. ඒ රටවලට ඇමරිකන් සහයෙන් 'ක්වොන්ටම් ලිප්' එක ලැබුන කියල තමයි කියන්නෙ. ගෝල් ෆේස් අරගලයේ 'ක්වොන්ටම් ලීප්' එකත් පිටුපස ඉන්නෙ ඇමරිකාව කියල සඳහන් වෙනව. නමුත් හදිසියෙවත් 'හොග් ගාල' ඉන්ටර්නෙට් ගියත් එහි අඩංගු ඩේට වලට 'ක්වොන්ටම් ඩීප්' එකක් එන්නෙ නෑ කියන එක අදකාලෙ මොන්ටිසෝරි යන ළමය පවා දන්නව. මේ පැහැදිලි කිරීම් 'ක්වොන්ටම් ලීප්' එකක් කියන්නෙ මොනවගේද කියල හඳුනා ගන්න පහසු කරයි කියල හිතනව. ඒ වචනෙ තේරුම අපිට කෙතරම් සමීපද කියා දැන් වැටහෙනව ඇති.

නැවතත් අපි මාලිමාව බුද්ධිමය දේපොළ හොරකමකද යන මාතෘකාව දෙස අවධානය යොමුකළ හොත් ඒ පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් ජා.ජ.බය කරනු ඇතැයි බලාපොරොත්තු වෙනව. එනම්, මහාචාර්‍ය ගෝමික ඇතුලු පිරිස මාලිමාව විසින් මාලිමාව සඳහා විද්‍යාව හා තාක්ෂණය පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදනය පිණිස පත්කරනු ලැබුවේද? නැතහොත් ස්වාධීන විද්‍යාඥයින් පිරිසක් විසින් සාදන ලද ප්‍රතිපත්ති ප්‍රකාෂණයක් ජනගත කිරීම සඳහා තමුන්ගේ වේදිකාවේ ඉඩ සළසා දෙනු ලැබුවේද?  

ඒ කෙසේ වුවත් මෙයින් පෙනීයන තවත් කරුණක් වන්නේ වෘතීයවේදීන් නැවත නැවතත් එකම වැරැද්ද කරණ බව. පහුගිය වාරයේ වියතුන් 'වියත්මග' කියා සංවිධානයක්ම හදාගෙන එක දේශපාලකයෙකුට විතරක් සේවය කරන්න ගියා. අන්තිමේදි සිදුවුනේ ඒ වියතුන්ගේ කරමතින් ගොස් ජනප්‍රියවී ඔටුන්න දාගන්න යන්නටත් පෙරම නැග්ග වියත්මගට පයින් ගැසීමයි. ඒ හදා දුන්න කිසිවක් අන්තිමේදී ක්‍රියාත්මක උනෙත් නෑ ජනතාව අතරට ගියෙත් නෑ. දැන් මේ සිදුවෙමින් පවතින්නේ ඊටත් වැඩිය ප්‍රාථමික සම්බන්ධයක් මත සිදුවෙන හුවමාරුවක්. මට සැකයි වියත්මගේ හිටිය වියත්තුත් මේ එදා සිදුකල වැරැද්දම මෙදාත් කිරීමට දායක වෙනවද කියල.

ඇත්ත වශයෙන්ම ගෝමික ඇතුලු විද්‍යාථීර්තයින්ට තිබුනෙ තමුන්ගෙ මතය ප්‍රසිධියේ පොදුවේ දේශපාලන ප්‍රවාහයට මුදා හැරීමයි. දැන් සිදුව ඇත්තේ පොදු කටයුත්තක් වෙනුවෙන් නිර්පාක්ශිකව තැනූ දෙයක් (?) පක්ෂයක් විසින් අවභාවිතා කිරීමට ඉඩ හැරීමයි.

වියත්මග පමණක් නොව ජාතික සංවිධානද ඒ වැරැද්ද පසුගිය වර සිදු කලා. වියත්මග කෙසේ වෙතත් ජාතික සංවිධානනම් නැවත එම වැරැද්ද කිරීමට සූදනම් නැහැ. එම නිසයි මෙවර අප අපේ ප්‍රශ්ණ මාලාව මහජනතාවට ඉදිරිපත් කරේ දේශපාලකයින්ට දැනුම් දීමට.

අවසාන වශයෙන් මහාචාර්‍යතුමා ඇතුලු අනෙකුත් විද්වතුන්ගෙන් ඉල්ලා සිටින්න කැමතියි වියත්මගේ හිටිය වියතුන් ගිය මග නොගිහින් තවත් ප්‍රමාද වීමට පෙර සියළු දේශපාලන පක්ෂ වලට ඔබලාගේ ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කරන ලෙස"

සම්බන්ධිත පුවත් | Related News

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.
ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.
පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.
මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

ප්‍රධාන පුවත්

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.