
මුලතිව් මහේස්ත්‍රාත්වරයා ඉල්ලා අස්වීමේ සිදුවීමේ දී රට අපහසුතාවට පත්කිරීමට අන්තවාදීන් විසින් නීතිඳවරු පිරිසක් යොදා ගත්තා - ජාතික උරුමයන් සුරැකීම සඳහා වූ නීතිඥ එකමුතුව පවසයි
ඓතිහාසික කුරන්දි විහාරය ප්‍රතිසංස්කරණයට එරෙහිව අන්තවාදීන් පිරිසක් විසින් මුලතිව් මහේස්ත්‍රාත්වරයා යොදාගනිමින් සිදුකරන ලද අනීතික ක්‍රියාමාර්ග නැවැත්වීමට තම සංවිධානය ක්‍රියාකළ බවත්, එය සාර්ථක වීමත් සමග එම විනිසුරුවරයා වගකිව යුතු කිසිඳු පාර්ශ්වයකට නොදන්වා හොර රහසේ විදෙස් ගත වූ බවත් ජාතික උරුමයන් සුරැකීම සඳහා වූ නීතිඥ එකමුතුව පවසයි.
මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එම එකමුතුව පවසන්නේ අදාළ විනිසුරුවරයාට නීතිපති දෙපාර්තමේන්තුව හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ජීවිත තර්ජන එල්ල කළ බවට වන ප්‍රකාශ කිසිසේත්ම පිළිගත නොහැකි බවයි.
අපරාධ පරීක්ෂණ අංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වලදී ද එබඳු කිසිඳු තර්ජනයක් සිදුවී නොමැති බවට කරුණු අනාවරණය වූ බවද එම නීතිඥ එකමුතුව පවසයි.
තම අභිමතාර්ථය ඉටුකර ගැනීමට නොහැකි වූ නිසා කෝපයට පත් උතුරේ අන්තවාදීන් විසින් නීතිඥවරු පිරිසක් යොදාගනිමින් ජාත්‍යන්තරය හමුවේ රට අපහසුතාවට පත් කිරීම සඳහා මෙම සිදුවීම යොදාගත් බවටද එම සංවිධානය චෝදනා කරයි.
ඒ සඳහා කොළඹ හා මීගමුව ප්‍රදේශවල සිටින විවිධ දේශපාලන පක්ෂවලට ගැතිකම් කරන නීතිඥවරු කිහිප දෙනෙකු යොදාගෙන ඇති බවත්, කුරුන්දි විහාරය සම්බන්ධ නඩුවේ දී අධිකරණ ක්‍රියාමාර්ග වලට සම්බන්ධ වූ නීතිඥවරුන් ලෙස තමන් මේ කරුණු හෙළිකළ යුතු බවත් ජාතික උරුමයන් සුරැකීම සඳහා වූ නීතිඥ එකමුතුව වැඩිදුරටත් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
