
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනමත විචාරණයක්!
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට නැවතත් පූර්ණ බලැති අගමැති තනතුරක් ස්ථාපිත කිරීමට අදාළව කෙටුම්පත් කරන ලද නව ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් මේ වනවිට නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවට ආණ්ඩුව විසින් යවා ඇතැයි ඉතා විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
අප වෙත වාර්තා වන ආකාරයට අදාළ කෙටුම්පත ජනාධිපති කාර්යාලයේ නීති අංශයෙන් නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවට යවා ඇත.
මෙම කෙටුම්පතේ විශේෂ අන්තර්කාලීන විධිවිධානයක් ඇතුළත් කර ඇති වගද නීති අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වන අවස්ථාවේ මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන තැනැත්තා අග්‍රාමාත්‍ය ධූරයට පත්විය යුතු බව දක්වා තිබේ.
එසේම නාමමාත්‍ර ජනාධිපති ධූරයක් ස්ථාපිත කිරීමද එහි තවත් යෝජනාවකි. යෝජිත ව්‍යවස්ථා සංශෝධනය අනුව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක 4 සහ වගන්ති අංක 30 සිට 41 දක්වා වන විධායක ජනාධිපති ධූරයට අදාළ වගන්ති සංශෝධනය කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ. නීති කෙටුම්පත් සම්පාදන කාර්යාලය විසින් මෙම කෙටුම්පත අනුමත කළ පසු නීතිපතිගේ සහතිකය ඊට ලබාගැනීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ඇත.
පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙලෙස සංශෝධනය කිරීමට නම් මැතිසබයේ මන්ත්‍රීන් තුනෙන් දෙකක (2/3) අනුමැතියෙන් සහ අධිකරණ තීන්දුව මත ජනමත විමසුමකින්ද එය අනුමත විය යුතු බව නීති අංශ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ඉදිරියේදී මේ සඳහා ජනමත විමසුමක් පැවැත්වීමේ ඉඩකඩ පවතින බවද වාර්තා වෙයි. එසේම මෙම ව්‍යවස්ථා සංශෝධනයට සමගාමීව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සහ පාර්ලිමේන්තු සංයුතිය වෙනස් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දැනටමත් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව ඇත. එනිසා ඉදිරි කාලයේදී මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුළුල් වෙනසක් සිදුකිරීමට රජය උත්සාහ දරමින් සිටින බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.
- දේශය -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
