විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනමත විචාරණයක්!
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට නැවතත් පූර්ණ බලැති අගමැති තනතුරක් ස්ථාපිත කිරීමට අදාළව කෙටුම්පත් කරන ලද නව ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් මේ වනවිට නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවට ආණ්ඩුව විසින් යවා ඇතැයි ඉතා විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
අප වෙත වාර්තා වන ආකාරයට අදාළ කෙටුම්පත ජනාධිපති කාර්යාලයේ නීති අංශයෙන් නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවට යවා ඇත.
මෙම කෙටුම්පතේ විශේෂ අන්තර්කාලීන විධිවිධානයක් ඇතුළත් කර ඇති වගද නීති අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වන අවස්ථාවේ මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන තැනැත්තා අග්‍රාමාත්‍ය ධූරයට පත්විය යුතු බව දක්වා තිබේ.
එසේම නාමමාත්‍ර ජනාධිපති ධූරයක් ස්ථාපිත කිරීමද එහි තවත් යෝජනාවකි. යෝජිත ව්‍යවස්ථා සංශෝධනය අනුව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක 4 සහ වගන්ති අංක 30 සිට 41 දක්වා වන විධායක ජනාධිපති ධූරයට අදාළ වගන්ති සංශෝධනය කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ. නීති කෙටුම්පත් සම්පාදන කාර්යාලය විසින් මෙම කෙටුම්පත අනුමත කළ පසු නීතිපතිගේ සහතිකය ඊට ලබාගැනීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ඇත.
පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙලෙස සංශෝධනය කිරීමට නම් මැතිසබයේ මන්ත්‍රීන් තුනෙන් දෙකක (2/3) අනුමැතියෙන් සහ අධිකරණ තීන්දුව මත ජනමත විමසුමකින්ද එය අනුමත විය යුතු බව නීති අංශ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ඉදිරියේදී මේ සඳහා ජනමත විමසුමක් පැවැත්වීමේ ඉඩකඩ පවතින බවද වාර්තා වෙයි. එසේම මෙම ව්‍යවස්ථා සංශෝධනයට සමගාමීව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සහ පාර්ලිමේන්තු සංයුතිය වෙනස් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දැනටමත් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව ඇත. එනිසා ඉදිරි කාලයේදී මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුළුල් වෙනසක් සිදුකිරීමට රජය උත්සාහ දරමින් සිටින බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.
- දේශය -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..