
3 වැනි "එක් තීරයක් - එක් මාවතක්" සමුළුවට සහභාගී වීමට විමල් චීනයට
චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන ඔක්තෝබර් 17 වැනිදා චීනයේ බීජිං නුවර දී ඇරඹෙන "ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් සහ එක් මාවතක් සමුළුවට(The 3rd Belt and Road Forum for International Cooperation)" සහභාගගී වීමට උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චීනය බලා පිටත් විය.
ලොව පිළිගත් දේශපාලන පක්ෂ නායකයන්ගේ සහ ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට විමල් වීරවංශ මහතා සහභාගී වන්නේ චීන රජයේ ඇරයුම පරිදිය.
මෙවර BRFහි තේමාව වන්නේ "උසස් තත්වයේ එක් තීරයක් - එක් මාවතක් සඳහා වූ සහයෝගීතාව : පොදු සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා එක්වෙමු!" යන්නයි.
මෙවර සමුළුව කැඳවා ඇත්තේ, ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන චීනයේ ඉදිරි ආර්ථීක උපායමාර්ගය හා බැඳුණු "එක් තීරයක් - එක් මාවතක් ව්‍යාපෘතිය(Belt and Road Initiative)" අරඹා 2023 වසර වනවිට දස වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙනි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව විසින් මෙම සමුළුව සංවිධානය කරනු ලබයි. වසර දහයකට පෙර අරඹන ලද "එක් තීරයක් - එක් මාවතක් ව්‍යාපෘතිය(BRI)" මහජන යහපත සඳහා වන සහයෝගීතා වේදිකාවක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගෙන ඇති බවත් එය ශක්තිමත් ප්‍රතිඵල අත්කර ගෙන ඇති බවත් චීන රජය පෙන්වා දෙයි.
- අනුරුද්ධ බණ්ඩාර රණවාරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
