3 වැනි "එක් තීරයක් - එක් මාවතක්" සමුළුවට සහභාගී වීමට විමල් චීනයට
චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන ඔක්තෝබර් 17 වැනිදා චීනයේ බීජිං නුවර දී ඇරඹෙන "ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් සහ එක් මාවතක් සමුළුවට(The 3rd Belt and Road Forum for International Cooperation)" සහභාගගී වීමට උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චීනය බලා පිටත් විය.
ලොව පිළිගත් දේශපාලන පක්ෂ නායකයන්ගේ සහ ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට විමල් වීරවංශ මහතා සහභාගී වන්නේ චීන රජයේ ඇරයුම පරිදිය.
මෙවර BRFහි තේමාව වන්නේ "උසස් තත්වයේ එක් තීරයක් - එක් මාවතක් සඳහා වූ සහයෝගීතාව : පොදු සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා එක්වෙමු!" යන්නයි.
මෙවර සමුළුව කැඳවා ඇත්තේ, ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන චීනයේ ඉදිරි ආර්ථීක උපායමාර්ගය හා බැඳුණු "එක් තීරයක් - එක් මාවතක් ව්‍යාපෘතිය(Belt and Road Initiative)" අරඹා 2023 වසර වනවිට දස වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙනි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව විසින් මෙම සමුළුව සංවිධානය කරනු ලබයි. වසර දහයකට පෙර අරඹන ලද "එක් තීරයක් - එක් මාවතක් ව්‍යාපෘතිය(BRI)" මහජන යහපත සඳහා වන සහයෝගීතා වේදිකාවක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගෙන ඇති බවත් එය ශක්තිමත් ප්‍රතිඵල අත්කර ගෙන ඇති බවත් චීන රජය පෙන්වා දෙයි.
- අනුරුද්ධ බණ්ඩාර රණවාරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..