අධිකරණ තීන්දු නිසා එජාපය ශ්‍රීලනිපය බිමටම සමතලා වුණා... අන්තිමට අගවිනිසුරු විතරක් ඉතිරි වේවි - නඩු තීන්දු ගැන දයාසිරි කියන කතාව
අධිකරණ තීන්දු නිසා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දැවැන්තම දේශපාලන පක්ෂ දෙකක් බිමට සමතලා වූ බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19 දා) වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් සඳහන් කළේය.
ජනාධිපති විසින් අභියාචනාධිකරණයේ විනිසුරු බන්ධුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට ගනු ලැබූ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවරූ නඩුවට ලද තීන්දුව ඉතාම බරපතල බව හෙතෙම සඳහන් කළේය. එම තීන්දුව මගින් විනිසුරුවරුන් පත් කිරීම ද තාවකාලිකව නවතා ඇති හෙයින් එම තීන්දුව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් අක්‍රීය කර ඇතැයි ද කී මන්ත්‍රීවරයා එය මන්ත්‍රී වරප්‍රසාද මෙන්ම ජනතා පරමාධිපත්‍ය කඩ කිරීමක් බවත් කියා සිටියේය.
මේ වන විට අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 05ක් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තනතුරු 02ක් පුරප්පාඩු වී ඇති නිසා නඩු විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව ද එම තීන්දුව නිසා අලුතින් විනිසුරුවරුන් පත් කිරීමට නොහැකි වී අවසානයේදී අගවිනිසුරු පමණක් ඉතිරිවනු ඇතැයි ද කියමින් දයාසිරි මහතා අදාළ තීන්දුව දැඩි ලෙස විවේචනය කළේය.
එබැවින් අධිකරණවලින් ලබා දෙන මෙවැනි තීන්දු ලබා දීම පිළිබඳව පවතින දැඩි ගැටලුකාරී තත්ත්වය සොයා බලා ඒවාට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය. ඊට අමතරව කොළඹ අධිකරණ කිහිපයකින් ආන්දෝලනාත්මක දේශපාලන ගැටලු සම්බන්ධයෙන් නඩු තීන්දු ප්‍රකාශයට පත් කිරීමෙන් රටේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් ගණනාවක් අපහසුතාවයට පත්ව ඇතැයි සඳහන් කළේය.
එහිදී තමන් සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවක් නිසා තමන්ට මාස අටහමාරක් තිස්සේ දේශපාලනය කිරීම සඳහා දේශපාලන පක්ෂයක් නැති වී ගොස් ඇතැයි ද කී මන්ත්‍රීවරයා තම නඩුව මාස තුනහමාරක් තිස්සේ විභාගයට ගැනීමට දින ගැනීමට නොහැකි වී ඇතැයි ද කීය.
අතීතයේදී දුන් අධිකරණ තීන්දු ද දේශපාලකයන්ට දැඩි ලෙස බලපෑ බවත් කී දයාසිරි ජයසේකර මහතා 1992 වසරේදී දුන් ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක යන මහත්වරුන් පක්ෂයෙන් නෙරපීමට දුන් තීන්දුවක් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩී ගිය බව ද කියා සිටියේය. ඉන් අනතුරුව එහි සිටි දේශපාලන නායකයන් රැසක් ඝාතනය වූ බවත් ඊට ද බලපෑවේ එක් නඩු තීන්දුවක් යැයි චෝදනා කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද අද වන විට අත්වී ඇත්තේ එම ඉරණමම බවත් අද වන විට ශ්‍රීලනිපයට වාරණ නියෝග 14ක්දී ඇති බවත් එමගින් එම පක්ෂය ද අකර්මණ්‍ය වී ඇති බවත් කී හෙතෙම මේ ආකාරයට විනිසුරුවරුන් තුන් හතර දෙනෙක් නිසා භයානක තත්ත්වයන් රැසක් උද්ගත වී ඇතැයි ද කීය.
අභියාචනාධිකරණයේ විනිසුරු බන්ධුල කරුණාරත්න මහතා සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (7(අ) යන පරිච්ඡේදයක්ම සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇතැයි ද එබැවින් කථානායක සභාපති ධුරය දරන ව්‍යවස්ථා සභාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා විනිසුරුවරුන් පත් කිරීමට ද නොහැකි යැයි ද හෙතෙම පැවසීය. එබැවින් මෙම තත්ත්වයට වහා විසඳුම් ලබා නොදුනහොත් විධායකය, අධිකරණය, ව්‍යවස්ථාදායකය යන රටේ ප්‍රධානම කුලුනු තුන විනාශ වෙනු ඇතැයිද කී මන්ත්‍රීවරයා මේ කරුණු සම්බන්ධයෙන් වහා පියවර ගන්නැයි ඉල්ලා සිටියේය.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..