
ඉන්දියා - ශ්‍රී ලංකා මුහුදු මගී යාත්‍රා සේවය අද සිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මඟී යාත්‍රා සේවය අද සිට ආරම්භ වන අතර, එහි පළමු මඟී යාත්‍රාව ඉන්දියවේ සිට අද (14) පෙරවරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව වාරය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
දකුණු ඉන්දියාවේ නාගපට්නම් සහ මෙරට කන්කසන්තුරය වරාය අතර මෙම මඟී යාත්‍රා සේවය සිදු කෙරෙන බව සඳහන්ය.
නාගපට්නම් සිට මඟීන් පනස් දෙනෙකු ගෙන් යුත් යාත්‍රාව අද පෙරවරු 11.30ට පමණ කන්කසන්තුරය වරාය වෙත ළඟා වීමට නියමිත බව එම අමාත්‍යාංශය පවසයි.
ඉන්දීය නැව් සංස්ථාව මඟින් මෙම මඟී යාත්‍රා සේවයේ මෙහෙයුම් කටයුතු සිදු කරන අතර, ආගමන විගමන කටයුතු සඳහා කන්කසන්තුරය වරාය පරිශ්‍රයේ නව මඟී පර්යන්තයක් ද ඉදිකර තිබේ.
උදෑසන ඉන්දියාවේ සිට දිවයිනට පැමිණෙන මෙම මඟී යාත්‍රාව පස්වරු 02.30ට කන්කසන්තුරය වරායෙන් යළි ඉන්දියාව බලා පිටත් ව යාමට නියමිත අතර, යාමට සහ ඒමට අදාළ ටිකට් පතක මිල රුපියල් 53,500ක් වන බවත්, එක් ගමනාන්තයක් සඳහා වන ටිකට් පතක මිල රුපියල් 27,000ක් වන බවත් වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
