News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ ගගන නාවික තොරතුරු සේවය තත්වයෙන් ඉහළ නැංවීමට රුපියල් බිලියන 1.2ක ආයෝජනයක් - ISO 9001:2015 තත්ව කළමනාකරණ සහතිකයත් හිමි වේ

Oct 13, 2023 at 10:17 AM
|

ශ්‍රී ලංකාවට වර්ග කිලෝ මීටර 1778062.23 ක දැවන්ත ගුවන් තොරතුරු කළාපයක් හිමිව තිබේ. සමස්ත ජාතියටම අයත් මෙම සම්පත හරහා ජාත්‍යන්තර ගුවන් සේවා රාශියක් වසරේ දින 365 පුරා සෑම මොහොතකම අපගේ ගුවන් තොරතුරු කළාපය හරහා ගුවන් යානා පියාසර කරවති. 

ඒ අනුව ශ්‍රී ලංකාවට අයත් ගුවන් තොරතුරු කළාපය තුළ  ගුවන් ගමන් පාලනයේදී ගගන නාවික තොරතුරු කාර්යක්ෂමව නිවැරැදිව නිෂ්චිත මොහොතේදී බෙදා හැරීම, ආරක්ෂිත ලාභදායි පරිසර හිතකාමී ගුවන් ගමනකට අත්‍යවශ්‍ය මූලික අංගයකි. 

1944 වසරේ අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වූ එක්සත් ජාතීන් ගගන නාවික තොරතුරු ලෝක පරිමානව ඒකත්වයකින් යුතුව හුවමාරු කර ගැනීමට ප්‍රතිපාදන සකස් කළ යුතු යැයි  තීරණය  කළහ. එම සම්මේලනයේ ප්‍රතිඵලයක් ලෙස 1953 වර්ෂයේ මැයි 15 වන දින එක්සත් ජාතීන්ගේ සියලු සාමාජික රටවල් කාර්යක්ෂම නිවැරැදි ගුවන් තොරතුරු සේවයක් සැපයීමේදී අනුගමනය කළ යුතු  ක්‍රමවේදය දැක්වෙන නීතිමය ලියවිල්ල වන 15 වන උපලේඛනය  (Annex 15 ) හඳුන්වා දෙනු ලැබීය. 

ශ්‍රී ලංකාවේ ගගන නාවික තොරතුරු සේවය 1981 වර්ෂයේදී සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතේ නිලධාරින් 10 දෙනෙකුගෙන් යුතුව ආරම්භ විය. එය 1982 දී සිවිල් ගුවන් සේවා අධිකාරියටත් 1983දී ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම යටතටත් පත් කරණු ලැබීය. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නිර්දේශ අනුකූලව ශ්‍රී ලංකාවේ ගගන නාවික තොරතුරු සේවය ස්වාධීන ආයතනයක්ව ස්ථාපිත කළ යුතුව තිබුණද ආරම්භයේදීම ගුවන් ගමන් පාලක දෙපාර්තමේන්තුව යටතේම එම සේවය ස්ථාපිත කිරීමට එවකට සිටි බලධාරින් කටයුතු කර තිබුණි. 

මෙම තත්වය වෙනස් කරන ලෙස 2001 වසරේ සිට හිටපු සිවිල් ගුවන් සේවා අධිකාරිවරුන් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම වෙත වරින් වර  නිර්දේශ නිකුත් කර තිබුණි. 2018 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ගගන නාවික තොරතුරු සේවය තුල පවතින මෙම තත්වය මැනවින් හඳුනාගත් එවකට සිවිල් ගුවන් සේවාව භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගරු නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම තුල ගගන නාවික තොරතුරු සේවය නිසි පරිදි ස්ථාපනය කිරීමට එවකට සමාගමේ කළමනාකාරිත්වය වෙත නිර්දෙශ කරනු ලැබීය. 

එයට අමතර ජාත්‍යන්තර ගගන නාවික තොරතුරු සේවය ලෝක පරිමානව වර්ධනය වන නව තත්වයන්ට අනුකූලව ගගන නාවික තොරතුරු සේවය ගගන නාවික කළමනාකරණ සේවය දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය ඉහල තාක්ෂණික පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටද එතුමා මූලික අඩිතාලම තබනු ලැබීය. ඒ අනුව ප්‍රංශයේ Thales සමාගම වැඩිදියුණු කර ඇති Top Sky AIM පරිගණක  පද්ධතිය ලබා ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 1.2 ක මුදලක් ආයෝජනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට එතුමාගේ ධූර කාලය තුල අවශ්‍ය මග පෙන්වීම කරණු ලැබීය. 

එතුමා තාක්ෂණික අංශයෙන් ගගන නාවික තොරතුරු ක්ෂේත්‍රය ඉහළ නැංවීමට කටයුතු කරන අතර තුර පරිපාලනමය වශයෙන් ගගන නාවික තොරතුරු සේවය ඉහල නැංවීමට අවශ්‍ය ස්වාධීන ඒකකයක් බවට ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම තුළ ස්ථාපනය කිරීමට අවශ්‍ය මැදිහත් වීම කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගනු ලැබීය. එතුමාගේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ වත්මන් සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා දැවැන්ත දායකත්වයක් සැපයීය.

ඒ අනුව අද (ඔක්තෝබර් 10 ) දින සිට ගගන නාවික කළමනාකරණ සේවය තුල ස්ථාපිත කර ඇති නව පරිගණක මෙහෙයුම් පද්ධතිය මගින් කාර්යක්ෂම ලාභදායි ගුණාත්මක සේවාවක් නිසි කළට ලබා දීමේ හැකියාව ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමට හිමිවේ.

අද (10) දින සිට ශ්‍රී ලංකාවේ ගගන නාවික සේවය ISO 9001 :2015 තත්ව සහතිකය හිමි කර ගැනීම හේතුවෙන් ගගන නාවික සේවය සපයන සේවාවන් වල ඇති දත්තයන්හි තත්වය අන්තර්ජාතික ප්‍රමිතියට අනුව නිකුත් කිරීමටද හැකියාව අත්පත් කරගනී. මෙලෙස ISO 9001 :2015  තත්ව සහතිකය ලත් ගගන නාවික සේවයක් ස්ථාපිත කර ගැනීමට ජාතියක් ලෙස ශ්‍රී ලංකාව සමත් වීම අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාවේ ගගන නාවික තොරතුරු සේවය ඉහළ පිළිගැනීමකට ලක් වීමකි. 

නව පරිගණක මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීම මගින් ගගන නාවික තොරතුරු සේවාවේ බයිබලය ලෙස සැලකෙන ගගන නාවික තොරතුරු ප්‍රකාශනය (Aeronautical Information Publication) ඩිජිටල්  තාක්ෂණය   භාවිතයෙන් ලබා ගැනීමේ පහසුව මෙන්ම යාවත්කාලීන කිරීමේ පහසුවද  ඇතිවේ. එමගින් කඩදාසි භාවිත කිරිමෙන් තොරව ගගන නාවික තොරතුරු ප්‍රකාශනය (AIP) පරිහරණය කිරීමෙ විශේෂ පහසුව ලැබේ. එලෙසම ගගන නාවික තොරතුරු ප්‍රකාශනය යාවත්කාලීන කිරීමේ ක්‍රමවේදය තුල තත්ව පරීක්ෂණ ක්‍රියාවලියද ඉහළ ගුණාත්මක තත්වයකට පැමිණෙන අතර ඒ ආශ්‍රිත දත්ත ගබඩාව ඉහළ නිරවද්‍යතාවයකින් යුතු කාර්යක්ෂම තත්වයට පත්වේ.

ගගන නාවික තොරතුරු සේවය ආශ්‍රිතව ඇති සිතියම් අංශයද ඩිජිටල් කරණයට පත්වීම මගින් ගගන නාවික සිතියම් වල අඩංගු දත්තයන් වඩාත් නිරවද්‍ය වනවා මෙන්ම සිදුවන නව වෙනස්කම් නිසි කළට යාවත්කාලීන කිරීමට හැකි වීම විශේෂ වාසියකි. එලෙසම සිතියම් නිර්මාණය ආශ්‍රිතව සිදුවිය යුතු තත්ව කළමණාකරන හැකියාව වඩාත් ඉහළ තත්වයකට පත්වේ.

ගුවන් ගමනකදී අනිවාර්ය ලේඛනයක් වන පියාසර සැලසුම (Flight Plan) ඉදිරිපත් කිරීමේදී මෙතෙක් ගුවන් නියමුවා හෝ ඔහුගේ නියෝජිතයා ගුවන් ගමන් සේවා වාර්තා කිරීමේ කාර්යාලය (Air Traffic Services Reporting Office) වෙත වාර්තා නොකර තමා සිටින ස්ථානයේම  සිට අන්තර්ජාලය ඔස්සේ සිය පියාසර සැලසුම ඉදිරිපත් කළ හැක. එලෙසම නියමුවාට සිය ගුවන් ගමන් කාලය තුළ ඔහුගේ ගමනට බලපානු ලබන ගගන නාවික තොරතුරු (Pre-Flight Information Bulletin) සියල්ල ඉතා ඉක්මනින් ලබා ගැනීමේ හැකියාවද වෙනත් ගුවන් තොරතුරු කළාප වල ක්ෂණිකව සිදුවන වෙනස්කම් වලට අනුකූලව සිය පියාසර සැලසුමේ සිදු කරන යාවත්කාලීන කිරීම් ක්ෂණිකව ලබාගත හැක. එලෙසම මෙම ක්‍රියාවලිය තුළ තත්ව කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියද ගුණාත්මක වශයෙන් ඉහළ නැංවෙනු ඇත.

ගුවන් ගමනකදි, ගුවන් නියමුවා අත්‍යවශ්‍යයෙන් පරිශීලනය කළ යුතු ගගන නාවික තොරතුරු ප්‍රකාශනයේ සිදු වී ඇති තාවකාලික වෙනස් වීම් හුවමාරු කරගන්න (NOTAM ) ක්‍රමවේදය ඉතාමත් පහසුවෙන් හැසිරවීමේ  හැකියාව ගගන නාවික තොරතුරු සේවා නිලධාරියාට ලැබෙනු ඇත. මෙම නව පරිගණක මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීම මගින් NOTAM  ක්‍රමවේදය ඉහළ තත්ව කළමනාකාරිත්වයකට භාජනය කිරීමේ හැකියාවද වර්ධනය වනු ඇත. 

මෙම සියලු කාර්යන් නිවරැදිව කිරීම සඳහා ගගන නාවික තොරතුරු සේවයට අත්‍යවශ්‍යම අංගය වන ගගන නාවික තොරතුරු හුවමාරු කර ගැනීමේ දත්ත ගබඩාවක් (AIXM Database -Aeronautical Information Exchange Model Database) ගගන නාවික තොරතුරු සේවා මූලස්ථානය (AIS Head Quarters) වෙත නව පරිගණක පද්ධතිය මගින් ලැබී ඇත. 

මෙම ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමේදී විද්‍යුත් සහ ගුවන් සංතරණ ඉන්ජිනේරු අංශය දැවැන්ත දායකත්වයක් දක්වනු ලැබීය.

21 වන සියවසය වන විට ජගත් ගුවන් ගමන් කළමනාකරණ ක්ෂේත්‍රයේ ඇතිවූ වර්ධනීය තත්වයන් අප රටට අත්පත් කර ගැනීම වෙනුවෙන් ගගන නාවික තොරතුරු සේවය ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම තුල නිෂ්චිත පරිපාලන ස්ථානයක ස්ථානගත කිරීම ඉහත කී තත්වය අත්පත් කර ගැනීමට විශාල රුකුලක් විය. එහි විශේෂ ගෞරවය වත්මන් සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතාට හිමිවේ. එලෙසම අනාගත ගුවන් ගමන් කළමනාකරණ ක්ෂේත්‍රය තුළ ඇතිවන වර්ධනීය තත්වයන්ට අනුකූලව ගගන නාවික තොරතුරු සේවයේ උන්නතිය වෙනුවෙන් අනාගත පාලන තන්ත්‍රයන් සිය අවධානය යොමු කිරීම ජාතික වගකීමකි.

ජීවන්ත ජයතිස්ස, 
කළමනාකරු ගගන නාවික තොරතුරු කළමනාකරණ  ඒකකය,
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ.

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව සමඟ විස්තීර්ණ ණය වැඩසටහනක නියුතුව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය සැපයීමට තවත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිත භූමිය අනවසරයෙන් වගා කිරීමට පිරිසක් පියවර ගෙන ඇති අතර ට්‍රැක්ටර ​භාවිතයෙන් ඉඩම් සකස් කර ඇති බවත් පැවසෙයි.
පසුගිය මැයි 06 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කුඩය ලකුණින් තරග කළ ජන අරගල සන්ධානය ආසන 16ක් දිනාගැනීමට සමත් වී තිබේ.
සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.
සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටී ඇති බව පාකිස්තානය ප්‍රකාශ කරන බව ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.
ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
ඉන්දීය හමුදා විසින් එල්ලකළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය මෙහෙයුමක් ආරම්භකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
2025 වසරේ පිට පිට දෙවැනි මාසයටත් මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය පසු බැසීමක් පෙන්නුම් කර ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වේ.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.