News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ ගගන නාවික තොරතුරු සේවය තත්වයෙන් ඉහළ නැංවීමට රුපියල් බිලියන 1.2ක ආයෝජනයක් - ISO 9001:2015 තත්ව කළමනාකරණ සහතිකයත් හිමි වේ

Oct 13, 2023 at 09:37 AM
|

ශ්‍රී ලංකාවට වර්ග කිලෝ මීටර 1778062.23 ක දැවන්ත ගුවන් තොරතුරු කළාපයක් හිමිව තිබේ. සමස්ත ජාතියටම අයත් මෙම සම්පත හරහා ජාත්‍යන්තර ගුවන් සේවා රාශියක් වසරේ දින 365 පුරා සෑම මොහොතකම අපගේ ගුවන් තොරතුරු කළාපය හරහා ගුවන් යානා පියාසර කරවති. ඒ අනුව ශ්‍රී ලංකාවට අයත් ගුවන් තොරතුරු කළාපය තුළ  ගුවන් ගමන් පාලනයේදී ගගන නාවික තොරතුරු කාර්යක්ෂමව නිවැරැදිව නිෂ්චිත මොහොතේදී බෙදා හැරීම, ආරක්ෂිත ලාභදායි පරිසර හිතකාමී ගුවන් ගමනකට අත්‍යවශ්‍ය මූලික අංගයකි. 

1944 වසරේ අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වූ එක්සත් ජාතීන් ගගන නාවික තොරතුරු ලෝක පරිමානව ඒකත්වයකින් යුතුව හුවමාරු කර ගැනීමට ප්‍රතිපාදන සකස් කළ යුතු යැයි  තීරණය  කළහ. එම සම්මේලනයේ ප්‍රතිඵලයක් ලෙස 1953 වර්ෂයේ මැයි 15 වන දින එක්සත් ජාතීන්ගේ සියලු සාමාජික රටවල් කාර්යක්ෂම නිවැරැදි ගුවන් තොරතුරු සේවයක් සැපයීමේදී අනුගමනය කළ යුතු  ක්‍රමවේදය දැක්වෙන නීතිමය ලියවිල්ල වන 15 වන උපලේඛනය  (Annex 15 ) හඳුන්වා දෙනු ලැබීය. 

ශ්‍රී ලංකාවේ ගගන නාවික තොරතුරු සේවය 1981 වර්ෂයේදී සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතේ නිලධාරින් 10 දෙනෙකුගෙන් යුතුව ආරම්භ විය. එය 1982 දී සිවිල් ගුවන් සේවා අධිකාරියටත් 1983දී ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම යටතටත් පත් කරණු ලැබීය. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නිර්දේශ අනුකූලව ශ්‍රී ලංකාවේ ගගන නාවික තොරතුරු සේවය ස්වාධීන ආයතනයක්ව ස්ථාපිත කළ යුතුව තිබුණද ආරම්භයේදීම ගුවන් ගමන් පාලක දෙපාර්තමේන්තුව යටතේම එම සේවය ස්ථාපිත කිරීමට එවකට සිටි බලධාරින් කටයුතු කර තිබුණි. 

මෙම තත්වය වෙනස් කරන ලෙස 2001 වසරේ සිට හිටපු සිවිල් ගුවන් සේවා අධිකාරිවරුන් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම වෙත වරින් වර  නිර්දේශ නිකුත් කර තිබුණි. 2018 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ගගන නාවික තොරතුරු සේවය තුල පවතින මෙම තත්වය මැනවින් හඳුනාගත් එවකට සිවිල් ගුවන් සේවාව භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගරු නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම තුල ගගන නාවික තොරතුරු සේවය නිසි පරිදි ස්ථාපනය කිරීමට එවකට සමාගමේ කළමනාකාරිත්වය වෙත නිර්දෙශ කරනු ලැබීය. 

එයට අමතර ජාත්‍යන්තර ගගන නාවික තොරතුරු සේවය ලෝක පරිමානව වර්ධනය වන නව තත්වයන්ට අනුකූලව ගගන නාවික තොරතුරු සේවය ගගන නාවික කළමනාකරණ සේවය දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය ඉහල තාක්ෂණික පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටද එතුමා මූලික අඩිතාලම තබනු ලැබීය. ඒ අනුව ප්‍රංශයේ Thales සමාගම වැඩිදියුණු කර ඇති Top Sky AIM පරිගණක  පද්ධතිය ලබා ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 1.2 ක මුදලක් ආයෝජනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට එතුමාගේ ධූර කාලය තුල අවශ්‍ය මග පෙන්වීම කරණු ලැබීය. 

එතුමා තාක්ෂණික අංශයෙන් ගගන නාවික තොරතුරු ක්ෂේත්‍රය ඉහළ නැංවීමට කටයුතු කරන අතර තුර පරිපාලනමය වශයෙන් ගගන නාවික තොරතුරු සේවය ඉහල නැංවීමට අවශ්‍ය ස්වාධීන ඒකකයක් බවට ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම තුළ ස්ථාපනය කිරීමට අවශ්‍ය මැදිහත් වීම කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගනු ලැබීය. එතුමාගේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ වත්මන් සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා දැවැන්ත දායකත්වයක් සැපයීය.

ඒ අනුව අද (ඔක්තෝබර් 10 ) දින සිට ගගන නාවික කළමනාකරණ සේවය තුල ස්ථාපිත කර ඇති නව පරිගණක මෙහෙයුම් පද්ධතිය මගින් කාර්යක්ෂම ලාභදායි ගුණාත්මක සේවාවක් නිසි කළට ලබා දීමේ හැකියාව ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමට හිමිවේ.

අද (10) දින සිට ශ්‍රී ලංකාවේ ගගන නාවික සේවය ISO 9001 :2015 තත්ව සහතිකය හිමි කර ගැනීම හේතුවෙන් ගගන නාවික සේවය සපයන සේවාවන් වල ඇති දත්තයන්හි තත්වය අන්තර්ජාතික ප්‍රමිතියට අනුව නිකුත් කිරීමටද හැකියාව අත්පත් කරගනී. මෙලෙස ISO 9001 :2015  තත්ව සහතිකය ලත් ගගන නාවික සේවයක් ස්ථාපිත කර ගැනීමට ජාතියක් ලෙස ශ්‍රී ලංකාව සමත් වීම අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාවේ ගගන නාවික තොරතුරු සේවය ඉහළ පිළිගැනීමකට ලක් වීමකි. 

නව පරිගණක මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීම මගින් ගගන නාවික තොරතුරු සේවාවේ බයිබලය ලෙස සැලකෙන ගගන නාවික තොරතුරු ප්‍රකාශනය (Aeronautical Information Publication) ඩිජිටල්  තාක්ෂණය   භාවිතයෙන් ලබා ගැනීමේ පහසුව මෙන්ම යාවත්කාලීන කිරීමේ පහසුවද  ඇතිවේ. එමගින් කඩදාසි භාවිත කිරිමෙන් තොරව ගගන නාවික තොරතුරු ප්‍රකාශනය (AIP) පරිහරණය කිරීමෙ විශේෂ පහසුව ලැබේ. එලෙසම ගගන නාවික තොරතුරු ප්‍රකාශනය යාවත්කාලීන කිරීමේ ක්‍රමවේදය තුල තත්ව පරීක්ෂණ ක්‍රියාවලියද ඉහළ ගුණාත්මක තත්වයකට පැමිණෙන අතර ඒ ආශ්‍රිත දත්ත ගබඩාව ඉහළ නිරවද්‍යතාවයකින් යුතු කාර්යක්ෂම තත්වයට පත්වේ.

ගගන නාවික තොරතුරු සේවය ආශ්‍රිතව ඇති සිතියම් අංශයද ඩිජිටල් කරණයට පත්වීම මගින් ගගන නාවික සිතියම් වල අඩංගු දත්තයන් වඩාත් නිරවද්‍ය වනවා මෙන්ම සිදුවන නව වෙනස්කම් නිසි කළට යාවත්කාලීන කිරීමට හැකි වීම විශේෂ වාසියකි. එලෙසම සිතියම් නිර්මාණය ආශ්‍රිතව සිදුවිය යුතු තත්ව කළමණාකරන හැකියාව වඩාත් ඉහළ තත්වයකට පත්වේ.

ගුවන් ගමනකදී අනිවාර්ය ලේඛනයක් වන පියාසර සැලසුම (Flight Plan) ඉදිරිපත් කිරීමේදී මෙතෙක් ගුවන් නියමුවා හෝ ඔහුගේ නියෝජිතයා ගුවන් ගමන් සේවා වාර්තා කිරීමේ කාර්යාලය (Air Traffic Services Reporting Office) වෙත වාර්තා නොකර තමා සිටින ස්ථානයේම  සිට අන්තර්ජාලය ඔස්සේ සිය පියාසර සැලසුම ඉදිරිපත් කළ හැක. එලෙසම නියමුවාට සිය ගුවන් ගමන් කාලය තුළ ඔහුගේ ගමනට බලපානු ලබන ගගන නාවික තොරතුරු (Pre-Flight Information Bulletin) සියල්ල ඉතා ඉක්මනින් ලබා ගැනීමේ හැකියාවද වෙනත් ගුවන් තොරතුරු කළාප වල ක්ෂණිකව සිදුවන වෙනස්කම් වලට අනුකූලව සිය පියාසර සැලසුමේ සිදු කරන යාවත්කාලීන කිරීම් ක්ෂණිකව ලබාගත හැක. එලෙසම මෙම ක්‍රියාවලිය තුළ තත්ව කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියද ගුණාත්මක වශයෙන් ඉහළ නැංවෙනු ඇත.

ගුවන් ගමනකදි, ගුවන් නියමුවා අත්‍යවශ්‍යයෙන් පරිශීලනය කළ යුතු ගගන නාවික තොරතුරු ප්‍රකාශනයේ සිදු වී ඇති තාවකාලික වෙනස් වීම් හුවමාරු කරගන්න (NOTAM ) ක්‍රමවේදය ඉතාමත් පහසුවෙන් හැසිරවීමේ  හැකියාව ගගන නාවික තොරතුරු සේවා නිලධාරියාට ලැබෙනු ඇත. මෙම නව පරිගණක මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීම මගින් NOTAM  ක්‍රමවේදය ඉහළ තත්ව කළමනාකාරිත්වයකට භාජනය කිරීමේ හැකියාවද වර්ධනය වනු ඇත. 

මෙම සියලු කාර්යන් නිවරැදිව කිරීම සඳහා ගගන නාවික තොරතුරු සේවයට අත්‍යවශ්‍යම අංගය වන ගගන නාවික තොරතුරු හුවමාරු කර ගැනීමේ දත්ත ගබඩාවක් (AIXM Database -Aeronautical Information Exchange Model Database) ගගන නාවික තොරතුරු සේවා මූලස්ථානය (AIS Head Quarters) වෙත නව පරිගණක පද්ධතිය මගින් ලැබී ඇත. 

මෙම ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමේදී විද්‍යුත් සහ ගුවන් සංතරණ ඉන්ජිනේරු අංශය දැවැන්ත දායකත්වයක් දක්වනු ලැබීය.

21 වන සියවසය වන විට ජගත් ගුවන් ගමන් කළමනාකරණ ක්ෂේත්‍රයේ ඇතිවූ වර්ධනීය තත්වයන් අප රටට අත්පත් කර ගැනීම වෙනුවෙන් ගගන නාවික තොරතුරු සේවය ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම තුල නිෂ්චිත පරිපාලන ස්ථානයක ස්ථානගත කිරීම ඉහත කී තත්වය අත්පත් කර ගැනීමට විශාල රුකුලක් විය. එහි විශේෂ ගෞරවය වත්මන් සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතාට හිමිවේ. එලෙසම අනාගත ගුවන් ගමන් කළමනාකරණ ක්ෂේත්‍රය තුළ ඇතිවන වර්ධනීය තත්වයන්ට අනුකූලව ගගන නාවික තොරතුරු සේවයේ උන්නතිය වෙනුවෙන් අනාගත පාලන තන්ත්‍රයන් සිය අවධානය යොමු කිරීම ජාතික වගකීමකි.

ජීවන්ත ජයතිස්ස, 
කළමනාකරු ගගන නාවික තොරතුරු කළමනාකරණ  ඒකකය,
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ.

සම්බන්ධිත පුවත් | Related News

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.