34 වන රුසියානු ජාතික දිනය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ උණුසුම් සුබ පැතුම් එක්කරයි
2024 ජූනි 12 වනදාට යෙදෙන 34 වන රුසියානු ජාතික දිනය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ උණුසුම් සුබ පැතුම් එක්කර තිබේ.
ඒ නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ පවසන්නේ යුක්රේන භූමියේ සාමූහික බටහිරයන්ට එරෙහිව රුසියානුවන් විසින් සිදු කරන ලද ආරක්ෂණවාදී මෙහෙයුම් මෙතෙක් සාමූහික බටහිරයන්ට දැවැන්ත පරාජයන් අත් කර දී ඇති බවත්, රුසියානු ජනාධිපති අතිගරු ව්ලැඩිමීර් පුටින් මැතිතුමාගේ නායකත්වයෙන් යුත් රුසියානු රාජ්‍යය මෙම සියලු අභියෝග ජය ගන්නා බවට තරයේ විශ්වාස කරන බවත්ය.
ඉමහත් උද්යෝගයෙන් තම ජාතික දිනය සමරනු ලබන අපගේ සාම්ප්‍රදායික මිතුරන් වූ රුසියානු ජනතාවට උණුසුම් සුබ පැතුම් පිරිණමන බවද එම පෙරමුණ සඳහන් කරයි.
අදාළ නිවේදනය පහළින්...
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ගරු ලෙවාන් එස්. දගාරියන් මැතිතුමා,
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය,
404, බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.
ගරු තානාපතිතුමනි,
2024 ජූනි 12 වනදාට යෙදෙන 34 වන රුසියානු ජාතික දිනයට ජාතික නිදහස් පෙරමුණේ උණුසුම් සුබ පැතුම්!
එක්සත් සමාජවාදී සෝවියට් රුසියාව දිය කර හැරීමෙන් පසුව පිහිටුවාගත් රුසියානු සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු ජනරජයේ මහජන නියෝජිතයෝ 1990 ජූනි 12 වනදා පැවැත්වූ පළමුවන කොංග්‍රසයේදී ජූනි 12 වන දිනය රුසියානු ජාතික දිනය ලෙස නම් කරනු ලැබූහ.
කෙසේ වෙතත්, 1990න් ඇරඹි දශකය තුළ දී රුසියාව විසින් මෙම දිනය ඉමහත් උද්යෝගයකින් යුතුව සමරනු ලැබුවේ නැත. 2000-2008 කාලසීමාව තුළ වත්මන් රුසියානු ජනාධිපති අතිගරු ව්ලැඩිමීර් පුටින් මැතිතුමන් ප්‍රථම වරට රුසියාවේ ජනාධිපති පදවිය දැරූ අවස්ථාවේදී රුසියානු ජාතික දිනයට නව වටිනාකමක් එක් කිරීමට පියවර ගත්තේය. එතැන් පටන් රුසියාව සිය ජාතික දිනය, ජූනි 12 වන දින ඉමහත් උද්යෝගයෙන් සමරයි.
රුසියානුවන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් පසු මේ වසරේ ජූනි 12 වන දින රුසියානු ජාතික දිනය සමරන බව අපගේ කියැවීමයි. යුක්රේන භූමියේ සාමූහික බටහිරයන්ට එරෙහිව රුසියානුවන් විසින් සිදු කරන ලද ආරක්ෂණවාදී මෙහෙයුම් මෙතෙක් සාමූහික බටහිරයන්ට දැවැන්ත පරාජයන් අත් කර දී තිබේ.
රුසියානුවන්ගේ ජයග්‍රහණය අධිරාජ්‍ය විරෝධී කඳවුරට නොමද ආස්වාදයක් ගෙන දුන් බව මේ මොහොතේ අපි ඉමහත් සතුටින් අවධාරණය කරන්නෙමු. කෙසේ වෙතත්, පරාජය හමුවේ අවසානයේ දී සාමූහික බටහිරයන් සිහි එලවාගත නොහැකිව, විවිධ සදාචාර විරෝධී ක්‍රම භාවිතා කරමින් රුසියානු රාජ්‍යයට පහර දීමේ අනතුරක් ඇති බව අපට හැඟේ.
සාමූහික බටහිරයන් රුසියාවට එරෙහිව මිලිටරි සහ මතවාදී යුද්ධයක් දියත් කිරීමට සියලු උපක්‍රම භාවිතා කරනු ඇති බවට සැකයක් නැත. නමුත් රුසියානු ජනාධිපති අතිගරු ව්ලැඩිමීර් පුටින් මැතිතුමාගේ නායකත්වයෙන් යුත් රුසියානු රාජ්‍යය එකී සියලු අභියෝග ජය ගන්නා බව අපගේ විශ්වාසයි.
අවසන් වශයෙන් ඉමහත් උද්යෝගයෙන් තම ජාතික දිනය සමරනු ලබන අපගේ සාම්ප්‍රදායික මිතුරන් වූ රුසියානු ජනතාවට උණුසුම් සුබ පැතුම් පිරිනැමීමට අපි කැමැත්තෙමු. මෙම මිත්‍රත්වය අතිගරු ව්ලැඩිමීර් පුටින් මැතිතුමන් විසින් අඛණ්ඩව ශක්තිමත් කරනු ලබන බව අපගේ විශ්වාසයයි. රුසියානු ජාතික දින සැමරුමට සම්බන්ධ වීමට ලැබීම අපට ගෞරවයක් බව ද මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමු.
ස්තුතියි.
මෙයට විශ්වාසී,
විමල් වීරවංශ(පා. ම.),
නායක,
ජාතික නිදහස් පෙරමුණ,


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..