News Category
From Date
To Date
Maximum Number of Result

මිල්කෝ ආයතනය ඉන්දියානු සමාගමකට විකුණන්න සූදානම් වෙනවා... විකුණන්කෑමෙන් ලැබෙන සුගතිය මොකක් ද? - විමල් ප්‍රශ්න කරයි

Oct 12, 2023 at 02:53 PM
|

ලෝක ආර්ථිකය හැකිළීම ඇතුළු ලෝකය මුහුණ දී ඇති අර්බුදයන් තවදුරටත් උත්සන්න වීමට ඊශ්‍රායල - පලස්තීන යුද ගැටුම හේතු වන බවත් එවැනි තත්ත්වයක් තුළ සමස්ත ලෝකවාසීන්ගේම යහපත පිණිස, ඊශ්‍රායල - පලස්තීන යුද ගැටුම සමනයට, සෑම ලෝක බල කඳවුරක්ම වහාම කටයුතු කළ යුතුව ඇතැයි උත්තර ලංකා සභාගය අවධාරණය කරයි.

අද(12) බොරැල්ලේ පිහිටි, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැති උත්තර ලංකා සභාගයේ පක්ෂ නායක මාධ්‍ය හමුවට එක්වෙමින්, එහි සභාපති ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එසේ අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද සහභාගි විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා මෙසේ ද සඳහන් කළේය.

"ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වෙමින් පවතින යුද ගැටුම අද ලෝකය මුහුණ දී ඇති අර්බුදයන් තවත් උත්සන්න කිරීමක් මිස ඒවා සමනය කිරීමට හේතුවක් වෙන්නේ නැහැ. මේ යුද ගැටුම උග්‍ර වන තරමට, එයට තවත් රටවල් සම්බන්ධ වන තරමට හැකිළෙමින් තිබෙන ලෝක ආර්ථිකය තවදුරටත් හැකිළෙනවා මිස ප්‍රසාරණය වන්නේ නැහැ. මේ වනවිටත් ආර්ථික අර්බුදයක් හේතුවෙන් ආර්ථිකයේ බරපතළ හැකිළීමකට මුහුණ දී සිටින අපට ද ජාතියක් ලෙස මේ ගැටුමෙහි ප්‍රතිඵල බරපතළ ලෙස දැනේවි. සමස්තයක් ලෙස මුළුමහත් ලෝකයටම මානුෂවාදීමය කම්පනයට පත් කරන, අඳුරු ප්‍රතිඵල භුක්ති විඳීමට සිදු වේවි. උත්තර ලංකා සභාගය හැටියට අපේ ස්ථාවරය වී තිබෙන්නේ, 'ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වෙමින් තිබෙන යුද ගැටුම හැකිතාක් ඉක්මනින් සමනය කර ගැනීම සඳහා ලෝකයේ සෑම බල කඳවුරක්ම කටයුතු කළ යුතුයි' යන්නයි.

විදුලි බිල තව වටයකින් ඉහළට...

අපේ රටේ පහළ ආදායම් ලබන ජනතාව මෙන්ම මැද පංතියේ ජනතාව ද අද ජීවත් වෙන්නේ ආර්ථික අර්බුදයක කරවටක් ගිලිලයි. ඔවුන් සියලුදෙනාම උපයන මුදලින් ජීවත් විය නොහැකි තත්ත්වයකට පත්ව සිටිනවා. මේ කනගාටුදායක තත්ත්වය තවදුරටත් තීව්‍ර කරන්න, දැන් මේ ආණ්ඩුව සූදානම් වෙනවා. ඒ ඒ විදුලි බල මණ්ඩලයේ පාඩුවක් ගැන කියමින් විදුලි බිල තවත් වටයකින් ඉහළ දැමීමෙනුයි. එහෙම කළොත් 'පාන්' කියාගන්නවත් බැරුව ඉන්න මේ රටේ සාමාන්‍ය ජනතාව එතැනින් තවත් පහළට වැටෙනවා.

රට හැර යන තත්ත්වයට ඇද දමන තීන්දුවක්

විදුලි බිල ඉහළ යනවා, කියන්නේ මේ රටේ සෑම පාරිභෝගික භාණ්ඩයකම සහ සේවාවකම මිල ඉහළ යනවා, කියන එකයි. දැන් වෘත්තිකයන් විදෙස්ගත වෙනවා, 'ලැබෙන වැටුපෙන් බදු ගෙවලා ජීවත් වෙන්න අමාරුයි' කියලා. වෘත්තිකයන් පමණක් නොවෙයි 'යමක්කමක් කරගන්න පුළුවන් හැම මිනිහාම' මේ රට හැර යන තත්ත්වයට ඇද දමන එක ද ආණ්ඩුවක වගකීම? ආර්ථික අර්බුදය සමනය කරන්නේ මේ රටේ යමක්කමක් කරගන්න පුළුවන් හැම මිනිහාම රටින් එළියට ඇද දමලා ද? විදුලි බිල පිළිබඳ තීරණ ගන්න ඕනේ විදුලි බල මණ්ඩලය ගැන විතරක් හිතලා නොවෙයි, මේ සමස්ත පින්තූරය දෙස බලලා. විදුලි බල මණ්ඩලයේ තිබෙන අකාර්යක්ෂමතාව, නාස්තිය වැනි හැම අඩුපාඩුවකම ප්‍රතිඵල මහජනයාගේ පිට පටවන්න එපා! ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා, 'එක එක වෙලාවට විදුලි බල මණ්ඩලයේ පාඩුවක් පෙන්වමින් විදුලි බිල වැඩි කරලා සමස්ත පාරිභෝගික භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යෑමට ඉඩ සැලැස්වීමෙන් වළකින්න. එහෙම කළොත් මේ රට මුඩුබිමක් බවට පත් වේවි, යමක්කමක් ඇති සියලුදෙනා මේ රට හැර යාවි' කියා.

විකුණන්කෑමෙන් ලැබෙන සුගතිය?

දැන් මේ ආණ්ඩුව ආර්ථික අර්බුදයට උත්තරය ලෙස දකින්නේ පෞද්ගලීකරණයයි. ඒ වගේම මේ අය පෞද්ගලීකරණය කරන්න හදන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන නොවෙයි, ලාභ ලබන ආයතන. ඊට අදාළව මේ වනවිට කැබිනට් පත්‍රිකා කිහිපයක්ම ගෙනවිත් තිබෙනවා. ඊට හොඳම නිදසුන තමයි මිල්කෝ ආයතනය විකිණීමට රැගෙනවිත් තිබෙන කැබිනට් පත්‍රිකාව. මිල්කෝ ආයතනය විකුණන්න හදන්නේ ඊට අයත් නිෂ්පාදන කර්මාන්තශාලා පමණක් නොවෙයි, ගොවිපළවල් සහ තණබිම් ද ඇතුළත්ව. ඉන්දියානු සමාගමකටයි මේ සියල්ල දෙන්න සූදානම් වෙන්නේ. එහෙම විකුණන්කෑමෙන් ලැබෙන සුගතිය කුමක්ද?

වැරදි ආර්ථික මොඩලයට තිත තියමු!

අපි දන්නවා, හයිලන්ඩ් යෝගට් එකේ තිබෙන ප්‍රමිතිය මෙරට අනෙකුත් යෝගට්වල නොමැති බව. මේ විකුණන්කෑමෙන් එක පැත්තකින් මේ රටේ ජනතාවට ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදනයන් මිලදී ගැනීමේ හැකියාව අහිමි වෙනවා. අනෙක් පැත්තෙන් ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම මගින් මේ රට ආර්ථිකමය වශයෙන් වෙනත් පාර්ශ්ව මත යැපීම වැඩි වෙනවා. මේ විකුණන්කෑමේ උපායමාර්ගයේ ප්‍රතිඵලය ලෙස තමයි ශ්‍රී ලංකාව අද මේ ඉරණමට පත්ව තිබෙන්නේ. මේ ආණ්ඩුව ඒ වැටුණු වළෙන් ගොඩඒමට පාවිච්චි කරන්නෙත් ඒ වැරදුණු උපායමාර්ගයමයි. ඒ වැරදුණු උපායමාර්ගය කරේ තබාගෙන ගිහිල්ලා මේ අර්බුදයෙන් ගොඩඒමට බැහැ. තව තවත් වෙනත් ජාතීන් මත යැපීමට සිදු වන, ගොඩඒමට නොහැකි පත්ලක් වෙත ඇද දමන මේ වැරදි ආර්ථික මොඩලයෙන් මේ රට අපි එළියට ගත යුතුයි. අද විපක්ෂයේ දේශපාලන පක්ෂත් 'ඒ මොඩලයම තමයි හොඳ' කියමින් බලය ඉල්ලනවා. බලය කවුරු ගත්තත් මේ වැරදි ආර්ථික මොඩලය නම් කර තබාගෙන යන්නේ, ඒ මොඩලය මගින් නම් උත්තර හොයන්නේ රට වළපල්ලට වැටීම හැර වෙන දෙයක් ලැබෙන්නේ නැහැ.

සැබෑ අරගලය කුමක්ද?

'මේ වැරදි ආර්ථික මොඩලයෙන් එළියට ඒමේ මාර්ගය අප පාදාගත යුතුයි; ඒ සඳහායි මේ රටේ ජනතාව අරගල කළ යුත්තේ' යන්නයි උත්තර ලංකා සභාගයේ මතය වී ඇත්තේ."

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)

සම්බන්ධිත පුවත් | Related News

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.