ජනමත විචාරණයකට මන්ත්‍රීලාගෙන් කොන්දේසියක්... විශේෂ සාකච්ඡා දෙකක් පවත්වලා
ජනමත විචාරණයක් හරහා ජනාධිපතිගේ ධූර කාලය වසර දෙකකින් දිගු කර ගන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාලය ද ඒ අනුව වසර දෙකකින් දීර්ඝ කරගත යුතු බවට කොන්දේසියක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති බව ‘ඉරිදා මව්බිම’ සඳහන් කරයි.
එවැනි එකඟතාවක් ජනාධිපතිවරයා විසින් ඇති කර ගනු ලැබුවහොත් බහුතරයක් මන්ත්‍රීවරුන් ජනාධිපතිගේ ධූර කාලය දිගු කර ගැනීම සඳහා වන ජනමත විචාරණයකට එකඟව අත ඔසවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර ඇත.
එමෙන් ම ‘ඉරිදා මව්බිම’ අනාවරණය කර ඇත්තේ, ජූලි මස මුල ජනමත විචාරණයකට යාමට ආණ්ඩුවේ සැලසුමක් පවතින බව ය.
විශේෂයෙන් ම නවක මන්ත්‍රීවරුන් විශාල ගණනක් පාර්ලිමේන්තුවේ සිටින අතර ඔවුන්ගේ විශ්‍රාම වැටුප අහිමි වීම වළක්වා ගැනීමට නම් ඔවුන්ගේ ධූර කාලය තව වසර කිහිපයක් ඉදිරියට පවත්වාගෙන යා යුතුව තිබේ.
ඒ අනුව, ජනාධිපතිවරයාට සමීප අති බහුතරයකගේ මතය ජනමත විචාරණයකට යෑම සුදුසු බවත් ඔවුන්ගේ තර්කය වනුයේ රට වසර දෙකක් තුළ ස්ථාවර කර ගෙන ඉන් අනතුරුව ජාතික මැතිවරණයකට යාම වඩාත් සුදුසු බවත් යැයි ද ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
1982 වසරේ ජේ.ආර්. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කාලය දිගු කර ගැනීමේදී කළ ජනමත විචාරණයක ආකාරයට කළ හැකිදැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ පුද්ගලයන් නීති විශාරදයන්ගෙන් විමසා ඇති අතර ඊට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යම් බාධා පැන නැඟෙන්නේ නම් ඊට ගත හැකි විකල්ප කවරේ ද යන්න ඔවුන් නීති විශාරදයන් හමුවේ විමසා ඇති බව ද දැනගන්නට තිබේ.
මේ පිළිබඳ ජනාධිපති කාර්යාලයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේත්, බත්තරමුල්ල ‘වෝටර්ස් එජ්’ හෝටලයේදීත් විශේෂ සාකච්ඡා දෙකක් පවත්වා ඇති බව ද දැනගන්නට ලැබේ.
කෙසේ නමුත් නීති විශාරදයන්ගේ තර්කය වනුයේ ජනමත විචාරණයක් පැවැත්වීමේ අවස්ථා දෙකක් හිමි වන අතර ඉන් පළමුවැන්න ජනාධිපතිවරයා රටේ යම් ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් යොමුකර ජනමතයක් විමසිය හැකි වීමත්, දෙවැන්න පාර්ලිමේන්තුවේ පනතක් හරහා තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගතහොත් එහිදී ජනමත විචාරණයකට යා හැකි වීමත් බව ය.
එමෙන් ම, පාර්ලිමේන්තුවේ මුස්ලිම්, දෙමළ මන්ත්‍රීවරුන් තිහකට ආසන්න ප්‍රමාණයක් සිටින අතර ඔවුන් බහුතරයක් ජනමත විචාරණයක් සම්බන්ධ මතය මේ මොහොත වන විටත් නිසි ලෙස පැහැදිලි කර නොතිබීම තුළ ජනමත විචාරණයකට ඔවුන්ගේ කැමැත්ත හිමිවේ ද අහිමිවේ ද යන්න නිශ්චිත නොමැති වටපිටාවක් ද මතුව තිබේ.
ඊට හේතුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පවතින ධුර කාලය තුළ පනත් රාශියක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් අතර ඊට එම පක්ෂවල පෙනී සිටීම බොහෝ අවස්ථාවන්හි මගහැරි බව පෙන්නුම් කිරීම ද මීට බලපානු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
කෙසේ නමුත් විපක්ෂයේ මතය වන්නේ මැතිවරණයක් කල් දැමීමට නීතියක් ගෙන ආවොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් හා ජනමත විචාරණයකින් එය සම්මත විය යුතු වන අතර පාර්ලිමේන්තුවේ කාලය හා ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීතියක් ආණ්ඩුව විසින් සැකසිය යුතු බව ය.
උදාහරණයක් ලෙස ජාතික වශයෙන් ඉතා ම වැදගත් පනතක් වූ විදුලි බල පනතට ද පසුගිය දා (ජූනි 6) ආණ්ඩුවට පක්ෂව ඡන්ද හිමි වූයේ 103ක් වන අතර ආණ්ඩුව 150ක බහුතරයක් ලබා ගැනීමට නම් ව්‍යවස්ථා රාමුවෙන් පිට ඔවුන්ට කටයුතු කිරීමට සිදුවනු ඇති බව ද විපක්ෂයේ මතය වේ.
තව ද ජාතික ජන බලවේගය ප්‍රකාශ කරන්නේ ජනමත විචාරණයක් ගෙන එන්නේ නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නට සූදානම් බව ය.
(ඉරිදා මව්බිම)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..