News Category
From Date
To Date
Maximum Number of Result

රනිල්ගේ විනාශකාරී අණපනත්වලට අත ඔසවන, “සිග්නල් කණු” බවට පත්ව සිටින පොහොට්ටු මන්ත්‍රී පිරිස රට යළි ගොඩගත නොහැකි අනතුරකට ඇද දමනවා - ජයන්ත සමරවීර

Jun 8, 2024 at 08:36 AM
|

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත, රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත හා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් සම්මත වුවහොත් පාර්ලිමේන්තුව සතුව තිබෙන රාජ්‍ය මූල්‍ය බලය සහ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ බලය සම්පූර්ණයෙන්ම මේ වන විට ජනාධිපති, මුදල් ඇමති, ආර්ථික කටයුතු ඇමති යන භූමිකා තුනම ඉටු කරන රනිල් වික්‍රමසිංහ මහතා අතට පත්වන බවත් අද වන විට රනිල් වික්‍රමසිංහ මහතා ගෙන එන සියලු විනාශකාරී අණපනත්වලට අත ඔසවන “සිග්නල් කණු” බවට පත්ව සිටින පොහොට්ටු මන්ත්‍රී පිරිස එමඟින් මේ රට යළි ගොඩගත නොහැකි අනතුරකට ඇද දමන බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන් සමරවීර මහතා පෙන්වා දෙයි.

“සර්වජන බලය” දේශපාලන එකමුතුව එහි බොරැල්ලේ පිහිටි මූලස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා මෙසේද සඳහන් කළේය.

“රටේ සියලු සාරයන් දෙස් විදෙස් ජාවාරම්කරුවන් අතට පත්කිරීමට කටයුතු කරමින් සිටින රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව එම කටයුත්ත පරිසමාප්ත කිරීම සඳහා පනත් කෙටුම්පත් ත්‍රිත්වයක් පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබෙනවා.

පනත් ත්‍රිත්වය හඳුනා ගනිමු!

මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වය විවාදයට ගැනීම ආරම්භ කෙරෙනවා. ඉන් පළමුවැන්න තමයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත. එමගින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට තිබෙන රාජ්‍ය මූල්‍ය බලය මුළුමනින්ම සියතට ගනිමින් ඒකාධිපති බලයක් ගොඩනගා ගැනීමට අපේක්ෂා කරනවා. දෙවැන්න තමයි රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත. ණය හිමියන්, පොලී ප්‍රතිශත තීරණය කිරීම ආදියෙහි සිට රාජ්‍ය ණය ගැනීමට අදාළ සමස්ත ක්‍රියාවලියම ජනාධිපතිවරයා සහ මුදල්, ආර්ථික කටයුතු අමාත්‍යවරයා වන තමා යටතට ගැනීමයි එමගින් රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන්නේ. තුන්වැන්න තමයි ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත. මේ රටේ සියලුම රාජ්‍ය දේපළ පමණක් නොවෙයි ස්වාභාවික සම්පත් සියල්ලේ අයිතිය පිළිබඳව තීරණ ගැනීමේ තනි හැකියාව එමගින් රනිල් වික්‍රමසිංහ මහතාට ලැඛෙනවා.

මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වය සම්මත කරලා ඒකාධිපති බලයක් ගොඩනගාගෙන  ශ්‍රී ලංකාව තමන්ගේ පෞද්ගලික බූදලයක් සේ පාලනය කරන්න, වෙනත් ආකාරයකින් කිවහොත් පාර්ලිමේන්තුව සතුව තිබෙන රාජ්‍ය මූල්‍ය බලය සහ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමේ බලය තමන් අතට ගන්න තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූදානම් වෙන්නේ. එහෙම ඒකාධිපති බලයක් හදාගෙන, මේ රට බංකොලොත්භාවයට රැගෙන ගොස් තිබෙන, 1977න් ඇරඹි වැරදි ආර්ථික ගමන් මගෙහි අවසන් ඉම තෙක් රැගෙන යාමයි ඔහුගේ අපේක්ෂාව වී තිබෙන්නේ.

ගජ මිතුරු සෙල්ලම යළිත්…

මෙම පනත් කෙටුම්පත් සමීපව අධ්‍යයනය කළොත් ඒවායේ තිබෙන රටට, ජනතාවට ඉතාමත් හානිකර ප්‍රතිපාදන මේ ආකාරයට වටහාගත හැකියි. රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත සම්මත වුවහොත් එමඟින් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවිය හැකි අතර ඊට අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කරනු ලබන්නේ ද මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාමයි. ඔහුට පුළුවන් එම පුටුවට මහ බැංකු බැඳුම්කර වංචාවේ “මහ මොළකරු” අර්ජුන මහේන්ද්‍රන් පවා පත් කරන්න; ඒ වගේම අර්ජුන් ඇලෝසියස්වත් බැඳුම්කර වෙළඳපොළ තුළ සක්‍රිය කරවන්න.

වසර පහකට රනිල්ට ලැබෙන දේ…

ඒ වගේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සම්මත වුණාම ජනාධිපති රනිල් වික්‍රමසිංහට මුදල් අමාත්‍යවරයා, ආර්ථික කටයුතු අමාත්‍යවරයා හැටියට බලතල ලැබෙනවා, ‘මේ රටේ රාජ්‍ය ආයතන පවත්වාගෙන යනවා ද විකුණා දමනවා ද, ඒවායේ සේවක සංඛ්‍යා, වැටුප් කෙසේ විය යුතු ද?’ ආදී සියලු තීරණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ක්‍රියාත්මක කරන්න. ඒ වගේම වසර පහක කාලපරිච්ඡේදයක් සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කිරීමේ තනි වගකීමත් එම පනතින් ඔහුට ලැබෙනවා.

ජාතික සම්පත්වල ඉරණම…

ඒ වගේම ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත වුණාම මේ රටේ සියලුම රාජ්‍ය දේපළ පමණක් නොවෙයි සියලු ස්වාභාවික සම්පත් ඒ කියන්නේ අපේ ඛනිජ සම්පත, ජල සම්පත, සාගර සම්පත, වන සම්පත අපේ ගුවන යන සියල්ලේ අයිතිය පිළිබඳව තීරණ ගැනීමේ හැකියාව (පාර්ලිමේන්තුවට ද නොදන්වා) ජනාධිපති, මුදල් ඇමති, ආර්ථික කටයුතු ඇමති යන වගකීම් දරන මේ රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනවා.

පොහොට්ටු “සිග්නල් කණු” කරන කැත වැඩේ

මේ මහා අපරාධය කරන්න පුළුවන් වෙන්නේ 69 ලක්ෂයේ ජනවරමට උරුමකම් කියන, අද රනිල් වික්‍රමසිංහ මහතාගේ දීන දාසයන් පිරිසක් බවට පත්ව ඇති පොහොට්ටු “සිග්නල් කණු” ටික අත එසවුවහොත් පමණයි. ඔවුන් අත එසවුවහොත් විදුලි බල පනත වගේම මේ හානිකර පනත් ත්‍රිත්වය ද සම්මත වේවි. අපි දුටුවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සති දෙකකට පමණ පෙර ප්‍රකාශයක් නිකුත් කොට තිබුණා, ‘මෙවැනි රාජ්‍ය දේපළ විකුණා දැමීමේ හෝ රාජ්‍ය ණය පිළිබඳ හෝ රාජ්‍ය මූල්‍ය පිළිබඳ හෝ තීරණ ගැනීමේ අයිතියක් 69 ලක්ෂයේ ජනවරමේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහට නොහැකියි’ කියා. දැන් මේ ප්‍රකාශයට අනුව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටු මන්ත්‍රීවරුන් කටයුතු කරාවිද කියා අපට බැලිය හැකියි.

අපි ‘සර්වජන බලය’ දේශපාලන එකමුතුව විදිහට මේ පනත් කෙටුම්පත් ත්‍රිත්වය පැරදවීම සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ගත හැකි සියලු පියවර ගනිමින් සිටිනවා. ඒ සඳහා සියලු ප්‍රගතිශීලී ජනකොටස්වල සහයෝගය ඉල්ලා සිටිනවා.”

යුතුකම’ ජාතික සංවිධානය වෙනුවෙන් එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් එහි නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී. තිලකසිරි යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.
ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.
පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.
මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

ප්‍රධාන පුවත්

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.