ආර්ථික පරිවර්තන පනත සහ රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත සම්මත වුනොත් මෙරට බිහිවන ජනාධිපතිවරයා හරියට බූවල්ලෙක් වගේ - උදය ගම්මන්පිල
තමන් විධායක ජනාධිපතිධූරයට පත්වන තුරුම එය අහෝසි කළ යුතු යැයි පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා දැන් එම ජනපති ධූරය දරමින් එහි බලතල තව දුරටත් වැඩි කිරීමට උත්සහ දරණ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ආණ්ඩුව විසින් ගෙන එන ලද ආර්ථික පරිවර්තන පනත සහ රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීම සදහා ”සර්වජන බලය” සන්ධානය විසින් කටයුතු කල අවස්ථාවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ උදය ගමම්න්පිල මහතා මෙසේ අදහස් දැක්වීය.
"විධායක ජනාධිපතිධූරයට පත්වන තුරුම විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතු යැයි කියපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් පාර්ලිමේන්තුවටත් අණ පනත් ගෙන එමින් පාර්ලිමේන්තුවේ බලයත් උදුරාගෙන අර ඔහු විසින් අහෝසි කරන්න ඕනේ යැයි කියපු විධායක ජනාධිපති ධූරය තවදුරටත් ශක්තිමත් කිරීමේ වෑයමක යෙදී ඉන්නවා.
මේ ඉදිරිපත් කරලා තියෙන ආර්ථික පරිවර්තන පනත ගත්තොත් වාණිජ අමාත්‍යාංශය, ආයෝජන අමාත්‍යාංශය වැනි විවිධ අමාත්‍යාංශවල අමාත්‍යවරුන් සතු බලතල සහ මුදල් අමාත්‍යවරයා සතු බලතල සියල්ලම ජනාධිපතිවරයාට හුවමාරු කිරීමයි මෙමගින් සිද්ධ වෙන්නේ.
මේ පනත් කෙටුම්පත හරහා අලුත් ආයතන අටක් බිහිකරනවා. මේ ආයතන අටම ඒ ඒ අමාත්‍යාංශවල අමාත්‍යවරුන් වෙනුවට ඍජුවම ජනාධිපතිවරයාට වග කියනවා.
මේ පනත් කෙටුම්පත් සම්මත වුනොත් මෙරට බිහිවන ජනාධිපතිවරයා හරියට බූවල්ලෙක් වගේ. ආර්ථිකය සිසාරා පැතිරුණු සෑම ක්ෂේත්‍රයකම බූවල්ලාගේ අඬු තියෙනව. ඒ බූවල්ලාගේ හිස බවට පත්වන්නේ ජනාධිපතිවරයා.
විධායක ජනාධිපති ධූරයට අත්තනෝමතික බලතල ලබා දීමට අපි විරුද්ධයි. පවතින බලතල අඩු කරලා මීට වඩා වග කියන තත්ත්වයකට පත් කළ යුතුයි කියලා තමයි අප සටන් කරන්නේ. නමුත් ඒ සටනේ අපටත් වඩා ඉදිරියෙන් හිටිය රනිල් වික්‍රමසිංහ මහත්තයා විධායක ජනාධිපති ධුරය ලැබුණට පස්සේ සුන්දර වචනවලින් සඟවලා සමස්ත රාජ්‍ය සතු බලතල තමන්ගේ තනතුර වතා කේන්ද්‍ර කර ගැනීමේ උත්සාහයක යෙදී ඉන්නවා.
ඒ උත්සාහය පරාජය කිරීමට අපි අධිකරණයත්, ඉදිරියේදී පාර්ලිමේන්තුවත්, පසුව මහ පාරත් කියන ස්ථාන තුනම භාවිතා කිරීමට බලාපොරොත්තු වෙනවා."
පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ, යුතුකම සන්විධානයේ සභාපති ගෙවිදි කුමාරණතුංග, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මීන් ඇතුළු සර්වජන බලය සන්ධානයේ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..