නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පාස්කු නඩු විභාගය ඇරඹෙයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (10) පළමුවරට ආරම්භ කෙරුණි.
ඒ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.
2019 වර්ෂයේ අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා දිනයේ දිවයිනේ ස්ථාන 08කදී මරාගෙන මැරෙන ප්‍රහාර 10ක් සිදුකිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදීන් සහ සමීප සම්බන්ධතා පැවැත්වූවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකෙරුණු නඩුව මුල්වරට කැඳවනු ලැබුවේ 2021 වසරේ ඔක්තෝම්බර් 04 වනදාය.
එතැන් පටන් මේ දක්වා නඩු විභාගයට අවශ්‍ය අධිචෝදනා පත්‍ර වින්දිතයින්ට ලබාදීම්, වින්දිතයන්ට අධිචෝදනා කියවාදීම් වැනි මූලික කටයුතු සිදුකෙරුණු අතර අද නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහි සාක්ෂි විභාගය පළමුවරට ආරම්භ කළේය.
ඒ දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.
නඩු විභාගය ආරම්භයේදී පැමිණිල්ල වෙනුවෙන් ආරම්භක දේශනය කළ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කියා සිටියේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විත්තිකරුවන් 25දෙනකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ නඩුවේ 17 වන විත්තිකරු මියගොස් ඇති බැවින් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නඩු විභාගය පවත්වන බවයි.
එමෙන්ම මෙම නඩුව මෙරට අපරාධ නඩු ඉතිහාසයේ වැඩිම චෝදනා ගණනක් අන්තර්ගත නඩුව වශයෙන් වාර්තාගත වන බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් පැවසුවේ මෙරට, ඉස්ලාමීය අන්තවාදය ව්‍යාප්ත වූ ආකාරය, කණ්ඩායම් වශයෙන් එම කටයුතු සංවිධානය වූ ආකාරය සහ පුපුරණ ද්‍රව්‍ය රැස් කළ ආකාරය, සීසීටීවී දර්ශන ඇතුළු පරිවේශනීය සාක්ෂි ද ඉදිරිපත් කරන බවයි.
අනතුරුව නඩු විභාගය අරඹමින් පළමු සාක්ෂිකාරිය ලෙස සාක්ෂි ලබාදෙනු ලැබුවේ බෝම්බ ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේ ආහාරපාන අංශයේ සේවය කළ අසංකා හංසමාලි නැමැති නිලධාරිනියයි.
පිපිරීම සිදු වූ දා පෙරවරු හයට පමණ තමා ෂැංග්‍රිලා හෝටලයේ තිබෙන අවන්හලට සේවයට වාර්තා කළ බවත්, එදින පෙරවරුවේ "ඊස්ටර් බ්‍රන්ච්" යනුවෙන් විදේශිකයින් සඳහා විශේෂ ආහාර වේලක් සංවිධානය කර තිබූ බවත් ඇය සාක්ෂි දෙමින් සඳහන් කළාය.
තමා අමුත්තන් කැඳවාගෙන ගොස් අදාළ ස්ථානවල වාඩිකරන අවස්ථාවේදී අවන්හලේ සී සහ ඩී කොටස් අතර පළමුවන බෝම්බ පිපිරීම සිදු වූ බවත්, පිපිරීමෙන් පසු අවන්හල තුළ දැඩි අන්ධකාරක් පැවති අවස්ථාවේ තමා සී කොටස කරා යමින් සිටියදී දෙවන බෝම්බය පිපිරී ගිය බව ද ඇය සාක්ෂි දෙමින් කියා සිටියාය.
පසුව එම ස්ථානයේ මස් කැබලි, අත් සහ පාදවල කැබලි විසිරී තිබෙන ආකාරයක් තමා දුටු බව පැවසු සාක්ෂිකාරිය පිපිරීම්වලින් තම හිසටද තුවාල සිදුවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ගත් බව පැවසුවාය.
ඉන්පසුව විමර්ශන නිලධාරීන් පැමිණ ඡායාරූප දෙකක් පෙන්වා ඔවුන්ගේ අනන්‍යතාවය පිළිබඳව තමන්ගෙන් ප්‍රශ්න කළ බව කී සාක්ෂිකාරිය එහි එක් පුද්ගලයෙකු සහරාන් හෂිම් බව හඳුනාගත් බව සඳහන් කළාය.
ඇය වැඩිදුරටත් කියා සිටියේ සහරාන් නැමැත්තා පිපිරීම සිදුවීමට පෙර තමා අසලින් ගමන් ගත් ආකාරය තමන් දුටු බවයි.
වැඩිදුර සාක්ෂි විමසීම අද දින තෙක් කල් තැබිණි.
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්