
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පාස්කු නඩු විභාගය ඇරඹෙයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (10) පළමුවරට ආරම්භ කෙරුණි.
ඒ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.
2019 වර්ෂයේ අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා දිනයේ දිවයිනේ ස්ථාන 08කදී මරාගෙන මැරෙන ප්‍රහාර 10ක් සිදුකිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදීන් සහ සමීප සම්බන්ධතා පැවැත්වූවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකෙරුණු නඩුව මුල්වරට කැඳවනු ලැබුවේ 2021 වසරේ ඔක්තෝම්බර් 04 වනදාය.
එතැන් පටන් මේ දක්වා නඩු විභාගයට අවශ්‍ය අධිචෝදනා පත්‍ර වින්දිතයින්ට ලබාදීම්, වින්දිතයන්ට අධිචෝදනා කියවාදීම් වැනි මූලික කටයුතු සිදුකෙරුණු අතර අද නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහි සාක්ෂි විභාගය පළමුවරට ආරම්භ කළේය.
ඒ දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.
නඩු විභාගය ආරම්භයේදී පැමිණිල්ල වෙනුවෙන් ආරම්භක දේශනය කළ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කියා සිටියේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විත්තිකරුවන් 25දෙනකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ නඩුවේ 17 වන විත්තිකරු මියගොස් ඇති බැවින් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නඩු විභාගය පවත්වන බවයි.
එමෙන්ම මෙම නඩුව මෙරට අපරාධ නඩු ඉතිහාසයේ වැඩිම චෝදනා ගණනක් අන්තර්ගත නඩුව වශයෙන් වාර්තාගත වන බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් පැවසුවේ මෙරට, ඉස්ලාමීය අන්තවාදය ව්‍යාප්ත වූ ආකාරය, කණ්ඩායම් වශයෙන් එම කටයුතු සංවිධානය වූ ආකාරය සහ පුපුරණ ද්‍රව්‍ය රැස් කළ ආකාරය, සීසීටීවී දර්ශන ඇතුළු පරිවේශනීය සාක්ෂි ද ඉදිරිපත් කරන බවයි.
අනතුරුව නඩු විභාගය අරඹමින් පළමු සාක්ෂිකාරිය ලෙස සාක්ෂි ලබාදෙනු ලැබුවේ බෝම්බ ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී කොළඹ, ෂැංග්‍රිලා හෝටලයේ ආහාරපාන අංශයේ සේවය කළ අසංකා හංසමාලි නැමැති නිලධාරිනියයි.
පිපිරීම සිදු වූ දා පෙරවරු හයට පමණ තමා ෂැංග්‍රිලා හෝටලයේ තිබෙන අවන්හලට සේවයට වාර්තා කළ බවත්, එදින පෙරවරුවේ "ඊස්ටර් බ්‍රන්ච්" යනුවෙන් විදේශිකයින් සඳහා විශේෂ ආහාර වේලක් සංවිධානය කර තිබූ බවත් ඇය සාක්ෂි දෙමින් සඳහන් කළාය.
තමා අමුත්තන් කැඳවාගෙන ගොස් අදාළ ස්ථානවල වාඩිකරන අවස්ථාවේදී අවන්හලේ සී සහ ඩී කොටස් අතර පළමුවන බෝම්බ පිපිරීම සිදු වූ බවත්, පිපිරීමෙන් පසු අවන්හල තුළ දැඩි අන්ධකාරක් පැවති අවස්ථාවේ තමා සී කොටස කරා යමින් සිටියදී දෙවන බෝම්බය පිපිරී ගිය බව ද ඇය සාක්ෂි දෙමින් කියා සිටියාය.
පසුව එම ස්ථානයේ මස් කැබලි, අත් සහ පාදවල කැබලි විසිරී තිබෙන ආකාරයක් තමා දුටු බව පැවසු සාක්ෂිකාරිය පිපිරීම්වලින් තම හිසටද තුවාල සිදුවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ගත් බව පැවසුවාය.
ඉන්පසුව විමර්ශන නිලධාරීන් පැමිණ ඡායාරූප දෙකක් පෙන්වා ඔවුන්ගේ අනන්‍යතාවය පිළිබඳව තමන්ගෙන් ප්‍රශ්න කළ බව කී සාක්ෂිකාරිය එහි එක් පුද්ගලයෙකු සහරාන් හෂිම් බව හඳුනාගත් බව සඳහන් කළාය.
ඇය වැඩිදුරටත් කියා සිටියේ සහරාන් නැමැත්තා පිපිරීම සිදුවීමට පෙර තමා අසලින් ගමන් ගත් ආකාරය තමන් දුටු බවයි.
වැඩිදුර සාක්ෂි විමසීම අද දින තෙක් කල් තැබිණි.
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
