කාලගුණේ අනාවැකිවලට මොකද වුනේ?
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ඊයේ (02 වැනිදා) දිනය සම්බන්ධයෙන් නිවැරදි කාලගුණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බව අනාවරණය වී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය 31 වැනිදා පස්වරුවේ නිකුත් කරන ලද ඉදිරි පැය 36 සදහා වූ කාලගුණ නිවේදනය මගින් සඳහන් කරන ලද්දේ බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලි මීටර් 100 ට වැඩි වර්ෂාපතනයක් ඇදහැලෙන බව වුවත්, ඊයේ (02 වැනිදා) පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළදී රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයෙන් මිලි මීටර් 436 ක වර්ෂාපතනයක් වාර්තා විය.
නිවැරදි අනාවැකියක් ලබාදීමට නොහැකිවීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන් මාධ්‍ය හමුවේ කියා සිටියේ ඩොප්ලර් රේඩාර් (Doppler Radar) පද්ධතියක් නොමැතිවීම නිසා වැසි තත්ත්වය පිළිබඳව නිශ්චිතවම සඳහන් කිරීමට නොහැකිවූ බවය.
ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මගින් වායුගෝලීය සාධක හඳුනාගැනීමෙන් ඉදිරි පැය දෙක තුනක කාලගුණ අනාවැකිය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී. මෙම තාක්ෂණය ලෝකයේ රටවල භාවිත කෙරෙන්නේ දැනට අවුරුදු 20 කට වැඩි කාලයක සිටය.
ශ්‍රී ලංකාවට ද නවීන ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 400 ක මුදලක් අය වැයෙන් වෙන් කෙරිණි. මෙම පද්ධතිය ගොංගල කඳු මුදුනේ සවි කිරීමටද සැලසුම් කෙරිණි. ඇමෙරිකාවෙන් 2011 වසරේදී ආනයනය කරන ලද මෙම පද්ධතිය ගොංගල කඳු මුදුනට ප්‍රවාහනය කරද්දී රථය පෙරළී ගියේය.
කෙසේ නමුත්, මෙම පද්ධතිය භාවිත කිරීමට මෙතෙක් නොහැකිවී තිබේ. මෙම පද්ධතිය සඳහා රුපියල් කෝටි 20 ක මුදලක් වැයවී ඇතැයි ද පැවසේ.
කෙසේ නමුත්, මේ දක්වා නවීන ඩොප්ලර් රේඩාර් පද්ධතියක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නොමැතිවීම නිසා ඉදිරි පැය කීපය තුළදී ක්ෂණිකව ඇතිවන කාලගුණ විපර්යාස සම්බන්ධව නිවැරදි අනාවැකි තත්ත්වයන් ප්‍රකාශ කිරීමට නොහැකිවී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්