News Category
From Date
To Date
Maximum Number of Result

දක්ෂිණාංශික ලිබරල්වාදයත්, වාමාංශික ලිබරල්වාදයත් එකටතබා පරදවමු... "සර්වජන බලය" සමඟ රොද බැඳ ගනිමු! - මව්බිමට පෙම් බඳින සියලුම ජාතිකවාදීන්ගෙන් විමල් ඉල්ලයි

May 28, 2024 at 05:32 PM
|

දක්ෂිණාංශික ලිබරල්වාදය සහ වාමාංශික ලිබරල්වාදය යන "දේශපාලන නිවුන් සොහොයුරන්" එකටතබා පැරදවිය හැකි මේ රටේ එකම දේශපාලන කඳවුර වන ජාතිකවාදී දේශපාලන කඳවුරට නායකත්වය සපයන්නා ලෙස  "සර්වජන බලය" නව දේශපාලන සන්ධානය කටයුතු කරනු ඇති බවත් ඉහත කී "දේශපාලන නිවුන් සොහොයුරන්" එකටතබා පරදවන "දේශපාලන පිංකම" සිදු කිරීමට "සර්වජන බලය" සමඟ රොද බැඳගන්නා ලෙස මේ රටේ සියලුම සැබෑ  ජාතිකවාදීන්ට ඇරයුම් කරන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

උත්තර ලංකා සභාගය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, 'යුතුකම' ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ  මව්බිම ජනතා පක්ෂය සහ ස්වාධීන මන්ත්‍රී සංසදය සමඟ එක්ව  "සර්වජන බලය" නමින් නව දේශපාලන සන්ධානයක් සඳහා අද(27) දින කොළඹදී  මූලික ප්‍රතිපත්ති දහයකින් යුත් ප්‍රතිපත්තිමය සම්මුතියකට අත්සන් තැබීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින්  ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

මෙහිදී  වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

ලිබරල්වාදයේ සරල අර්ථය

"අද ලෝකයේ බොහෝ රටවල දේශපාලන දහම තමා නව ලිබරල්වාදය. නව ලිබරල්වාදය කියනවා, 'රාජ්‍යයේ භූමිකාව අවසන් කරන්න ඕනේ; ආර්ථිකයේ මුළු බලය පෞද්ගලික අංශයට අත් කර දෙන්න ඕනේ; සමාජයේ සාමූහිකත්වය බිඳදමන්න ඕනේ (එය පවුල නමැති ඒකකය බිඳදැමීම දක්වා ගෙන යන්න ඕනේ); අවසානයේ පුද්ගලයා සමාජය වෙනුවෙන් වෙනුවට, පුද්ගලයා තමා වෙනුවෙන්වත් නොවන පුද්ගලයෙකු බවට පත්කරන්න ඕනේ.' කියා. ඒක තමයි නව ලිබරල්වාදී දර්ශනයේ සරල අර්ථය.

"මාමාට" බැරි වුණු දේ කරන "බෑණා" 

දැන් බලන්න, නවසීලන්තය වැනි රටක දරුවකු පාසලකට ඇතුළත් කිරීමට අදාළ පෝරමය පිරවීමේදී මව සහ පියා කවුදැයි අහන්නේ නැහැ. First Parent සහ Second Parent ලෙසයි එය විමසන්නේ. සමලිංගික පවුල්වල හදාගන්නා දරුවන්ට අදාළව, මව සහ පියා කවුදැයි සඳහන් කළ නොහැකි නිසා ඒ සුළුතරය වෙනුවෙන්, බහුතරයේ පවුල නමැති ඒකකය කුඩුපට්ටම් කර දමලා තිබෙනවා. රුසියානු දාර්ශනිකයෙකු වන ඇලෙක්සැන්ඩර් ඩුගින් පෙන්වා දී තිබෙනවා, නව ලිබරල්වාදය අද වන විට එහි අවසන් දුම්රිය නැවතුම්පොළ වෙත ළඟා වෙමින් පවතින බව. දැන් මේ නව ලිබරල්වාදී ගමන් මඟ තුළ පුද්ගලයාගේ ලිංගික අනන්‍යතාව පවා වෙනස් කෙරෙමින් තිබෙනවා. එදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කීවා, ' විධායක ජනාධිපතිට කළ නොහැක්කේ ගැහැණියෙකු පිරිමියෙකු  බවට පත්කිරීම පමණයි' කියා. නමුත් දැන් ඔහුගේ බෑණා ජනාධිපති ධුරයට පත්වෙලා සම ලිංගිකත්වය සහ සංක්‍රාන්ති ලිංගිකත්වය බලගැන්වීමේ පනතක් ගෙනඒමට සූදානම් වෙනවා. එමගින් ඔහුට 'මාමාට' කිරීමට බැරි වුණු එකම දෙයත් කිරීමට පුළුවන් වෙනවා.

ලිබරල්වාදයේ ප්‍රධාන ස්වරූප දෙක

මේ නව ලිබරල්වාදී න්‍යාය පත්‍රය තමයි අද අපේ දේශපාලන කරළිය තුළ විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙන්නේ. මෙහි ප්‍රධාන ස්වරූප දෙකක් තිබෙනවා. එකක් තමයි දක්ෂිණාංශික ලිබරල්වාදය; අනෙක  වාමාංශික ලිබරල්වාදය. ජාතිකවාදී අපේ කඳවුර හැරුණු විට මේ කඳවුරු දෙක තමයි ලංකාවේ දේශපාලනයේ දැකගත හැක්කේ. දක්ෂිණාංශික ලිබරල්වාදයේ හ වාමාංශික ලිබරල්වාදයේ වෙනස්කම් මොනවාද? දක්ෂිණාංශික ලිබරල්වාදයේ ශ්‍රී ලංකාව තුළ සිටින ප්‍රධානතම නියෝජිතයා රනිල් වික්‍රමසිංහ මහතායි. නමුත් විපක්‍ෂ නායකතුමාගේ ගෝලයොත් කියනවා, 'සහාය දීමට ඔය පැත්තට නොපැමිණියාට අපිත් නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවලට අනුකූලයි' කියලා. ඒ නිසා මම මේ දෙකොටසම එකක් ලෙසයි සලකන්නේ. 

'ලාල්කාන්තට ගරු කරන්න ඕනේ' 

දැන් මේ කොළපාට දක්ෂිණාංශික ලිබරල්වාදීන් පාර්ලිමේන්තුවට 'ප්‍රතිසන්ධානය' නමින් පනතක් ගෙන එනවා, මේ රටේ ආරක්ෂක හමුදාවන්ට දඬුවම් කිරීමට. වාමාංශික ලිබරල්වාදය මේ ගැන වචනයක්වත් නොකියා අහක බලාගෙන ඉන්නවා. ලංකාවේ දක්ෂිණාංශික ලිබරල්වාදයේ පියා, රනිල් වික්‍රමසිංහ මහතා කියනවා, '13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලගැන්විය යුතුයි' කියලා. එතකොට වාමාංශික ලිබරල්වාදය නියෝජනය කරන ආචාර්ය හරිනි අමරසූරිය මන්ත්‍රීතුමිය කියනවා, 'අපි ඒකට පූර්ණ සහයෝගය ලබාදෙනවා' කියලා(මේ කතාව 'දි අයිලන්ඩ්' පුවත්පතේ පළවුණා). වාමාංශික ලිබරල්වාදය නියෝජනය කරන ලාල්කාන්ත සහෝදරයා ඊට එහාට ගිහිල්ලා කියනවා, 'නීති හැදීමේ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ගමටම දෙනවා' කියලා. එයාලා අද දක්ෂිණාංශික ලිබරල්වාදයටත් එහාට ගිහිල්ලා. මම මෑතකදී දුටුවා ලාල්කාන්ත සහෝදරයා කියනවා, 'අපි දැන් සමාජවාදය අතහැරලා' කියලා. ඒක විවෘතම කියන්නේ එතුමා විතරයි. ඒකට අපි ගරු කරන්න ඕනේ.

ටිල්වින්ගේ 'අන්තර් භවය' 

ඊළඟට මම ඉහතදී කියපු සමලිංගිකයන්ගේ සහ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතිවාසිකම් බලගන්වන පනත දක්ෂිණාංශික ලිබරල්වාදය විසින් දැන් සකස් කරමින් තිබෙනවා. වාමාංශික ලිබරල්වාදය ඒකට 'මීක්' කියන්නේ නැතිව ඉන්නවා. ඒ වගේම වාමාංශික ලිබරල්වාදය නියෝජනය කරන සමන්මලී මැතිනිය කියනවා, 'ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ' කියලා. වාමාංශික ලිබරල්වාදයේ අන්තර් භවයක සිටින ටිල්වින් සිල්වා මහත්තයා කියනවා, 'නැහැ, නැහැ අපි එහෙම ප්‍රතිපත්තියක නැහැ' කියලා. දැනට වාමාංශික ලිබරල්වාදයේ යම් අන්තර් භවයක සිටින පිරිසකුත් ඉන්නවා. ලාල්කාන්ත සහෝදරයා එහෙම අන්තර් භවයක නොමැති නිසා එයා කෙලින්ම කියනවා, 'අපි දැන් සමාජවාදය අතහැරලා' කියලා.  ඒ වගේම වාමාංශික ලිබරල්වාදය නියෝජනය කරන ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියත් කියනවා, 'නැහැ, නැහැ අපි ඒක නීතිගත කරන්නේ නැහැ. ඒකට බාධා වෙන නීති කිහිපයක් ඉවත් කරනවා' කියලා. ඒ කියන්නේ 'ගණිකා වෘත්තිය නීතිගත කරනවා' කියලයි.

දළදා වහන්සේ 'නයාට අඳුකොළ' වගේ පෙනෙනවා

ඒ වගේම දක්ෂිණාංශික ලිබරල්වාදය බොරුවට හරි බුදුදහම සුරකින බව කියනවා. වාමාංශික ලිබරල්වාදය ආගම ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. දක්ෂිණාංශික ලිබරල්වාදය බොරුවට හරි මල්වට්ටියක් අරන් ගිහින් දළදා වහන්සේ වන්දනා කරනවා. වාමාංශික ලිබරල්වාදය දළදා වහන්සේ පැත්ත පළාතකවත් නොගිහින් ඉන්නවා. එයාලාට දළදා වහන්සේ 'නයාට අඳුකොළ' වගේ පෙනෙනවා.

දක්ෂිණාංශික ලිබරල්වාදය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ තමන්ගේ ශික්ෂා පදය බවට පත්කරගෙන සිටිනවා. දැන් වාමාංශික ලිබරල්වාදයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවෙලා, ආණ්ඩුවේ වැරදි කියලා, ඔවුන් ඉදිරියේ හුරතල් වෙලා, 'ඔබේ ක්‍රියාදාමය අපි ඉදිරියට ගෙන යනවා' කියලා කියනවා. 

බෞද්ධ සංස්කෘතියට පහරදීම

බෞද්ධ සංස්කෘතියට දක්ෂිණාංශික ලිබරල්වාදය එළිපිට පහර දෙන්නේ නැහැ. මට සිහිපත් වෙනවා දක්ෂිණාංශික ලිබරල්වාදයේ හොඳ නියෝජිතයෙකු වූ දිවංගත මංගල සමරවීර මැතිතුමාව. එතුමා නම් සමහර අවස්ථාවල බෞද්ධ සංස්කෘතියට පහර දීම එළිපිට කළා. අවාසනාව වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්ස, දැන් ඇතැම් භික්ෂූන් වහන්සේලාත් මේ ගොඩවල් දෙකට බෙදී සිටීමයි. අද දක්ෂිණාංශික ලිබරල්වාදයට සහ වාමාංශික ලිබරල්වාදයට සේවය කරන භික්‍ෂු ප්‍රතිරූපධාරීන් සිටිනවා. දැන් බලන්න, වාමාංශික ලිබරල්වාදය නියෝජනය කරන 'කැකිරාවේ සුදස්සන' නම් භික්ෂු ප්‍රතිරූපධාරියකු කියනවා, 'ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ. බුදුන් වහන්සේත් ගණිකාවන් ඇසුරු කළා. නිවැරදි ලිංගිකත්වය නිවන් දැකීමට තෘප්තිමත් මාර්ගයක් වෙනවා. බෝධි වන්දනාව, බුද්ධ වන්දනාව එපා! කියලා. මේ ගොඩවල් දෙකේම සිටින භික්ෂු ප්‍රතිරූපධාරීන් 'බෞද්ධ දර්ශනය රකිනවා' යැයි කියමින් බෞද්ධ සංස්කෘතියට පහර දෙනවා. මේක විය හැකි දෙයක්ද? අපි එදා කුඩා අවදියේ චිත්‍රකතා පත්තර බලලා තමයි ඉරිදා දිවයින පුවත්පත බලන්න හුරු වුණේ. ඒ කියන්නේ මුලින් චිත්‍රකතා පත්තර බලලා තමයි ඉරිදා පුවත්පත්වල ශාස්ත්‍රීය ලිපි කියවන්න හුරු වුණේ. බෞද්ධ සංස්කෘතියට ගරු නොකරන, ඒ පිළිබඳ භක්තියක් නොමැති කිසිවකුට නිවැරදිව බෞද්ධ දර්ශනය හඳුනාගන්න බැහැ.

'නිවුන් සොහොයුරන්'

මේ දක්ෂිණාංශික ලිබරල්වාදයේ සහ වාමාංශික ලිබරල්වාදයේ සමානකම පෙන්වාදීමට මට තවත් බොහෝ උදාහරණ පෙන්වා දිය හැකියි. නමුත් කාල වේලාව මදි. අවසන් වශයෙන් බලන්න, මහාචාර්ය සිරිමල් අබේරත්න නම් ආර්ථික විද්‍යාඥයා සහයෝගය දෙනවා රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ගමනට; ඒ කියන්නේ දක්ෂිණාංශික ලිබරල්වාදයට. ඓතිහාසිකව ජනතා විමුක්ති පෙරමුණේ හතුරන් විදියට හිටපු මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ මහාචාර්ය ජයදේව උයන්ගොඩ අද වාමාංශික ලිබරල්වාදයට සහාය පළකරන්නවුන් බවට පත්ව තිබෙනවා. මේ 'පොලා පැනීම' වෙන්නේ කොහොමද? කලින් ජවිපෙට විරුද්ධව හිටපු අය දැන් වාමාංශික ලිබරල්වාදයට සහාය පළකරන්නවුන් බවට පත්වෙන්නේ කොහොමද? මේකෙන් පෙනෙන්නේ නැද්ද සිදුව ඇති විපරිණාමය?

මේ සියලු කරුණුවලින් අපට ඉතාමත් පැහැදිලියි මතුපිටින් බොරු විරෝධයක් පෙන්නුවාට දක්ෂිණාංශික ලිබරල්වාදය සහ වාමාංශික ලිබරල්වාදය කියන්නේ නිවුන් සොහොයුරන් බව. මේ දෙකේ අභ්‍යන්තරයේ තිබෙන්නේ අන්තර්කාලීන සමගියක්.

කවුද මේ දීන දේශපාලන දාසයන්? 

මේ දක්ෂිණාංශික ලිබරල්වාදය සහ වාමාංශික ලිබරල්වාදය යන ලිබරල්වාදයේ ස්වරූප දෙකට අමතරව ශ්‍රී ලංකාව තුළ දැකගත හැකියි දක්ෂිණාංශික ජාතිකවාදයක්. ඒක නියෝජනය කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. අවාසනාව කියන්නේ  ඔවුන් දක්ෂිණාංශික ලිබරල්වාදයේ පෙරගමන්කරුවා වූ රනිල් වික්‍රමසිංහට අත උස්සන, දීන දේශපාලන දාසයන් බවට පත්වී තිබීමයි. ඔවුන් අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෙන එන ලිබරල්වාදයට අදාළ කවර හෝ විනාශකාරී පනතකට අත උස්සන කුලීකරුවන්, දාසයන් බවට පත්ව තිබෙනවා. එමඟින් කියැවෙන්නේ දක්ෂිණාංශික ජාතිකවාදය අද තමන්ගේ භූමිකාව අවසන් කරගනිමින් සිටින බවයි.

 ඇත්ත ජාතිකවාදී දේශපාලන ගමනක්!

ඒ නිසා අද මේ රට ඓතිහාසිකව ඉල්ලා සිටිනවා, මේ දක්ෂිණාංශික ලිබරල්වාදයටත් වාමාංශික ලිබරල්වාදයටත් ප්‍රතිවිරුද්ධව ඇත්ත ජාතිකවාදී දේශපාලන ගමනක්; නව දේශපාලන විකල්පයක්. අද ඒ පිපාසාව ලංකාවේ සිව්කොන ජීවත් වන ජනතාව අතර දරුණු ලෙස බලපවත්වන දේශපාලන පිපාසාවක් බවට පත්ව තිබෙනවා. අද මේ පටන් ගන්නේ අන්න ඒ දේශපාලන පිපාසාව සංසිඳවන 'සර්වජන බලය' බලගන්වන ඓතිහාසික පියවරයි.

ජාතිකවාදී දේශපාලන කඳවුරේ මග පෙන්වන්නා : සර්වජන බලය 

මේ දක්ෂිණාංශික ලිබරල්වාදය සහ වාමාංශික ලිබරල්වාදය යන දේශපාලන නිවුන් සොහොයුරන් එකටතබා පරදවන්න පුළුවන් එකම කඳවුරයි තිබෙන්නේ. ඒ තමයි මේ රටේ ජාතිකවාදී දේශපාලන කඳවුර. ජාතිකවාදී දේශපාලන කඳවුරේ මග පෙන්වන්නා, ඒ වෙනුවෙන් අවශ්‍ය කරන නායකත්වය සපයන්නා බවට පත්වන්නේ වෙන කවුරුවත් නොවෙයි  අද මේ නිර්මාණය වූ 'සර්වජන බලය'යි. ඒ ඓතිහාසික භූමිකාව ඉටු කරන්නේ අද මේ නිර්මාණය වූ 'සර්වජන බලය'යි

ඒ සඳහා එක්රොක් වෙමු!

රොද බැඳ ගනිමු! 

'සර්වජන බලය'ට ජය වේවා! 

මාතෘභූමියට ජය වේවා!

දක්ෂිණාංශික ලිබරල්වාදයත් වාමාංශික ලිබරල්වාදයත් එකටතබා පරදවන 'දේශපාලන පිංකම' කරන්න අපි සියලුදෙනාට හැකිවේවා'යි ප්‍රාර්ථනා කරමින් මම නිහඩ වෙනවා"

එක්ව නංවන රටක් - සතුට පිරුණු දැයක්" සර්වජන අදිටන් සම්මුතිය, යන නමින් හඳුන්වා ඇති මෙම දස වැදෑරුම් ප්‍රතිපත්තිමය සම්මුතියට ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් එහි නියෝජ්‍ය ලේකම් ජී. ඩී. වී. තිලකසිරි(පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා වෙනුවට) පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, 'යුතුකම' ජාතික සංවිධානය වෙනුවෙන් එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන හා මව්බිම ජනතා පක්ෂය වෙනුවෙන් එහි නායක, ව්‍යවසායක දිලිත් ජයවීර යන මහත්වරු අත්සන් තැබූහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ









සම්බන්ධිත පුවත් | Related News

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

ප්‍රධාන පුවත්

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.