News Category
From Date
To Date
Maximum Number of Result

ලාංකේය පරිවර්තන සාහිත්‍යයේ අද්විතීය සලකුණක් තැබූ චින්තා ලක්ෂ්මී සිංහආරච්චි

May 27, 2024 at 10:56 AM
|

චින්තා ලක්ෂ්මි සිංහආරච්චි යන නාමය පරිවර්තන සාහිත්‍ය තුළ නොමැකෙන සටහනක් තැබූ අමරණිය නාමයකි. ඇය වංග, හින්දි සහ උර්දු භාෂාවෙන් සාහිත්‍ය කෘතීන් රැසක් පරිවර්තනයට ලක් කරන ලද අතර ඒ සෑම කතාවක්ම අපේම සංස්කෘතිය පිලිබඳ ලිවුවා යැයි හැඟෙන ජීවි බවකින් පරිණත වුන කතා පෙළක් වේ. සාහිත්‍ය කෙරෙහි ඇය විසින් සිදුකරන ලද්දාවූ කාර්යභාරය ඉතාමත් අගනේය. එමෙන්ම ඇයට සාහිත්‍ය ලොව තුළ අන් පරිවර්තකයින්ට නොතිබුණු අග්‍රගණ්‍ය පෞර්ෂයක් හිමිවිය. එමෙන්ම ඇය ගණිත ගුරුතුමියක් වූ අතර පරිවර්තනයේදී මෙන්ම ගණිත විෂය සම්බන්ධව ද මනා ගුණාත්මක බවකින් යුතු වීම ඇයගේ තිබු සුවිශේෂිත්වයයි. එසේම ඇය  ගෝලීය වශයෙන් සිංහල සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීමෙහිලා බහුකර්‍ය සාහිත්‍යදාරිනියක් ලෙස ප්‍රසිද්ධ වේ.

ඇයගේ අධ්‍යාපනික  පසුබිමට සිංහල  සාහිත්‍ය, වාග්  විද්‍යාව ඇතුළු බොහෝ  ක්ෂේත්‍ර  පිළිබඳ  පුළුල් අධ්‍යයනයන්  ඇතුලත් වේ.

මෙම සියලුම භාෂාවන් ඇයගේ ස්වෝත්සාහයෙන් අධ්‍යයනය කිරීම ඇගේ විශේෂත්වය වන අතර ඉන්දියාවට ගොස් තම පරිවර්තන ක්‍රියාදාමයට අවශ්‍ය ශක්තිය ශික්ෂණය විසල් කැපකිරීමකින් යුතුව තම ජීවිතය ලංකර ගන්නා ලදී.

ඇයගේ සාහිත්‍යය පිලිබඳ උනන්දුව දේශිය සහ ජාත්‍යන්තර සාහිත්‍යය  සම්ප්‍රදායන් ට නිරාවරණය වීමෙන් පෝෂණය විය.

විභුතිභුෂණ බන්දෙයපාධ්‍ය නම් බෙංගාලි ජාතික ලේඛකයන් අතර විශිෂ්ටතම ලේඛකයා ලෙසන් රන් නාමය පැළඳි කතුවරයා විසින් රචනයා බඳුන් කරන ලද පථෝර් අපූ ත්‍රිත්වය (පාතර් පංචාලි, අපරාජිතයෝ, අපුර් සංසාර් යන කෘතීන් ත්‍රිත්වය මෙතුමියගේ පළමු පරිවර්තන කෘතීන් විය. මෙම ත්‍රිත්වය මාවතේ ගීතය , අපරාජිත ජිවිතයක් සහ අපුගේ ලෝකය නමින් පරිවර්තනය කොට පුස්තකාල සේවා මණ්ඩලයට ඉදිරිපත් කොට මුද්‍රණ අනුග්‍රහය ලබා ගත්තාය.වසර කිහිපයකට පසු අපු ත්‍රිත්වය වෙනුවෙන් ඇයට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක්ද ප්‍රදානය කරන ලදී.ජනප්‍රිය කෘතියකට වඩා ගුණාත්මක බැවින් වැඩි කෘතියක් පාඨකයා වෙත ලං කිරීම ඇයගේ වෑයම විය.

වංග සාහිත්‍ය කලාවේ දැවැන්ත පුරුෂයකු වූ ශරත්චන්ද්‍ර චට්ටෝපධ්‍යගේ ශ්‍රීකාන්ත නව කතාව චින්තා මහත්මියගේ දෙවන පරිවර්තන වෑයම විය.එය ශ්‍රීකාන්ත ලෙස පළවෙනි වෙළුමත් ශ්‍රීකාන්ත හා රාජලක්ෂ්මි ලෙස දෙවෙනි වෙළුමත් අසංෂිප්ත පරිවර්තනයක් ලෙසින් පිට විය.

ඇයගේ සාහිත්‍ය දෘෂ්ටිය මනාව ඔප්නංවන ලද කතාවක් ලෙස උර්දු බසින් සිංහලයට පරිවර්තනය කරන ලද ඛලීල් ජිබ්රාන්ගේ ඉසිවරයා පොත දැක්විය හැකිය. එය ගැඹුරු වූ දාර්ශනික ගැඹුරකින් යුක්ත කතාවක් වේ.මෙය ඉතාමත් සුන්දර වූ රමණිය ගද්‍ය කාව්‍යයක් ලෙස හැඳින්වීම වඩා යෝග්‍ය වේ.

සිංහල පාඨකයන්ගේ සිතුව්ලි හදවත සසල කළ කෘතියක් වූ අරණකට පෙම් බැඳ ගද්‍ය කාව්‍යය විභුතිබුෂණ බන්ද්යෙපාද්යගේ ආරණ්‍යයක් නම් වංග බසින් රචිත නව කතාවේ සිංහල පරිවර්තනයයි. මෙම කෘතිය සිංහල පරිවර්තන සාහිත්‍ය තුල විසල් පෙරලියක් ඇති කළ සන්ධිස්ථානයක් විය.මිනිසා සහ සොබාදහම තුල ඇතිවන අවියෝජනීය බැඳීම ,විවිධ සමාජයන්හි වෙසෙන මිනිසුන්ගේ ජිවිත විවරණය ලෝකය පිලිබඳ කතුවරයාගේ දෘෂ්ටි කෝණය ඉන්දියාවේ කෙළවරක පිහිටි වනයක් පිලිබඳ සිදුකල විවරණයකින් ඉතාමත් අපුරුවට පාඨක සිතට ලං කරන ආකාරය විශ්මයජනකය.

ඇයගේ කෘති ඔස්සේ මානව සම්බන්දතාවයන් පිලිබඳ ගැඹුරු දහමක් පිළිඹිබු කරන අතර දාරක ප්‍රේමය, ස්ත්‍රී පුරුෂයන් අතර ඇතිවන්නාවූ අවියෝජනීය බැඳීම පුරුෂාධිපත්‍ය ප්‍රධාන වූ සමාජයක ස්ත්‍රියට විඳින්නට වන අකටයුතුකම් ,අසාධාරණකම් අප වෙත ලං කෙරේ. එමෙන්ම සමාජ  සංකීර්ණත්වය  , ස්ත්‍රී පුරුෂ භවය වැනි සංකීර්ණ  තේමා  සාම්ප්‍රදායික ශිල්පීය ක්‍රම නවීන සාහිත්‍ය සමග මුසු කරන අද්විතීය ආඛ්‍යන විලාසයක් ඇය භාවිතා කරයි.

රවින්ද්‍රනාත් ඨාකුර් විසින් රචනයට පාත්‍ර කරන ලද ගෝරා ඇයගේ ජිවිතයේ වැදගත් සංදිස්ථානයකට ගෙන ගිය පොතක් ලෙස කිව හැකිය.මෙම කතාව ඔස්සේ පෙන්නුම් කරන ලද දේශපාලනික ,සමාජ සංසිද්ධීන් වර්තමානයට පවා යෝග්‍ය වන බව විචාරකයින්ගේ මතයයි.මෙම කතාව ඉන්දීය සමාජයේ ඓතිහාසික පුවතකින් යුක්ත වේ.

ඇයගෙ කෘති පුළුල් පරාසයක පාඨකයින්ට ප්‍රවේශ විය හැකි අතර සමාජ ගැටළු පිලිබඳව විවේචනාත්මකව සිතිමට අවස්තාවක් ලබා දෙයි.ඇයගේ ලේඛනය  බොහෝ විට  මිනිස් අත්දැකීම් වල සහ සමාජ ගතිකත්වයේ සංකීර්ණත්වයන් වෙත ගැඹුරට යයි. එකෙන්ම ඇයගේ ලියවිලි වල ඇති කාව්‍යමය ස්වරූපය එම කතා වල ඇති සැකසුම් වලට සහ චරිත වලට ජීවය දෙයි.

ඇය ශ්‍රීලාංකේය සංස්කෘතිය ,සාම්ප්‍රදායන් සහ ව්‍යවහාර භාශාවේ අංග ඉතා දක්ශ ලෙස ඇයගේ ආඛ්‍යාන වලට ඇතුලත් කර , එම ස්ථාන වල ඇති අව්‍යාජ බව පිළිබදව ගැඹුරු හැගීමක්  ඇති කරයි.

පරිවර්තන සාහිත්‍යයට විසල් සේවයක් සිදු කළ චින්තා මහත්මිය වසර 53ක් ආයු වළඳා 2000 වසරේදී මෙලොවින් සමුගත්තාය .

- නිලක්ෂි බණ්ඩාර
21/05/2024.
(උපුටා ගැනීම - මුහුණුපොතෙනි)

සම්බන්ධිත පුවත් | Related News

හෙළයේ මහැදුරු මහාචාර්ය නලින් ද සිල්වා මැතිඳුන්ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය ඉකුත් දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
තමන්ව රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඉවත් කරන ලද්දේ වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ ආචාර්ය සංගම්වල නියෝජිතයන් සහ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය සංගම් විසින් බව රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.
බොරුවෙන් බලයට පත්වූ ආණ්ඩුව තමන්ට කප්පම් ගෙවන ව්‍යාපාරිකයන්ට හැරුනු විට වෙනත් කිසිඳු පුද්ගලයකුට ව්‍යාපාරයක් කිරීමට සහන නොදෙන බවත්, අනුර කුමාර ජනාධිපති වී කුඩු, රත්‍රං, ආයුද කන්ටේනර් 320ක් එළියට දැමූ බවත් එක්තරා පුද්ගලයකු විසින් පවසන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
උතුම් දළඳා ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම අසාර්ථක, කලබගෑනියක් වීමේ වගකීම පැහැදිලිවම රජය භාරගත යුතුය.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
ඒ මිනිස්සු තමන්ගේ පාඩුවේ කුළියක් මලියක් කරගෙන, එදා වේල හම්බ කරගෙන හිටපු මිනිස්සු. හදිසියේම ජනාධිපති තුමා නුවර ඇවිල්ලා දළදා වන්ඳනාවට දින නියම කළා... ඒක හැම මාධ්‍යයකම ප්‍රචාරය කළා... හැමෝම එන්න එන්න, දන්සල් 100 ගණනක් දෙන්න සූදානම්, හැම තැනම වැසිකිළි පහසුකම්, කසළ බැහැර කිරීමේ පුළුල් වැඩසටහනක් ආරම්භ කරලා තියනවා, පුළුල් ආරක්ෂක වැඩ පිළිවෙලක් තියනවා, සනීපාරක්ෂාව උපරිමයි, මේ අවස්ථාවට සහභාගී නොවීම අකුසලයක් ආදී ලෙස කියලා පුරසාරම් කෝටියයි...

ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.