'රෙමාල්' චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි... 44,000ක් පීඩාවට... මරණ 10ක් වාර්තා වෙයි.... වැඩිම විපත් ගම්පහට
අධික වැසි හා අධික සුළං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 19කට අයත් පවුල් එකොළොස් දහස් හත්සිය හැටපහකට (11,765) අයත් පුද්ගලයන් හතළිස්හතර දහස් තුන්සිය අනූඅට දෙනකු (44,398) පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එසේම ආපදා හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 10ක් ද වාර්තාවන බව ද එම මධ්‍යස්ථානය කියයි.
එම මාරණ රත්නපුර, ගාල්ල, පුත්තලම, බදුල්ල, නුවරඑළිය, හපුතලේ යන ප්‍රදේශවලින් වාර්තා වන බවද එම මධ්‍යස්ථානය කියයි. ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් 20 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ද එම මධ්‍යස්ථානය කියයි.
ආපදා තත්ත්වයන් හේතුවෙන් පූර්ණ ලෙස හානියට පත් වූ නිවාස ගණන 11කි. එසේම අර්ධ ලෙස හානියට පත්වූ නිවාස ගණන 3140කි. එසේම මෙම ආපදා තත්ත්වයන් හේතුවෙන් පවුල් 122කට අයත් පුද්ගලයන් 464 දෙනකු ඥාති නිවාසවල රැඳී සිටිති.
එමෙන්ම, පවුල් 14කට අයත් පුද්ගලයන් 533 දෙනකු ආරක්ෂිත ස්ථාන 7ක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
පවතින අධික වැසි තත්ත්වය හමුවේ වැඩිම පිරිසක් මේ වනවිට විපතට පත්ව සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවත්, පවුල් 5663කට අයත් පුද්ගලයන් 22,634ක් දෙනකු අයත් බවත් එම මධ්‍යස්ථානය පවසයි.
පවතින අධික වැසි හා අධික සුළං තත්ත්වය හමුවේ රත්නපුර, කොළඹ, කෑගල්ල, අනුරාධපුර, මහනුවර, ගාල්ල, කළුතර, යාපනය, පුත්තලම, ගම්පහ, හම්බන්තොට, බදුල්ල, මාතර, කුරුණෑගල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, නුවරඑළිය, මුලතිව් යන දිස්ත්‍රික්කවල ජනතාව මේ වනවිට පීඩාවට පත්ව සිටිති.
එසේම නායයෑමේ අවදානම සහිත දිස්ත්‍රික්ක 7ක් සඳහා අද (27දා) පස්වරු 4.00 දක්වා ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාවට එම අනතුරු ඇඟවීම කර ඇතැයි එම මධ්‍යස්ථානය කියයි.
එම දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම සහිත ප්‍රදේශ ආශ්‍රිතව වාසය කරන ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි එම මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
කොළඹ – නුවර ප්‍රධාන මර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් ඇති අවදානම් සහිත විශාල ගල් කීපයක් ඉදිරි දින කීපයේදී ඉවත් කිරීමට නියමිතය.
එම නිසා මෙම මාර්ගය භාවිතා කරන රියැදුරන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි. රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුවේ එම ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමෙන් පසුවය.
මේ අතර, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ විදුලි කණු කඩා වැටීමෙන් හා විදුලි රැහැන්මතට ගස් කඩාවැටීමෙන් ගතවූ දින 5 තුළ විදුලිය ඇනහිටීම හේතුවෙන් ලක්ෂ 4කට අධික පිරිසක් අපහසුතාවයට පත්ව ඇතැයි ද වාර්තාවේ.
එසේම අධික සුළං හා වැසි තත්ත්වය හමුවේ 20දා සිට මේ දක්වා කොළඹ මහ නගර සභා බලප්‍රදේශ තුළ ගස් කඩාවැටීම් 59ක් වාර්තා වන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි.
නැඟෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝදුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
‘රෙමාල්‘ ලෙස ද නම් කර ඇති මෙම සුළි කුණාටුව හේතුවෙන් ගිනිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශවල, සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරු පළාත්වලට අද (27දා) දිනයපුරා කඩින් කඩ වැසි ඇතිවන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතාසඳහන් කරයි. එසේම සවස් කාලයේ අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවලටත්, ඌව පළාතටත් වැසි ඇතිවන බවද හෙතෙම කීය.
අද සබරගමුව පළාතට හා නුවරඑළිය දිස්ත්‍රික්කයට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවද හෙතෙම කියා සිටියේය. මේ අතර, කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කීපයක් පෙරේදා (25දා) රාත්‍රී වසා තැබීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..