ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලදී ගැනීම ගැන නිශ්ශංක සේනාධිපති කියන්නේ අමූලික බොරු - නිශ්ශංක සේනාධිපතිට, චන්න ජයසුමනගෙන් දැඩි පිළිතුරක්
චමුදිත සමරවික්‍රම මහතා, නිශ්ශංක සේනාධිපති මහතා සමග පවත්වන සාකච්ජාවක දී නිශ්ශංක සේනාධිපති මහතා පවසා ඇත්තේ කොවිඩ් වසංගත සමයේ ඇස්ට්‍රාසෙනිකා එන්නත එක් මාත්‍රාවක් ලබා දී ඉතිරි මාත්‍රාව ලබා ගැනීමට නොහැකිව තිබු බවත්, නොමිලේ එම එන්නත ලබා දීමට ඔහු ඉදිරිපත් වූවත් එවකට රජය ඒවා ලබා නොගත් බවත් ය.
එසේ නොමිලේ දුන් දේ ලබා නොගෙන කොමිස් ගැනීමේ අරමුණෙන් ඩොලර් 30 ට ඒවා පසුව මිලදී ගත් බවත් ඔහු සඳහන් කර තිබිණි.
එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ ඔහු විසින් කළ එම ප්‍රකාශය අමූලික බොරුවක් බවය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සඳහන් කරන චන්න ජයසුමන මහතා,
"චමුදිත සමරවික්‍රම, නිශ්ශංක සේනාධිපති සමග පවත්වන සාකච්ජාවක වීඩියෝ පටයක් කිහිප දෙනකු මටද යොමු කර තිබිණි. එහි මගේ නමද සදහන් වන බැවින් පහත පැහැදිලි කිරීම සිදු කරමි.
සේනාධිපති මහතා පවසන්නේ කොවිඩ් වසංගත සමයේ ඇස්ට්‍රාසෙනිකා එන්නත එක් මාත්‍රාවක් ලබා දී ඉතිරි මාත්‍රාව ලබා ගැනීමට නොහැකිව තිබු කාල වකවානුවේ නොමිලේ එම එන්නත ලබා දීමට ඔහු ඉදිරිපත් වූ බවත්, එවකට රජය ඒවා ලබා නොගත් බවත් එසේ නොමිලේ දුන් දේ ලබා නොගෙන කොමිස් ගැනීමේ අරමුණෙන් ඩොලර් 30 ට ඒවා පසුව මිලදී ගත් බවත්ය.
මෙය අමුලික බොරුවකි.
සේනාධිපති මහතා සැබවින්ම එම එන්නත නොමිලේ ලබා දීමට ඉදිරිපත් විය. ඒ නිකම්ම නොවේ. ඔහුම පවසන පරිදි ගනුදෙනුවක කොටසක් ලෙසයි. ඒ අනුව ඔහු විදේශ රටක සමාගමක් (තෙවැන් පාර්ශවයක්) ඔස්සේ ඇස්ට්‍රා සෙනිකා එන්නත් ලක්ෂ 10 ක් ලබා ගෙන ඉන් ලක්ෂ 7.5 ක් රජයට ලබා දෙයි. ඉතිරිය ඔහුගේ ව්‍යාපාරික කටයුත්තටය. සේනාධිපතිගේ ව්‍යාපාරික යෝජනාව වූයේ නැව්වල ගමන් ගන්නා නාවිකයන්ට කොවිඩ් එන්නත ලබාදීමයි. එම එන්නත ලබාදෙන මුහුදු සීමාව අයත් රට ඒ සඳහා වගකීම බාරගත යුතුය. එන්නත ලබාගත යුත්තේ සහ ලබාදිය යුත්තේ අදාල රටේ නීති රීති වලට එකඟවයි.
සේනාධිපති මහතා හැරෙන්නට තවත් පාර්ශව 14 ක් ඇස්ට්‍රා සෙනිකා එන්නත් ලබා දීමට මෙවැනි යෝජනා ඉදිරිපත් කළේය. අනෙක් අයගේ යෝජනාවල සදහන් වුයේ විවිධ රටවල තෙවැනි පාර්ශව ඔස්සේ ඇස්ට්‍රා සෙනිකා එන්නත් ලබා දිය හැකි බවයි. ඒ උදෙසා මිල ගණන්ද ඉදිරිපත් කර තිබිණි. මෙසේ එන්නත් ලබාදීමට ඉදිරිපත් වූ බොහෝ පාර්ශ්ව එම එන්නත් ලබා දෙනවා යැයි පැවසුවේ ඩුබායි හෝ නැගෙනහිර යුරෝපයේ සමාගම් හරහාය.
අප මේ සම්බන්ධයෙන් ඇස්ට්‍රාසෙනිකා මව් සමාගමෙන් විමසීමක් කළෙමු. ඔවුන් ප්‍රකාශ කළේ තුන්වෙනි පාර්ශවයක් හරහා ලබා ලබාගන්නා එන්නත්වලට කිසිදු වගකීමක් ලබාදිය නොහැකි බවයි. එපමණක් නොව එවැනි තෙවැනි පාර්ශවවලින් එන්නත් ලබා ගතහොත් මව් සමාගමෙන් එන්නත් ලබාදීම ගැන යළි සලකා බැලීමට සිදුවන බවද අපට දැනුම් දෙන ලදි.
මේ යෝජනා ගැන තීරණයක් ගැනීමට අපි ජනාධිපතිතුමන් සමග විශේෂ සාකච්ජාවක් පැවැත්වීමු.
ජනාධිපතිතුමන්ගේ අදහස වූයේ රටේ ජනතාව උගසට තබන කිසිදු ව්‍යාපාරික කටයුත්තකට ඉඩ නොදිය යුතු බවයි.
ඒ වන විටත් විවිධ ආයතන ව්‍යාජ එන්නත් ලොව පුරා බෙදා හැර ඇති බව තොරතුරු ලැබෙමින් පැවතිණි. මේ නිසා ශ්‍රී ලංකාවට කවර හෝ කොවිඩ් එන්නත් ලබාගත යුත්තේ මව් සමාගමින් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩ පිළිවෙළ හරහා පමණක් බවට ජනාධිපතිවරයා ද ඇතුළුව අපි තීරණය කළෙමු.
එදා අප ගත් නිවැරදි තීරණය නිසා කිසිදු ව්‍යාජ කොවිඩ් එන්නතක් අපේ රටේ ජනතාවට ලබා නොදුන් බවට සහතිකය අදට ද ලබා දිය හැකිය.
සේනාධිපතිගේ තුප්පහි ප්‍රකාශය එන්නේ ඊට පසුවයි. සේනාධිපති පවසන්නේ ඔහු නොමිලේ ලබාදීමට සූදානම් වූ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා නොගෙන අප පසුව ඩොලර් 30කට එම එන්නත් ලබාගත් බවයි. ඉන් කොමිස් ලබාගත් බවයි.
මේ අමූලික බොරුවකි.
අපට අවශ්‍ය වූ දෙවන මාත්‍රා ප්‍රමාණය ලබා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙල හරහා ජපාන රජයේ පරිත්‍යාගයක් ලෙසයි.
කිසිදු අවස්ථාවක දෙවැනි මාත්‍රාව ලබාදීමට ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලදී ගැනීමක් සිදු කළේ නැත. දෙවැනි මාත්‍රාව ලබාදුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශය කළ කාලය තුළයි. දෙවැනි මාත්‍රාව ලබාදීම ප්‍රමාද වීම හේතුවෙන් මියගිය කෙනෙක් ගැන ද අපගේ දැනුවත්වීමක් නැත."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..