News Category
From Date
To Date
Maximum Number of Result

ජනපති රනිල් "අපේ දේ බලාගන්නේ" අපේ "MILCO" ඉන්දියාවේ "Amul"ට විකුණලාද? - ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත්

Oct 8, 2023 at 04:19 PM
|

"අපේ දේ බලාගන්න අපට පුළුවන්" යැයි පසුගියදා ජාත්‍යන්තරය හමුවේ පාරම්බෑ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ කරන්නේ අපේ මිල්කෝ සමාගම ඉන්දියාවේ අමූල් සමාගමට විකුණා දමා දැයි ජාතික ගොවි ව්‍යාපාරය ප්‍රශ්න කර සිටියි.

එය "ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ" ආකාරයේ ක්‍රියාවක් බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උත්සාහය ජාතික සම්පත් විකුණන් කෑමේ සුපුරුදු මාවතේම ගමන් කිරීම මිස අන් කිසිවක් නොවන ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා පෙන්වා දෙයි.

අද(08) ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායකවරයා මෙසේද සඳහන් කළේය.

'මුල්ම අනාවරණය' 

"රටේ අනගිතම සම්පතකට ජනාධිපතිවරයා ඉව අල්ලන බවට මුල්ම අනාවරණය ජාතික ගොවි ව්‍යාපාරය විසින් සිදු කළා. එනම් පසුගිය සැප්තැම්බර 10 වැනිදා ජාතික ගොවි ව්‍යාපාරයේ අපි රටට මුල්වරට හෙළි කළා 'අපේ මිල්කෝ ආයතනයත් එහි සියලු දේපළත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපල 31කුත් විකිණීම සදහා ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා' කියා. දැන් ඒ මහා ජාතික අපරාධය කිරිම සඳහා කැබිනට් අනුමැතිය අරගෙන ඉඩම්, දේපළ, සතුන්, තක්සේරු කරන්නත් පටන් අරගෙන ඉවරයි.  ඊට අමතරව මිල්කෝ අයාතනයේ කිරිපිටි නිෂ්පාදනය වන 'හයිලන්ඩ්' සන්නාමය සම්පූර්ණයෙන්ම විකිණීම සඳහා නව කැබිනට් පත්‍රිකාවකුත් දාලායි තියෙන්නේ. එහි නිෂ්පාදන කර්මාන්ත ශාලා 04, බෙදාහැරිමේ මධ්‍යස්ථාන 12, කිරි සීත කිරිමේ මධ්‍යස්ථාන 93 මේ ඔක්කොම ගෙඩිය පිටින් 'අමූල් කාරයාට' දෙන්නයි සූදානම් වෙන්නේ. 

"ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ" 

දැන් මොකක්ද මේ වෙන්නේ? රටේ නායකයා ජර්මන් මාධ්‍යවේදීයෙක් ඉස්සරහට ගිහින් කියනවා, 'අපිට අපේ රටේ දේවල් බලාගන්න පුළුවන් ඒවාට කවුරුත් ඕනෙ නැහැ' කියලා. එහෙම පුරාජේරුවක්" ගහලා ඇවිත් මොනවාද මේ කරන්නේ? අපි අහනවා ජනාධිපතිවරයාගෙන්,  'මිල්කෝ ඒක අපේ නොවෙයිද? ඒක බලාගන්න, හදාගන්න අපිට බැරි නිසාද ඉන්දියාවේ අමූල් කාරයාට ඒක විකුණන්නේ?' කියලා. ඒ වගේම අපි අහනවා, 'රිදියගම ගොවිපළ, බෝපත්තලාව ගොවිපළ, ඩයගම ගොවිපළ, ආඬිගම ගොවිපළ, ඔයාමඩුව ගොවිපළ අපේ නොවෙයිද? ඇයි ඒවා විකුණන්නෙ? කියලා. මේකට තමයි කියන්නේ 'ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ' කියලා. 

'පේ රෝල්වල' හිටපු දේශපාලකයෝ

අපේ රටේ දේශීය කිරි අවශ්‍යතාවයෙන් තාම අපිට සපුරාගන්න පුළුවන් වෙලා තියෙන්නේ 35%යි. ඉතිරිය 65%යි. මේ 65% නිපදවීමේ අපේ රටේ කිරි නිෂ්පාදන කේෂ්ත්‍රයේ ව්‍යපාරික අවකාශය, එහෙම පිටින්ම ඉවර කරනවා. කිරි මිල තීරණය කිරිම 'අමූල්ලාට' බාර දෙනවා. අපේ රටේ ඉන්න කිරි ව්‍යවසායකයන්ට බදු පිට බදු ගහනවා. ඔවුන් වට්ටලා 'අමූල්ලාට' බදු විරාම දෙනවා. එතකොට දේශීය කිරි කර්මාන්තයට මොකද වෙන්නේ? ඉබේම අමූල් ඒකාධිකාරය පැලපදියම් වෙනවා.  දේශීය කිරි කර්මාන්තය නංවලා, කිරිපිටි ගෙන්වීමට වාර්ෂිකව වැය වන රුපියල් බිලියන 56ක මුදල ඉතිරිකර ගන්න හොඳටම පුළුවන්කම තියෙද්දියි මේ අපරාධය කරන්නේ. රටට වසරකට කිරි ලීටර් මිලියන 1300ක් අවශ්‍ය වෙනවා. ඒත් නිපදවන්නේ කිරි ලීටර් මිලියන 420ක්. රටේ කිරි නිෂ්පාදනය අඩු වුණේ ආනයනික කිරිපිටි සමාගම්වල 'පේ රෝල්වල' හිටපු දේශපාලකයෝ හා නිලධාරීන් නිසා නොවෙයිද? පහුගිය කාලයේ කිරි නිෂ්පාදනය වැඩි කරනවා කියමින් ජනතා බදු මුදල් කෝටි ප්‍රකෝටි ගණන් වැය කළත් ඒවාට මොකද වුණේ? 

කිරි ගොවියාට මොකද වෙන්නේ? 

අපේ රටේ කිරි නිෂ්පාදනය විදේශීය සමාගම් අතට පත්කළාම කුඩා පරිමාණ කිරි ගොවියාට මොකද වෙන්නේ? ඔහු තමයි දැනට සිදු කරන නිෂ්පාදනයෙන් පවා 90%කට දායක වන්නේ, මධ්‍ය පරිමාණ කිරි ව්‍යවසායකයින්ට මොකද වෙන්නේ? ඔවුන් තමයි දැනට සිදුවන නිෂ්පාදනයෙන් 6.5%කට දායක වෙන්නේ. මහා පරිමාණ කිරි ව්‍යවසායකයාට මොකද වෙන්නේ? ඔවුන් තමයි දැනට සිදු වන නිෂ්පාදනයෙන් 3.5%කට දායක වෙන්නේ. 

කෘෂි ඇමති නිහඬයි

කෘෂි ඇමතිට කිරි ගොවියා වෙනුවෙන් කට අරින්න බැරි ගව මුඛ රෝගයද? කැබිනට් මණ්ඩලයේදී මේ අපරාධයට අත උස්සපු, කිරි ගවයන්ට වැළදෙන මුඛ රෝගය හැදිලා වගේ 'බකන් නිලං' ඉන්න ඇමති අමරවීරගෙන් අපි අහනවා, 'ගමේ තියෙන වීරවිල ගොවිපළ සහ රිදියගම ගොවිපළ  විකිණීමට අත උස්සපු වේලාවේ ගව මුඛ රෝගය  උත්සන්න වෙලාද හිටියේ? කියලා. මතක තියාගන්න, 'අමුල් කාරයා' මේ එන්නේ ජාතියේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න නොවෙයි, කියලා. 

ඉන්දියාවේ උවමනාව 

මේ අමුල් සමාගම එන්නේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ඉඩම් ටිකට වැඩේ දෙන්න කියලා, තේරුම් ගන්න බැරිද? ඇයි හම්බන්තොට ගොවිපළ දෙක උපායමාර්ගිකව ඉන්දියාවට වැදගත් වෙන්නේ? චීනය හම්බන්තොට වරාය ගත්ත නිසා නොවෙයිද? මේ ගොවිපළවල ඉඩම් තියෙන විදිහ බලන්න. රිදියගම ගොවිපළ අක්කර 1308.5, බෝපත්තලාව ගොවිපළ අක්කර 1133, නිකවැරටිය ගොවිපළ අක්කර 1054, ඔයාමඩුව ගොවිපළ අක්කර 1477, පරසන්ගස්වැව ගොවිපළ අක්කර 1632, හම්බන්තොට වීරවිල ගොවිපළ අක්කර 472. මේ විදිහට ඩයගම,රොසිටා,මැණික්පාලම,මහබේරිතැන්න, කරඳගොල්ල, හාරගම මරදවිල, මැල්සිරිපුර ,බෙලිගම පොළොන්නරුව,ආඩිගම, ගල්පොකූණ,කොවුල්වැව, නාරංගල්ල,හොරකැලේ, මාරවිල, මිරිස්වත්ත, වැලිසර, නිකවැරටිය, පරසන්වැව, වැලිකන්ද, කොට්ටුකච්චිය, පලෙයි ආදී ප්‍රදේශවල ඇති ගොවිපළවල මුළු භුමි ප්‍රමාණය අක්කර 29733.54ක්. 
ඉන් අක්කර 10149.23ක පොල් වගා කරලා තියෙන්නේ. තව අක්කර 138ක රබර් වගා කරලා තියෙන්නේ. 
මේවාට තමයි 'අමුල් කාරයා' කෙළ හලන්නේ.

'කිරි ගොවි සමාජ  ආරක්ෂණ අරමුදලට' අබ සරණයි! 

කිරි ගොවි සමාජ ආරක්ෂණ අරමුදලක් තියෙනවා. ඒ කිරි ගොවියාගේ සුබසාධනය සඳහායි.  මේ සියල්ල ජාතියට අහිමි කරන්න තමයි මේ සුදානම් වන්නේ. අපේ රටේ පාසැල් දරුවන්ට අපේ කියලා පෙන්වන්න තිබුණු මිල්කෝ කිරි කර්මාන්ත ශාලාව මෙතැනින් පසු අපට අහිමි වෙනවා. ඒ ජාතික අපරාධයට තමන්ගේ ධුර කාලයේ කෘෂිකර්මාන්තය 'ගෝතකර්මයක්' බවට පත් කළ මහින්ද අමරවීරගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා සියලුදෙනා වගකිවයුතුයි. අපි මේ රටේ සියලු ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලනවා, 'මේ ජාතික අපරාධය සිදු කිරීමට ඉඩ දෙන්න එපා!' කියලා."

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)

සම්බන්ධිත පුවත් | Related News

පසුගිය මැයි 06 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කුඩය ලකුණින් තරග කළ ජන අරගල සන්ධානය ආසන 16ක් දිනාගැනීමට සමත් වී තිබේ.
සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.
සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටී ඇති බව පාකිස්තානය ප්‍රකාශ කරන බව ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.
ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
ඉන්දීය හමුදා විසින් එල්ලකළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය මෙහෙයුමක් ආරම්භකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
2025 වසරේ පිට පිට දෙවැනි මාසයටත් මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය පසු බැසීමක් පෙන්නුම් කර ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වේ.
කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.
ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.