News Category
From Date
To Date
Maximum Number of Result

ජනපති රනිල් "අපේ දේ බලාගන්නේ" අපේ "MILCO" ඉන්දියාවේ "Amul"ට විකුණලාද? - ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත්

Oct 8, 2023 at 04:07 PM
|

"අපේ දේ බලාගන්න අපට පුළුවන්" යැයි පසුගියදා ජාත්‍යන්තරය හමුවේ පාරම්බෑ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එසේ කරන්නේ අපේ මිල්කෝ සමාගම ඉන්දියාවේ අමූල් සමාගමට විකුණා දමා දැයි ජාතික ගොවි ව්‍යාපාරය ප්‍රශ්න කර සිටියි.

එය "ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ" ආකාරයේ ක්‍රියාවක් බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උත්සාහය ජාතික සම්පත් විකුණන් කෑමේ සුපුරුදු මාවතේම ගමන් කිරීම මිස අන් කිසිවක් නොවන ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා පෙන්වා දෙයි.

අද(08) ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායකවරයා මෙසේද සඳහන් කළේය.

'මුල්ම අනාවරණය' 

"රටේ අනගිතම සම්පතකට ජනාධිපතිවරයා ඉව අල්ලන බවට මුල්ම අනාවරණය ජාතික ගොවි ව්‍යාපාරය විසින් සිදු කළා. එනම් පසුගිය සැප්තැම්බර 10 වැනිදා ජාතික ගොවි ව්‍යාපාරයේ අපි රටට මුල්වරට හෙළි කළා 'අපේ මිල්කෝ ආයතනයත් එහි සියලු දේපළත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපල 31කුත් විකිණීම සදහා ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා' කියා. දැන් ඒ මහා ජාතික අපරාධය කිරිම සඳහා කැබිනට් අනුමැතිය අරගෙන ඉඩම්, දේපළ, සතුන්, තක්සේරු කරන්නත් පටන් අරගෙන ඉවරයි.  ඊට අමතරව මිල්කෝ අයාතනයේ කිරිපිටි නිෂ්පාදනය වන 'හයිලන්ඩ්' සන්නාමය සම්පූර්ණයෙන්ම විකිණීම සඳහා නව කැබිනට් පත්‍රිකාවකුත් දාලායි තියෙන්නේ. එහි නිෂ්පාදන කර්මාන්ත ශාලා 04, බෙදාහැරිමේ මධ්‍යස්ථාන 12, කිරි සීත කිරිමේ මධ්‍යස්ථාන 93 මේ ඔක්කොම ගෙඩිය පිටින් 'අමූල් කාරයාට' දෙන්නයි සූදානම් වෙන්නේ. 

"ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ" 

දැන් මොකක්ද මේ වෙන්නේ? රටේ නායකයා ජර්මන් මාධ්‍යවේදීයෙක් ඉස්සරහට ගිහින් කියනවා, 'අපිට අපේ රටේ දේවල් බලාගන්න පුළුවන් ඒවාට කවුරුත් ඕනෙ නැහැ' කියලා. එහෙම පුරාජේරුවක්" ගහලා ඇවිත් මොනවාද මේ කරන්නේ? අපි අහනවා ජනාධිපතිවරයාගෙන්,  'මිල්කෝ ඒක අපේ නොවෙයිද? ඒක බලාගන්න, හදාගන්න අපිට බැරි නිසාද ඉන්දියාවේ අමූල් කාරයාට ඒක විකුණන්නේ?' කියලා. ඒ වගේම අපි අහනවා, 'රිදියගම ගොවිපළ, බෝපත්තලාව ගොවිපළ, ඩයගම ගොවිපළ, ආඬිගම ගොවිපළ, ඔයාමඩුව ගොවිපළ අපේ නොවෙයිද? ඇයි ඒවා විකුණන්නෙ? කියලා. මේකට තමයි කියන්නේ 'ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ' කියලා. 

'පේ රෝල්වල' හිටපු දේශපාලකයෝ

අපේ රටේ දේශීය කිරි අවශ්‍යතාවයෙන් තාම අපිට සපුරාගන්න පුළුවන් වෙලා තියෙන්නේ 35%යි. ඉතිරිය 65%යි. මේ 65% නිපදවීමේ අපේ රටේ කිරි නිෂ්පාදන කේෂ්ත්‍රයේ ව්‍යපාරික අවකාශය, එහෙම පිටින්ම ඉවර කරනවා. කිරි මිල තීරණය කිරිම 'අමූල්ලාට' බාර දෙනවා. අපේ රටේ ඉන්න කිරි ව්‍යවසායකයන්ට බදු පිට බදු ගහනවා. ඔවුන් වට්ටලා 'අමූල්ලාට' බදු විරාම දෙනවා. එතකොට දේශීය කිරි කර්මාන්තයට මොකද වෙන්නේ? ඉබේම අමූල් ඒකාධිකාරය පැලපදියම් වෙනවා.  දේශීය කිරි කර්මාන්තය නංවලා, කිරිපිටි ගෙන්වීමට වාර්ෂිකව වැය වන රුපියල් බිලියන 56ක මුදල ඉතිරිකර ගන්න හොඳටම පුළුවන්කම තියෙද්දියි මේ අපරාධය කරන්නේ. රටට වසරකට කිරි ලීටර් මිලියන 1300ක් අවශ්‍ය වෙනවා. ඒත් නිපදවන්නේ කිරි ලීටර් මිලියන 420ක්. රටේ කිරි නිෂ්පාදනය අඩු වුණේ ආනයනික කිරිපිටි සමාගම්වල 'පේ රෝල්වල' හිටපු දේශපාලකයෝ හා නිලධාරීන් නිසා නොවෙයිද? පහුගිය කාලයේ කිරි නිෂ්පාදනය වැඩි කරනවා කියමින් ජනතා බදු මුදල් කෝටි ප්‍රකෝටි ගණන් වැය කළත් ඒවාට මොකද වුණේ? 

කිරි ගොවියාට මොකද වෙන්නේ? 

අපේ රටේ කිරි නිෂ්පාදනය විදේශීය සමාගම් අතට පත්කළාම කුඩා පරිමාණ කිරි ගොවියාට මොකද වෙන්නේ? ඔහු තමයි දැනට සිදු කරන නිෂ්පාදනයෙන් පවා 90%කට දායක වන්නේ, මධ්‍ය පරිමාණ කිරි ව්‍යවසායකයින්ට මොකද වෙන්නේ? ඔවුන් තමයි දැනට සිදුවන නිෂ්පාදනයෙන් 6.5%කට දායක වෙන්නේ. මහා පරිමාණ කිරි ව්‍යවසායකයාට මොකද වෙන්නේ? ඔවුන් තමයි දැනට සිදු වන නිෂ්පාදනයෙන් 3.5%කට දායක වෙන්නේ. 

කෘෂි ඇමති නිහඬයි

කෘෂි ඇමතිට කිරි ගොවියා වෙනුවෙන් කට අරින්න බැරි ගව මුඛ රෝගයද? කැබිනට් මණ්ඩලයේදී මේ අපරාධයට අත උස්සපු, කිරි ගවයන්ට වැළදෙන මුඛ රෝගය හැදිලා වගේ 'බකන් නිලං' ඉන්න ඇමති අමරවීරගෙන් අපි අහනවා, 'ගමේ තියෙන වීරවිල ගොවිපළ සහ රිදියගම ගොවිපළ  විකිණීමට අත උස්සපු වේලාවේ ගව මුඛ රෝගය  උත්සන්න වෙලාද හිටියේ? කියලා. මතක තියාගන්න, 'අමුල් කාරයා' මේ එන්නේ ජාතියේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න නොවෙයි, කියලා. 

ඉන්දියාවේ උවමනාව 

මේ අමුල් සමාගම එන්නේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ඉඩම් ටිකට වැඩේ දෙන්න කියලා, තේරුම් ගන්න බැරිද? ඇයි හම්බන්තොට ගොවිපළ දෙක උපායමාර්ගිකව ඉන්දියාවට වැදගත් වෙන්නේ? චීනය හම්බන්තොට වරාය ගත්ත නිසා නොවෙයිද? මේ ගොවිපළවල ඉඩම් තියෙන විදිහ බලන්න. රිදියගම ගොවිපළ අක්කර 1308.5, බෝපත්තලාව ගොවිපළ අක්කර 1133, නිකවැරටිය ගොවිපළ අක්කර 1054, ඔයාමඩුව ගොවිපළ අක්කර 1477, පරසන්ගස්වැව ගොවිපළ අක්කර 1632, හම්බන්තොට වීරවිල ගොවිපළ අක්කර 472. මේ විදිහට ඩයගම,රොසිටා,මැණික්පාලම,මහබේරිතැන්න, කරඳගොල්ල, හාරගම මරදවිල, මැල්සිරිපුර ,බෙලිගම පොළොන්නරුව,ආඩිගම, ගල්පොකූණ,කොවුල්වැව, නාරංගල්ල,හොරකැලේ, මාරවිල, මිරිස්වත්ත, වැලිසර, නිකවැරටිය, පරසන්වැව, වැලිකන්ද, කොට්ටුකච්චිය, පලෙයි ආදී ප්‍රදේශවල ඇති ගොවිපළවල මුළු භුමි ප්‍රමාණය අක්කර 29733.54ක්. 

ඉන් අක්කර 10149.23ක පොල් වගා කරලා තියෙන්නේ. තව අක්කර 138ක රබර් වගා කරලා තියෙන්නේ. 

මේවාට තමයි 'අමුල් කාරයා' කෙළ හලන්නේ.

'කිරි ගොවි සමාජ  ආරක්ෂණ අරමුදලට' අබ සරණයි! 

කිරි ගොවි සමාජ ආරක්ෂණ අරමුදලක් තියෙනවා. ඒ කිරි ගොවියාගේ සුබසාධනය සඳහායි.  මේ සියල්ල ජාතියට අහිමි කරන්න තමයි මේ සුදානම් වන්නේ. අපේ රටේ පාසැල් දරුවන්ට අපේ කියලා පෙන්වන්න තිබුණු මිල්කෝ කිරි කර්මාන්ත ශාලාව මෙතැනින් පසු අපට අහිමි වෙනවා. ඒ ජාතික අපරාධයට තමන්ගේ ධුර කාලයේ කෘෂිකර්මාන්තය 'ගෝතකර්මයක්' බවට පත් කළ මහින්ද අමරවීරගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා සියලුදෙනා වගකිවයුතුයි. අපි මේ රටේ සියලු ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලනවා, 'මේ ජාතික අපරාධය සිදු කිරීමට ඉඩ දෙන්න එපා!' කියලා."

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)

සම්බන්ධිත පුවත් | Related News

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.
අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.