ඩයනා පාර්ලිමේන්තුවට එව්වේ අපි නෙමෙයි... සජබය යි... මෙන්න ලිපිය.. - ඩයනා වෙනුවෙන් සජබය යැවූ ලිපියක් රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර එළියට දමයි
ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පත් කරන්න අත්සන් කලේත්, මේ පාර්ලිමේන්තුවට එව්වේත්, මැතිවරණ කොමසාරිස්ට නිර්දේශ කලේත් සමගි ජනබලවේගයමයි. ඊට පස්සේ සමගි ජනබලවේගය ඇතිකරගත්තු දේශපාලන පලහිලව්වක් ප්‍රතිඵලයක් විදියට එතුමියට මන්ත්‍රී කම නැතිවෙන්න ඇති හැබැයි ඒ පලහිලව්ව නොවෙන්න ඇය සහ සමගි ජනබලවේගය අතර මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ විවාදයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,
"මේ විවාදයේ දී විපක්ෂයෙන් ඉදිරිපත් කරපු සමහර කරුණු දැක්කම මම පුදුමයට පත් වුණා. මම සාමාන්‍යෙයන් කා එක්ක පැටලෙන්නෙවත් , කාටවත් විරුද්ධව කතා කරනෙවත් , කනාගේවත් නම කියලා චෝදනා කරන්නවත් මම උත්සාහ කරලා නැහැ. පාර්ලිමේනතුවේදී මට ලැබෙන කාලයේ දී මම මගේ මතය , මගේ අදහස් ඉදිරිපත් කරන්න කටයුතු කරනවා . නමුත් ගරු මූලාසනාරූඩ මන්ත්‍රීතුමණි මම මේ කාරණාව රටටත් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කිරීම මගේ යුතුකම සහ වගකීමයි. සජබය දිගින් දිගටම චෝදනා කලේ නීතිවිරෝධී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් අත්තඩංගුවට ගත්තා කියලා. ඩයනා ගමගේ මහත්මියව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙන් ජාතික ලයිස්තුවෙන් පත් කලේ අපිද ? දැන් මේක සජබය අපේ ඇගේ ගහන්න හදනවා. 2020/8/12 වන දින සමගි ජන බලවේගයේ ලෙටර්හෙඩ් එක යටතේ මහින්ද දේශප්‍රිය මහතා සභාපති මැතිවරණ කොමිෂන් සභාව රාජගිරිය යන ලිපිනයට සමගි ජනබලවේගයේ මහලේකම් තුමාගේ අත්සනින් යවපු ලිපිය මම සභාගත කරනවා .
එම ලිපියේ සඳහන් වන ආකාරයට
පාර්ලිමේන්තු මැතිවරණය 2020 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 99 ආ වගන්තිය යටතේ දැන්වීම ඉහත සඳහන් කරුණ සම්බන්ධව ඔබ විසින් මා හට එවනු ලැබූ 2020 08 12 ලිපිය හා බැදේ ඒ අනුව සමගි ජනබලවේගයට ජාතික ලැයිස්තුවෙන් වෙන්ව ඇති මන්ත්‍රී ධූර 07 සඳහා පහත සඳහන් නම් නිර්දේශ කර එවමි. මෙම නම් මා විසින් ඉදිරිපත් කරනු ලැබූ ජාතික ලැයිස්තුවේ නාම යොජනා පත්‍රෙය් ඇතුලත් වී ඇති බව වැඩිදුරටත් සඳහන් කරමි.පළවෙනි නම රත්නායක මුදියන්සේලාගේ රංජිත් මද්දුම බණ්ඩාර ,ජ්‍යෙෂ්ඨ දේශපාලඥ ජාතික හැදුනුම්පත් අංකය තියෙනවා . දෙවෙනි නම අත්තනායක මුදියන්සේලාගේ කුඩාබණ්ඩා තිස්ස අත්තනායක ,ජ්‍යෙෂ්ඨ දේශපාලඥ ජාතික හැදුනුම්පත් අංකය තියෙනවා. 3 ඉමතියාස් බකීර් මාකර් නිතිඥ හා සමාජ සේවක, 4 ඉරාන් වික්‍රමරත්න බැංකුකරු හා ආර්ථික විද්‍යාඥ ,5 නාලක ජූඩ් හරීන් ප්‍රනාන්දු ව්‍යාපාරික හා ක්‍රියානාරි දේශපාලඥ, 6 මයන්ත ලක්ෂමන් දිසානායක ව්‍යාපාරික උපාධිදාරි, 7 ඩයනා ගමගේ නිතිවේදී .
ගරු මූලාසනාරූඩ මන්ත්‍රීතුමණි, ඉස්සෙල්ලම මෙම මන්ත්‍රී වරිය පත් කරන්න අත්සන් කලේ මේ පාර්ලිමේන්තුවට එව්වේ මේ පාර්ලිමේන්තුවට මැතිවරණ කොමසාරිස්ට නිර්දේශ කලේ සමගි ජනබලවේගයමයි. ඊට පස්සේ ඔබතුමන්ලා ඇතිකරගත්තු දේශපාලන පලහිලව්වක් ප්‍රතිඵලයක් විදියට එතුමියට මන්ත්‍රී කම නැතිවෙන්න ඇති හැබැයි ඒ පලහිලව්ව නොවෙන්න ඔබතුමන්ලා අතර මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නනේ නැහැ මම ඒක කිව්වේ දැන් ඔබතුමන්ලා මතයක් හදන්න හදනවා එතුමිය මේ ආණ්ඩුවේ කෙනෙක් කියලා . එතුමිය ආණ්ඩුවට එකතු වුණා. ආණ්ඩුවත් එක්ක කටයුතු කලා. රාජ්‍ය අමාත්‍යවරියක් වශයෙන් කටයුතු කලා . නමුත් සජබේ මන්ත්‍රී වරියක් හැටියට තමයි එතුමිය මේ පාර්ලිමේන්තුවට ආවේ කියන කාරණය විපක්ෂයේ ඔබතුමන්ලාටත් සමගි ජනබලවේගයටත් මම මතක් කරන්න කැමතියි."
– Repoter

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්