ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ලංකාවෙන් ගිය ISIS සාමාජිකයන් සමග සබඳතා පැවැත් වූ ශ්‍රී ලාංකිකයෙකු මාලිගාවත්තේදී අත්අඩංගුවට
ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ලංකාවෙන් ගිය ISIS සාමාජිකයන් සිව්දෙනා සමග සමීප සබඳතා පැවැත් වූ ශ්‍රී ලාංකිකයෙකු මාලිගාවත්තේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේදී අත්අඩංගුවට පත් සිව්දෙනා අතර සිටින මොහමඩ් නුෆ්රාන් නැමැත්තා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ පොට්ට නෞෆර්ගේ දෙවැනි විවාහයේ පුත්‍රයෙකු බව විමර්ශන නිලධාරීන් අනාවරණ කරයි.
ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන කණ්ඩායමක් පත්කරනු ලැබීය.
ඊට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඇතුළත් අතර අදාළ විමර්ශන කණ්ඩායම මගින් මේ වන විට ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා තිබේ.
එවන් පසුබිමක අදාළ පුද්ගලයන් සිව්දෙනා මෙරට තුළ සබඳතා පැවැත්වූ පිරිස් පිළිබඳව වෙනමම විමර්ශනයක් මේ වනවිටත් අරඹා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සමග සමීප සබඳතා පැවැත් වූ පුද්ගලයෙකු මාලිගාවත්තේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අතඅඩංගුවට ගෙන තිබේ.
ඔහු විසින් අදාළ පිරිසට ගුවන් ටිකට්පත් ලබාදීම ඇතුළු විවිධ අධාර උපකාර ලබාදුන් අයෙක් බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.
සැකකරු මේ වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන අඛණ්ඩව ප්‍රශ්න කිරීම් සිදුකරයි.
මේ අතර අදාළ ISIS සාමාජිකයන් සිව්දෙනා පසුගිය 19වනදා රාත්‍රියේ මෙරටින් ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ හරහා චෙන්නායි වෙත ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
එමෙන්ම වෙනත් ගුවන්යානාවලින් තවත් ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් ඉන්දියාවට ගියේද යන්න පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මකය.
ඉන්දියාවේදී අත්අඩංගුවට පත් මොහමඩ් නුෆ්රාන් නැමැත්තා 40 වරක් ඉන්දියාවට පැමිණ ඇති අතර මොහොමඩ් නුස්රාත් 38 වරක් ඉන්දියාවට ගොස් ඇති බව එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මොහමඩ් රස්දීන් සහ මොහමඩ් ෆාරීස් නම් දෙදෙනා ඉන්දියාවට ගොස් ඇත්තේ පළමුවරටය.
එමෙන්ම අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙනාටම මීට පෙරත් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බව විමර්ශනවලදී වැඩි දුරටත් අනාවරණ වී ඇත.
පසුගිය පෙබරවාරි මාසයේ සිට පාකිස්තානයේ ISIS නායකයා වන අබු සමග සබඳතා පවත්වන අත්අඩංගුවට ගත් පිරිස එතැන් පටන් අඛණ්ඩව සමාජ මාධ්‍ය හරහා ඔහු සමග සබඳතා පවත්වා ඇති බව සඳහන් ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..