ඊබ්‍රාහිම් රාසි නොමැතිව ඉරාන වැසියන්ට වඩා හොඳ කාලයක් උදා වේවි- අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්

පසුගිය 19 වනදා හෙලිකොප්ටර් අනතුරකින් ඉරානයේ තවත් ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු සමඟ මියගිය ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි නොමැතිව ඉරාන වැසියන් “බොහෝ විට වඩා හොඳ” කාලයක් උදා විය හැකි බව රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊයේ(22) ප්‍රකාශ කළේය. එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා මෙම ප්‍රකාශය කළේ රයිසිගේ මරණය සම්බන්ධයෙන් තමා වගකීම දරණ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ශෝක පණිවිඩය සාධාරණීකරණය කළේ එය හුදෙක් විධිමත් ක්‍රියාවක් බව තර්ක කරමින් වීම විශෙෂත්වයකි.
"ඉරාන ජනතාවගේ මානව හිමිකම් සහ මූලික නිදහස සඳහා වන අරගලයට" වොෂින්ටනයේ සහයෝගය යළි තහවුරු කරමින්,පසුගිය 20 වනද කෙටි ප්‍රකාශයක් මගින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය "නිල ශෝකය" ප්‍රකාශ කර තිබුණි.
21 වනදා පැවැති අමෙරිකානු සෙනට් සභාවේ විදෙස් සම්බන්ධතා කමිටුවේදී සෙනෙට් සභික ජෝන් බරරාසෝ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කළ ශෝක ප්‍රකාශය විවෙචනය කිරීම සම්බන්ධයෙන් බ්ලින්කන් කෝපයට පත් විය. එහිදී සෙනෙට් සභික ජෝන් බරාසෝ කියා සිටියේ අමෙරිකානු පරිපාලනය “නිදහස් ලෝකයේ දිවුරුම් දුන් සතුරා” ගැන වැලපීම “කම්පනයට පත් කරන” බවයි.
“අපි මීට පෙර කළාක් මෙන් රටක නායකයෙකු මරණයට පත් වූ විට ඔහු විරුද්ධවාදියෙක්ද, සතුරෙක්ද යන්න නොසලකා අමෙරිකා එක්සත් ජනපදයේ නිල ශෝකය අපි ප්‍රකාශ කළා.” බ්ලින්කන් පැහැදිලි කළේය. "රයිසි මහතා වසර ගණනාවක් තිස්සේ ඔහුගේම ජනතාව මර්දනය කිරීම ඇතුළුව නින්දා සහගත හැසිරීම් වල නිරත වූ බව පිළිගැනීම එම ශෝක ප්‍රකාශය මගින් කිසිවිටකත් බැහැර කර නැහැ."
සෙනෙට් සභික ටෙඩ් කෲස් බ්ලින්කන්ට තවදුරටත් බලපෑම් කරමින්, එක්සත් ජනපදයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා "රයිසි මිය ගොස් ඇති බැවින් අද ලෝකය වඩා යහපත් වී ඇතැයි" විශ්වාස කරන්නේ දැයි විමසීය.
"විනිසුරුවරයෙකු ලෙස සහ ඉරානයේ ජනාධිපති ලෙස ඔහු නිරත වූ බිහිසුණු ක්‍රියාවන් අනුව, ඔහුට තවදුරටත් ඒවාට සම්බන්ධ විය නොහැකි නිසා, ඔව්!, ඉරාන ජනතාවට වඩා රයිසි නැති ඉරානය වඩාත් හොඳ වනු ඇත." බ්ලින්කන් පිළිතුරු දුන්නේය.
වයඹ දිග ඉරානයේ කඳුකර නැගෙනහිර අසර්බයිජාන් පළාතේදී ඔවුන් ගමන් කරමින් සිටි හෙලිකොප්ටරය කඩා වැටීමෙන් රයිසි සහ විදේශ අමාත්‍ය හොසේන් අමිර් අබ්දුල්ලහිඅන් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ ඉරාන දේශපාලන නායකයින් කිහිප දෙනෙක් 19 වනදා මිය ගියහ. මීදුම සහ වර්ෂාවෙන් බාධා එල්ල වූ පැය දහයකට වැඩි කාලයක් පුරා පැවැති සෝදිසි කිරීම් වලින් පසු ජනාධිපතිවරයා ඇතුළු පිරිසෙහි සිරුරු සොයාගැනීමෙන් පසු ඔවුන් මිය ගිය බව තහවුරු විය.
මේ අතර ඉරානය ජූනි 28 වැනි දින ජනාධිපතිවරණයක් පවත්වන බව නිවේදනය කර ඇත. 20 වනදා උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අනුමැතියෙන් පසු උප ජනාධිපති මොහොමඩ් මොක්බර් වැඩ බලන ජනාධිපතිවරයාගේ භූමිකාව භාරගෙන ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..