ගාසා, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්තානය ආදී රටවල දිග හැරෙමින් පවතින මානුෂීය අර්බුදය ගැන නිහඬව සිටින බටහිර බලවේග මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ල කරන පීඩනය විමතියට කරුණක්- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
ගාසා, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්තානය ආදී රටවල දිග හැරෙමින් පවතින මානුෂීය අර්බුදය සම්බන්ධයෙන් නිහඬව සිටින බටහිර බලවේග මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ල කරන පීඩනය පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සිය කනස්සල්ල පළ කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානපති කාර්යාලය මෙලෙස පවසා තිබේ.
එහිදී ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එල්ල කරන බාහිර බලපෑම් ඉහළ ගොස් ඇති බවයි.
“බොහෝ බටහිර දේශපාලන චරිත, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ විදේශීය අර්ධ මානව හිමිකම් සංවිධාන ඔවුන්ගේ විවේචනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කිරීම් සහ බහුල ලෙස ඔවුන්ගේ නිරීක්ෂණයන් ඉදිරිපත් කර ඇත." යනුවෙන් පවසන එම නිවේදනය මගින්,
"ඉහත සඳහන් කළ පුද්ගලයින් සහ ආයතන දෙබිඩි පිළිවෙත් අනුගමනය කිරීම පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලනු ලබන නමුදු, රුසියානු සමූහාණ්ඩුවේ නිල නියෝජිතයා ලෙස ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය එම "යුක්තියේ තානාපතිවරුන්" ගැටළු දකින ආකාරය සම්බධයෙන් නැවත වරක් තම විමතිය පල කිරීමට මෙම අවස්ථාව යොදා ගනිමු." යනුවෙන් සිය නිවේදනය මගින් තානපති කාර්යාලය පවසා සිටියි. එම නිවේදනය මගින් " බෝල්ටික් රටවල රුසියානු භාෂාව කතා කරන සුළු ජාතීන් පීඩාවට පත් වීම සම්බන්ධයෙන් සොයා බැලීමට ඔවුන්ට බාධා කරන සාධකය කුමක්ද?" යනුවෙන් දැඩි ලෙස ප්‍රශ්න නගයි.
"මෙම ප්‍රශ්නවලට පිළිතුරු අර්ධ වශයෙන් අප දන්නා නමුත් මහජනයා අනිවාර්යයෙන්ම එම ප්‍රශ්න ශබ්ද නඟා ඇසීමට කටයුතු කළ යුතුයි." තානාපති කාර්යාලය සිය නිවේදනය මගින් අවධාරණය කරයි.
නිවේදනය පහළින්...

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..