News Category
From Date
To Date
Maximum Number of Result

ඉරාන ජනපතිගේ හදිසි අභාවය ගැන ජාතික නිදහස් පෙරමුණ සාතිශය සංවේගය පළ කරයි

May 22, 2024 at 07:16 AM
|

ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රාහිම් රාසි මැතිතුමන් ඇතුළු ඉරාන ජන නායකයන්ගේ හදිසි අභාවය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ තම සාතිශය සංවේගය පළ කරමින් මෙරට ඉරාන තානාපතිවරයා වෙත ශෝක පණිවිඩයක් නිකුත්කර තිබේ.

එම පිණිවිඩය පහළින්...

ගරු ඉරාන තානාපති
ආචාර්ය අලිරෙසා ඩෙල්ඛොශ් මැතිතුමා,
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය, 
43, ජාවත්ත පාර,
කොළඹ 05.

ගරු තානාපතිතුමනි,

ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රාහිම් රාසි මැතිතුමන් ඇතුළු ඉරාන ජන නායකයන්ගේ හදිසි අභාවය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ සාතිශය සංවේගය පළ කිරීමයි

පසුගිය 19 වනදා ඉරාන ජනපති අචාර්ය ඊබ්‍රාහිම් රාසි, විදේශ අමාත්‍ය හුසේන් අමිර් අබ්දුල්ලාහින්, නැගෙනහිර අසර්බයිජාන ප්‍රාන්තයේ ආණ්ඩුකාර මලික් රහමති සහ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කුමෙයිනිගේ නියෝජිත ඉමාම් මොහොමඩ් අලි අල් හසෙම් ඇතුළු හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් කාර්ය මණ්ඩලය ජීවිතක්ෂයට පත් වූ පුවත අසා අපි ඉමහත් කම්පාවට පත් වුණෙමු. එලෙසම ඉරාන නායකයන්ගේ මරණය හේතුවෙන් ශෝකාකූලව සිටින ඉරාන ජනතාවට අපගේ සාතිශය සංවේගය පළ කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමු.

අධිරාජ්‍යවාදීන් සිය ගමන් මගේ අවසන් සැතපුම් කණුව ලෙස සටහන් කර ඇති නව ලිබරල්වාදය අවසන් කර සමස්ත ලෝක ජනයාට නිදහසෙන්, සාමයෙන් ජීවත් විය හැකි ලෙස නුදුරු අනාගතයේදී නිර්මාණය වන බහුධ්‍රැවීය ලෝකය තුළ ඉරාන භූමිකාවේ විශ්වීය සලකුණ සටහන් කිරීමට වත්මන් ඉරාන ජනපතිතුමන් මහත් කැපවීමෙන් කටයුතු කළ බව මේ අවස්ථාවේදී අපි සිහිපත් කරමු. චීනය, රුසියාව ඇතුළු ප්‍රගතිශීලී කඳවුර සමඟ අත්වැල් බැඳ ගනිමින් බ්‍රික්ස් සංවිධානය තුළ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කිරීමට අභාවප්‍රාප්තවූ ආචාර්ය ඊබ්‍රාහිම් රාසි මැතිතුමා විශාල මෙහෙයක් ඉටු කළ බව මෙහිලා සිහිපත් කරමු.

උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියට ආධාර දෙමින් ශ්‍රී ලංකාවේ ජනයාගේ ජීවන තත්වය ඉහළ නැංවීමට අභාවප්‍රාප්ත ඉරාන ජනපතිතුමන් දැක්වූ සහයෝගය ද මෙම ශෝකාකූල අවස්ථාවේදී ඉරාන ජනයාට ගෞරව පූර්වකව සිහිපත් කරන්නෙමු.

එලෙසම එතුමා සිය ජීවිතයට සමු දීමට පෙර සිය ජාත්‍යන්තර වගකීම ඉටු කරලීමට අසර්බයිජානයට යාමෙන් එතුමා තුළ වන අසල්වැසි රාජ්‍යයන් සුඛිත මුදිත කරලීමේ උවමනාව මනාව පැහැදිලි වන බව ද අවධාරණය කරමු.

අවසන් වශයෙන් ඉරාන ජනපතිතුමන් ඇතුළු  පිරිසගේ ජිවිත අහිමි කළ හෙලිකොප්ටර් යානා අනතුර පිටුපස යම් ආකාරයක  කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් වේදැයි සොයා බලා එවැන්නක් සිදුව ඇතිනම් එයට වගකිවයුත්තන්ට දැඩි දඬුවම් පැමිණවීමට කටයුතු කළ යුතු බව ද අවධාරණය කරමු.

ස්තුතියි,
මෙයට විශ්වාසී,
විමල් වීරවංශ(පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,

His Excellency the Ambassador for Iran Dr. Alireza Delkhosh,

Iranian Embassy in Sri Lanka

No. 43., Jawatta Road,

Colombo  05,

Sri Lanka,

H.E. The Ambassador,

It is to express the deepest condolences of the National Freedom Front at the sudden passing away of the Hon President Ebrahim Raisi and the National leaders.

We were deeply shocked by hearing the death of Dr. Ebrahim Raisi the President of Iran, Iranian Foreign Minister Hossein Amir-Abdollahian, The Governor of East Azerbaijan Province, Malik Rahmati and Supreme Leader Ayatollah Ali Khamenei’s Representative in Tabriz, Imam Mohammad Ali Al- Hashem along with Helicopter crew. Let us also use this opportunity to give solace to the Iranians, who are mourning the death of their beloved leaders.

 At this time of bereavement, let us recall  that the Iranian President dedicated himself to establish place of Iran to eliminate the last milepost of neo-liberalism and, to create a multi-polar world in the near future so that the global community can live in peace and harmony. We reminisce the fact that HE Dr Ebrahim Raisi played a pivotal role within the BRICS with the progressive camp of Russia and China.

It is with great respect and honor we wish to remind the people of I ran that the President Ebrahim extended his support for Uma Oya Development project, which was aimed at improving the living condition of the people of Sri Lanka.

The President Ebrahim’s commitment to the cause of promoting the living conditions of neighboring countries is absolutely clear by his last visit to Azerbyjan.

Further we wish to emphasize the need to investigate whether there was any act of sabotage involved over the reported accident with a view to expose the culprits so that they can be punished.

Thank you.

Yours Faithfully 

Wimal Weerawansa (MP)

Chairman,

National Freedom Front 

21-05-2024

සම්බන්ධිත පුවත් | Related News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.
තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.
ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.
පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.
මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

ප්‍රධාන පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.