
පදිංචි ඉඩම්වලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය දක්වා දිවුලපතාන ගම් වැසියෝ මහවැලි නේවාසික ව්‍යාපාර කාර්යාලය වටලති
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලය විසින් තමන් පදිංචි ඉඩම්වලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ දිඹුලාගල දිවුලපතාන ගම්වාසීහු ඊයේ(6) සවස වැලිකන්ද මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කාර්යාලය වටලා එම කාර්යාලයේ බිම වාඩි වී විරෝධතාවය පළ කළහ.
1983 වසරේ සිට පදිංචිව සිටි තමන් ත්‍රස්තවාදී කලබල සමඟ එම ගම් අතහැර යැමෙන් පසුව 2009 වසරේ පැවැති සාමකාමී තත්ත්වයක් සමග පදිංචියට පැමිණි හේන් වගා කරමින් ජීවිකාව ගෙනගිය බවත්, නැගෙනහිර පළාතේ අන්තවාදී පිරිසකගේ බලපෑම් සහ උවමනාවකට ඔවුන්ගේ ගවයන් තම භූමියට නිදහස් කිරීමේ අරමුණෙන් තමන් එම ඉඩම්වලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කටයුතු කරන බවද දිවුලපතාන ගම්වාසීන් චෝදනා කරති.
මඩකලපුව දිස්ත්‍රික්කයටත් පොළොන්නරුවටත් මායිම්ව දිවුලපතාන ගම්මානයේ අසරණව ජීවත් වන මෙම සිංහල පවුල් ඉවත් කිරීම වහාම නතර කර ගන්නා ලෙසත්, දිගින් දිගටම සිංහල ජනතාවට බලපෑම් කෙරුවොත් මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගෙන නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාතේ මහා සංඝරත්නයත් ජනතාව එක් කර කරමින් දැවැන්ත අරගලයක් සිදුකර බව මෙහිදී අදහස් දක්වමින් මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියෝ සඳහන් කළහ.
- ලංකාදීප -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
