News Category
From Date
To Date
Maximum Number of Result

ගැටලුව සත්‍ය සෙවීම පිළිබඳව නොව සත්‍ය සෙවීම නවලිබරල් ක්‍රමයට සිදු කිරීම සහ ත්‍රස්ථවාදයෙන් දිනාගත නොහැකිවූ ඊළමට පනතකින් පාර කැපීමයි - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ලේකම් යසස් ධර්මදාස

May 19, 2024 at 09:25 AM
|

යුද්ධය මානුශික මෙහෙයුමකින් අවසන්කර වසර 15 ක් සපිරෙන මේ මොහොතේ, එම බෙදුම්වාදීන්ගේ මනදොල සපුරාලන්නට පනතක් ගෙන ඒම පිළිබඳව බලවත් පිළිකුල ප්‍රකාශ කරන බවත්, සත්‍ය සෙවීමේ කොමිසමේ අරමුණ හුදු සත්‍ය සෙවීමක්ම නොවන බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කරන ඒ මහතා මෙසේද සඳහන් කරයි,

"රණවිරුවන් ව්සිනම දාහකට දිවි අහිමිකරමින් තවත් රණවිරුවන් දොලොස් දාහක් ආබාධිත කරමින් තිස් වසරක් පැවති බෙදුම්වාදය සාක්ෂාත් කරගැනීම සඳහා පැවති යුද්ධය මානුශික මෙහෙයුමකින් අවසන්කර වසර 15 ක් සපිරෙන මේ මොහොතේ, එම බෙදුම්වාදීන්ගේ මනදොල සපුරාලන්නට පනතක් ගෙන ඒම පිළිබඳව අපගේ බලවත් පිළිකුල ප්‍රථමයෙන්ම ප්‍රකාශ කරමු. මේ සත්‍ය සෙවීම නමින් කරන්නට අරාඳින්නාවූ මහා පාවාදීම කුමක්ද කියා විමසා බලමු.

අපේ රටේ සමහරක් ජනතාව, විශේෂයෙන්ම තරුණ ප්‍රජාව, හිතන්න පුළුවන් සත්‍ය සෙවීමක් පිළිබඳව ඇයි මෙතරම් අකමැති, සත්‍ය දැනගත්තම කාටත් හොඳයිනෙ, අනෙක ඕකෙන් හොරා කාපු රාජපක්ෂලටනෙ ඳඬුවම් විඳින්න වෙන්නෙ කියල. විශේෂයෙන්ම මිමී එකකට එහා දෙයක් නොකියවන රෝං ජෙනරේෂන් එකකට එහෙම තමයි හිතෙන්නෙ. නමුත් ඊට එහා දැනුමක් ඇති පිරිසක්, විශේෂයෙන්ම 69 ලක්ෂයකින් පත්කරන ලද නියෝජිතයින් පිරිසක්ද, මේ මිමී ගොනුවට අලුතින්ම එකතුවී සිටීම අභාග්‍ය සම්පන්න කරුණක් ලෙසයි අප දකින්නෙ.

ප්‍රථමයෙන්ම මේ සත්‍ය සෙවීමේ කොමිසමේ අරමුණ හුදු සත්‍ය සෙවීමක්ම නොවෙයි කියා අප වටහා ගත යුතුයි. එසේ සත්‍ය සෙවීමක් සිදුකිරීමට අවශ්‍යනම් එය මේ නවලිබරල් ක්‍රමයට සිදුකළ නොහැකියි. සත්‍ය සෙවීමටනම් ගතානුගත ස්වභාවික යුක්තිය ක්‍රමය අනුගමනය කළ යුතුයි.

මේ සත්‍ය සෙවීම සිදුවන්නේ 2015 මෛත්‍රී රනිල් සුසිල් පාඨලී අනුර ප්‍රමුඛ යහපාලන රජය විසින් සමානුග්‍රහයදී ආරෝපණය කරගන්නා ලද අපේ රණ විරුවන් යුද අපරාධකරුවන් වේය යන පූර්ව නිගමනය මත හා ඊට ලබාදෙන ලද ඳඬුවම් පිළිගනිමින්. ස්වභාවික යුක්තිය පසෙකලා, සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හෙවත් චෝදනා කරන්නවුන් කවුද කියා හෙළි නොකර, ඉන් සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි පිළිබඳව විශ්වාසනීයත්වය තහවුරු කර ගැනීමට ඉඩ නොතබා කටයුතු කිරීම තහවුරුකර ඒ ඔස්සේ සත්‍ය සෙවීමක් පිළිබඳව කතාකරන මේ පනතින් එහි යටි අරමුණු මොනවාද නොදන්නා අය හිතන ආකාරයේ සත්‍ය සෙවීමක් මෙම කොමිසමෙන් බලාපොරොත්තු විය නොහැකියි. මේ කොමිසමේ සත්‍ය අවශ්‍යතාවය වන්නේ ඒ 2015 පිළිගන්නා ලද 30/1 ජිනීවා ප්‍රඥප්තියේ ඉතිරි නියෝග පිළිපැදීම හා ක්‍රියාවේ යෙදවීමයි. 

තිස් වසරක යුද්ධය 2009 දී මානුශික මෙහෙයුමකින් නිමවා වසර 15 ක් සපිරෙන මැයි 19 දින මේ හුදු සත්‍ය සෙවීමේ කොමිසම් පනතට මූලිකව බලපාන්නාවූ කාරණය පිළිබඳව අවධානය යොමු කරමු. මේ සඳහා මූළිකව බලපා තිබෙන්නේ 2015 වසරේ සැප්තැම්බර් 16 දින ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ තිස්වෙනි සැසිවාරයට ඉදිරිපත්වූ "ශ්‍රී ලංකාව පිළිබඳව මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් කාර්යාලය මගින් කරන ලද විමර්ශනයේ වාර්තාවේ (OISL)" සඳහන් "ප්‍රධාන සොයා ගැනීම්" සහ "යුක්තිය හා වගවීම" යටතේවූ "නිගමන හා නිර්දේශ" ක්‍රියාත්මක කිරීමට ගන්නාවූ අවසාන අවශ්‍යතාවය සැපිරීම වේ.

FCID යනම්වූ, සාමාන්‍ය අධිකරණ ක්‍රියාදාමයෙන් බාහිරව ක්ෂණිකව දූෂණ පිළිබඳව කටයුතු කිරීමට බලය පවරා තිබූ,  ලිබරල් ආයතනයක් මගින් විවිධවූ හොරා චෝදනා යටතේ ගොනුකළ නඩුහබ වලට හිරේ විලංගුවේ වැටෙමින් කාළය ගෙවීමට සිදුවීම හේතුවෙන් ජිනීවා චෝදනාවලට විත්තිවාචිකයක් සෑදීමට මානුශික මෙහෙයුම සිදුකළාවූ රාජපක්ෂ වරුන්ට කාළයක් නොතිබූනේයැයි අප සිතූ හෙයින්ද, දෙමළ කොටි ඩයස්පෝරාව දිගින් දිගටම ජිනීවාහී මානව හිමිකම් කොමිසම නමැති නරාවලෙහි පාලුගෙයි වලං බිඳිමින් සිටි හෙයින්ද, ඒ වෙනතෙක් අපේ රණවිරුවන්ගේ නිර්දෝශී භාවය පිළිබඳව කිසිදු ලියවිල්ලක් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්කර නොතිබූ හෙයින්ද; 2016 වසරේ අගභාගයේදී ජාතික සංවිධාන එකමුතුවේ පැවරුම අනුව, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ අනුග්‍රහය මත ඉහත සඳහන් "OISL වාර්තාවේ සඳහන්වූ විමර්ශණයේ ප්‍රධාන සොයා ගැනීම්" පිළිබඳව විමර්ශණයක් ස්වාධීන විද්වත් මංඩලයක් විසින් සිදු කරන ලදී. එම විමර්ශණ වාර්තාව සහ නිර්දේශ "විරුවන්ගේ විත්තිවාචිකය" ලෙස 2017 මාර්තු මස 12 හෝ ආසන්න දිනක තුම්මුල්ලේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ප්‍රධාන රණවිරුවන් විසින් අනාගත ගැලවුම්කරු වේයැයි සිතූ ගෝඨාභය රාජපක්ෂ මහතාටද, එම අවස්ථාවට ආරාධිතව පැමිණසිටි දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මහජන නියෝජිතයින් හටද මහා සංඝයා වහන්සේ ඉදිරියේ උත්සවාකාරයෙන් මහත් බලාපොරොත්තු ඇතිව ප්‍රධානය කරන ලදී. එහි එක් පරමාර්ථය වූයේ රට රැකගත්තාවූ රණවිරුවන්හට එල්ලවී ඇති චෝදනා නිශ්ප්‍රභා කිරීම සඳහා ගෝඨාභය හා දිනේශ් ඇතුලු කණ්ඩායමට අවශ්‍ය සාධක සපයාදීමයි. බලය ලැබුන පසුව ඔවුන් ප්‍රථමයෙන්ම අමතක කර දැමුවේද එම අවශ්‍යතාවයයි. ඒ වෙනුවට ඔවුන් තෝරාගත්තේ යුද අපරාධ චෝදනා පවතිද්දීම ඳඬුවම් වලින් බේරීම සඳහා "මධ්‍යස්ථ දෙමල ප්‍රජාව එන්ගේජ් කරගැනීම" නම්වූ සට්ටැඹි තියරියයි.

"විත්තිවාචිකයෙන්" ජාතික සංවිධාන සඳහා නිර්දේශිතවූ නිර්දේශිතයන් තුනෙන් එකක් සපුරනුවස් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ප්‍රමුඛව විශ්‍රාමික දෙවන නාවික කොමදෝරු සරත් වීරසේකරයින් විසින් එම "විත්තිවාචිකය" 2017 මාර්තු මස 20 හෝ ආසන්න දිනක ජිනීවාහී මානව හිමිකම් කොමිසමට බාරදෙන ලදී. මෙම විත්තිවාචිකය මගින් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියේ OISL වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව අපක්ෂපාතී වාර්තාවක් කැඳවන ලෙසත්, OISL වාර්තාව පිළිබඳව රජයේ ස්ථාවරය ප්‍රකාෂ කරන ලෙසත්, මානව හිමිකම් කොමිසමේ සිදුවූ දෑ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කරන ලෙසත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරුවෙක් OISL වාර්තාව නැවත විමර්ෂණය සඳහා යොදවන ලෙසත්, එතෙක් OISL වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තහනම් කරමින් මානව හිමිකම් කොමිසමට තාවකාලික තහනමක් පවරන ලෙසත් වේ.

මාතෘකාවේ සඳහන් යෝජිත කොමිසම් පනතට අදාල "සත්‍ය" මේ වනවිටත් සිවිල් යුද්ධයක් පැවතියාවූ රටක සෙවිය හැකි ප්‍රමාණයටත් වැඩියෙන් "සොයා" ඉදිරිපත් කර ඇත. මේ සොයාගත් දෑ බීරි අලින්ට වීණා වයන්නාසේ වීමද, එම සොයාගත්දෑ අදාල රජයන් විසින් නිසි ආකාරයට පරිහරණය නොකිරීමද මේ අනවරතයෙන් සිදුවෙන අනවර්තයට හේතු පාදකව ඇත.

"විත්තිවාචකය" සම්පාදනය වූයේ එවකටත් සම්පාදනය කර, එහෙත් වැඩක් නොගෙන හමස් පෙට්ටියට යවා තිබූ, යුද අපරාධ පිළිබඳව ගවේෂණය කරන ලද යුද විශේෂඥයින්ගේ වාර්තා හතක් පදනම්ව බැවින්, මෛත්‍රී රනිල් සුසිල් පාඨලී අනුර ප්‍රමුඛ යහපාලන රජය "අපේ රණවිරුවන් යුද අපරාධකරුවන්වේය" යන්න සමානුග්‍රහයදී පිළිගන්නාවිටද ශ්‍රී ලංකාවේ රණවිරුවන්‍ යුද අපරාධකරුවන්වේය යන චෝදනාව නිශේධනය කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි සම්භාරයක්ම සම්පාදනය කර තිබුණි. සිදුවූයේ හුදු රාජපක්ෂ විරෝධය හේතුවෙන් දුෂ්ඨවූ යහපාලන රජය මහා පිංතූරය අමතක කරදමා රට බෙදුම්වාදයට නතු කරන අවස්ථාවාදී තොණ්ඩුව සියතින් ගෙලලා ගැනීමයි. 

එම කරුමයේ උරුමයට එදා කරගැසීමට සිදුවූ එවක ජිනීවාහි මානව හිමිකම් සමුළුවේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා අප සමග පැවසුවේ "යුද අපරාධ චෝදනා තිබෙන තාක්කල් එම චෝදනා හිසට උඩින් සිහින් කෙස් ගසකින් එල්ලා ඇති තියුණු අසිපතක්සේ අපට එරෙහිව පවතින" බවයි. මෙම කරුණ ඕනෑම සාධාරණ සිහියක් ඇති තැනැත්තෙකු හට වැටහෙනු ඇත. එය අවබෝධ කරගැනීම සඳහා නීතිය පිළිබඳව කිසිදු ආචාර්‍ය මහාචාර්‍ය පට්ටමක් අවශ්‍ය නොවේ. පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පලායන්නට සිදුවූයේද රණවිරුවන් හට එම යුද අපරාධ චෝදනා පවතිද්දීම "මධ්‍යස්ථ දෙමළ ඩයස්පෝරාව එන්ගේජ් කරගෙන ඳඬුවම්වලින් ගැලවීම සමථයකට පත්කරගත හැක" යන "සට්ටැඹි උපදේශය" පිළිගැනීම නිසාවේ. ගෝඨාභයගේ "ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය" පොතේ ඒ පිළිබඳව සටහන්ව නොතිබීම තත්කාලීන කරුණු පිළිබඳව එතුමාගේ පවතින අවබෝධය පිළිබඳව තක්සේරුවක් සේ බැහැර කළ නොහැක. කරුණු වසංකරමින් නිසොල්ලාසයන් ලිවීමද කුමන්ත්‍රණය තවමත් ඉදිරියට ඇදෙන බවට සඥාවක් විය හැක.

විමර්ශනයේ ප්‍රධාන සොයා ගැනීම් ලෙස සඳහන්ව ඇත්තේ (1) නීති විරෝධී ඝාතන (2) නිදහස අහිමි කිරීමට අදාළ උල්ලංඝනයන් (3) බලහත්කාර අතුරුදහන් කිරීම් (4) වධ හිංසා හෝ අනෙකුත් ආකාරයේ කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් (5) ලිංගික හා ස්ත්‍රීපුරුෂ සමාජ භාව පදනම් ප්‍රචණ්ඩත්වය (6) පැහැර ගැනීම් හා බලහත්කාර බඳවා ගැනීම් (7) ළමුන් බඳවා ගැනීම හා එදිරිවාදිකම්වල යොදා ගැනීම (8) සිවිල් ජනතාවට සහ පොදු ස්ථානවලට සටන්වල බපෑම (9) යාම් ඊම් පාලනය (10) මානුශීය ආධාර අහිමි කිරීම, සහ (11) තීව්‍ර පිරික්සුම හා අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයින්ගේ නිදහස අහිමි කිරීම යන කාරණා වේ.

විත්තිවාච්කය විසින් විමර්ශණය කරන පරිදි OISL චෝදනා එකොලහෙන් තුනක් LTTE සංවිධානයට එරෙහිවද, තුනක් පොදුවේ LTTE හා ශ්‍රී ලංකා රජය වෙතද, පහක් ශ්‍රී ලංකා රජයට එරෙහිවද එල්ලකර තිබුනි. ඉන් එක චෝදනාවක්, එනම් ඉහත 11 වන චෝදනාව, විත්තිවාචිකය සම්පාදනය කල කාලය වනවිට අවසන්ව හෝ අවසාන අවස්ථාවේ පැවතුනි. LTTE සංවිධානය වෙත එල්ලවී තිබුනේ ඉහත 6, 7 සහ 9 චෝදනාවන් වේ. පොදුවේ එල්ලවූ චෝදනාවන් වූයේ 1,8 හා 10 යන චෝදනා වේ. විත්තිවාචිකය විසින් සළකා බලනු ලැබුවේ ඉතිරි චෝදනා හතර සහ පොදු චෝදනාවේ ශ්‍රී ලංකා රජයට එරෙහිවූ චෝදනා පමණක් වේ. මෙහිදී ජේෂ්ඨ නීතිවේදී දර්ශන් වීරසේකර මහතා විසින් පරණගම කොමිසමේ සඳහන්ව තිබූ යුද අපරාධ විශේෂඥයින්වූ රාජ නීතිඥ සර් ඩෙස්මන්ඩ් ඩි සිල්ව, මහාචාර්‍ය ඩී.එම්. ක්‍රේන්, රාජ නීතිඥ සර් ජෙෆ්‍රි නයිස්, රාජ නීතිඥ රොඩ්නි ඩික්සන්, මහාචාර්ය මයිකල් නිව්ටන් සහ මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස් යන මහත්වරුන් විසින් සම්පාදනය කරන ලද වාර්තා සහ ලිපි විත්තිවාචිකය සම්පාදනය සඳහා භාවිතා කරන ලදී. එසේම යුද සමයේ යුද්ධ භූමියේ සිටි විදේශික වාර්තාකරුවන්වූ ෆ්‍රන්ට්ලයින් සඟරාවේ මුරලිදර් රෙඩ්ඩි, රොයිටර් ඡායාරූප ශිල්පී ඩේවිඩ් ග්‍රේ ආදීන්ගේ වාර්තාද, යුද්ධයේ අවසාන කොටසේ යුද්ධ භූමියේ සිටි වෛද්‍යවරුන්ගේ වාර්තා, LTTE යේ දේශපාලන අංශයේ ප්‍රධානී තමිලිනී ජයකුමාරන් මහත්මියගේ ප්‍රකාෂයන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ ප්‍රකාෂක ගෝඩන් වේස් මහතාගේ ප්‍රකාෂණද, ICRC වාර්තා, UN වාර්තා, LLRC වාර්තා, CCHA වාර්තා, විකිලීක්ස් හා දේශපාලන රැකවරණය ලැබීමේ අයදුම්පත්‍ර ආදිය ද විමර්ශණය සඳහා භාවිතා කරන ලදී. දර්ශනයන්ගේ විමර්ශණය අනුව අපගේ රණවිරුවන් යුද අපරාධ සිදු නොකරන ලද බවට නැවත තහවුරුවිය. 

දර්ශන් වීරසේකරයන්ගේ මෙම විමර්ශණයේදී සාක්ෂි අපරාධ නඩු වලට අදාල සාක්ෂි පසිඳලීමේදී භාවිතාවෙන සාක්ෂි විධි ක්‍රම පහෙන් හතරක්ම භාවිතා කර ඇති අතර OISL වාර්තාවේ සාක්ෂි ප්‍රමිතිය "විශ්වාස කිරීමට සාධාරණ හේතු" නියමය වන අතර එය නීතියේ යම් නිශ්චිත චෝදනාවක් ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු සාක්ෂියේ පහළම ස්ථරය ලෙස නීතියේ පිළිගැනේ. ජාත්‍යන්තර අධිකරණයට අනුව චෝදනා එල්ලකිරීම සඳහා අවම වශයෙන් චෝදනාවල සංවේදී හෝ සාධාරණ සාධාරණීයකරණයක් පැවතිය යුතුය. නමුත් එවන් සංවේදී සාධාරණීය හෝ සාධාරණ සාධරණීය වාතාවරණයක් OISL වාර්තාවේ නොමැති අතර චෝදනා සහ ඳඬුවම් සියල්ල ඒක පාර්ශිකව තීරණය කර ඇත. ඒ සඳහා අවාසනාවට කුහක අමනෝඥ යහපාලන රජයද සමානුග්‍රහයදී සම්මාදම්ව ඇත.

2017 වසරේදී එංගලන්ත පාර්ලිමේන්තුවේ සභික නෙස්බි සාමිවරයා විසින්ද ශ්‍රී ලංකාව යුද අපරාධ නොකරන ලද බවත් ශ්‍රී ලංකාවට පණවා ඇති යුද අපරාධ චෝදනා ඉවත්කළ යුතු බවත් ප්‍රකාෂ කරන ලදී. නෙස්බි සාමිවරයාගේ එම හෙළිදරව්ව බ්‍රිතාන්‍ය රජයේ රහස්‍ය ආරක්ෂක වාර්තා තොරතුරු දැනගැනීමේ පණත යටතේ ඉතා අසීරුවෙන් ලබාගන්නා ලද බවද එතුමා ප්‍රකාෂ කර තිබුනි. එම අතරින්පතර තොරතුරු සඟවාතිබූ වාර්තාව නෙස්බි සාමිවරයා විසින්ම මෙම ලියුම්කරු සහභාගීවූ එංගලන්ත පාර්ලිමේන්තුවේ රැස්වීම් ශාලාවක පැවැත්වූ රැස්වීමකදී අපවෙත පරීක්ෂාව සඳහා ලබාදුනි.

මීට අමතරව, නෙස්බි සාමිවරයාගේ ඉල්ලීම මත, යුද්ධයේ අවසාන සමයේ සිදුවුනා යැයි ප්‍රකාෂිත සිවිල් මරණ සංඛ්‍යාව පිළිබඳව වැප්ස් සංවිධානය මගින් ඉදිරිපත් කරන ලද යුද්ධයේ අවසාන සමයේ සිදුවූ සිවිල් මරණ පිළිබඳව වාර්තාවක් පාදකව තවත් වාර්තාවක් නෙස්බි සාමිවරයාවෙත යොමුකරන ලදී.  එම වාර්තාව පසුව මානව හිමිකම් සමුළුවටද යොමුකරන ලදී. මෙම වාර්තාව සම්පාදනය කරන ලද්දේ LTTE යේ නිල මාද්‍යවූ TamilNet වෙබ් අඩවියේ යුද සමයේ තත්ත්කාලීනව පලවූ මරණ වාර්තා පාදක කරගෙන වේ. එම තත්කාලීන වාර්තා අනුව යුද්ධයේ එම වකවානුවේදී POE වාර්තාව හෙවත් කුප්‍රකට දරුස්මාන් වාර්තාව ඇතුලුව රායප්පු ජෝෂප් කතෝලික පියතුමා ඇතුලු විවිධ සංවිධාන සහ ඩයස්පෝරාවන් කලින් කලට පවසන පරිදි 40,000 සිට 120,000 ක්වූ සිවිල් වැසියන් සංඛ්‍යාවක් නොව, යුද්ධයෙන් මියගොස් ඇත්තේ 7,735 ක් බවට සනාතවිය. නෙස්බි සාමිවරයාගේ හෙළිදරව්ව ආකාරයට මෙයින් සියයට විසිපහක් අනිවාර්යයෙන්ම LTTE සාමාජිකයින්වේ. ඒ බව යුද සමයේ මිනිස් පළිහේ රැඳී හිටි හිටපු පාර්ලිමේන්තු මංත්‍රී මෙන්ම සටන් පැවති ප්‍රදේශ වල සේවයේ නියුතුව හිටපු වෛද්‍ය වරුන්ගේ සාක්ෂි වලින්ද සනාත කර ඇත.

එබැවින්, "සත්‍ය සෙවීමට" තවත් අණපනත් ගෙන ඒමට අවශ්‍ය නැත. මේ වනවිට "සත්‍ය සොයාගෙන" බොහෝ කලක් ගතව ඇත. "සත්‍ය සෙවීම" නමින් මේ සිදුකිරීමට කැසකවනු ලබන්නේ අබලන්ව වැටී ඇති රට වෙනත් දුෂ්ඨ අරමුණක් වෙනුවෙන් ඇදගෙන යෑමයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය, රට යුද අපරාධ ගැටයේ පැටලුවාවූ යහපාලන රජයේ ජනාධිපති විසින්ම, රණවිරු දඩයමට අදාල අණපනත් හතකට දායකවූ පුද්ගලයෙකුට කඩිමුඩියේ පැවරීම සිදුකිරීමද මේ කුමන්ත්‍රණ වල තවත් පියවරක් විය හැක.

අප මෙහි සඳහන් කරනු ලැබුවේ අභූත යුද අපරාධ චෝදනා නිශේදනය හෙවත් "සත්‍ය සෙවීම" පිළිබඳව අදාල කරුණු පමණයි. මුහුණ දියයුතු සහ පරාජය කලයුතු දුෂ්ඨ අරමුණු වන්නේ පනතේ ඉතිරි කොටස වන "වගවීම සහ වැලැක්වීම" යටතේ යෝජිත කරුණු සම්භාරයටවේ. එම දුෂ්ඨ අරමුණු වලින් ගැලවීම මධස්ථ මතධාරී දෙමල ඩයස්පෝරාවක් "එන්ගේජ්" කරගැනීමෙන් ඉටුකළ ගත නොහැකි බව සට්ටැඹිධාරී නීතිවේදීන්ට හා ගෝඨාභයට දැන්වත් වැටහෙනු ඇතිද කියා සිතිය නොහැක. "එන්ගේජ්" උනේ කවුද කරේ කවුද කියා විමල්, තෝරදෙණිය ආදීන්ගේ ග්‍රන්ථ වල සේම කතානායකට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයෙන් පසු කතානායක කළ හෙළිදරව්වෙන්ද පැහැදිලි වේ. එසේම, OISL වාර්තාව මගින් වාර්තා කර ඇති ප්‍රධාන සොයා ගැනීම් සියල්ල අසත්‍ය බව ඉහත සනාථ කර ඇති බැවින්, තව දුරටත් OISL මගින් සිදුකර ඇති නිර්දේශයන් හා නියෝගයන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොවන බව රජයට වැටහිය යුතුයි. ඒ සඳහා කටයුතු කිරීමට පක්ෂයක් හෝ මංත්‍රීවරයෙක් ඉදිරිපත් නොවීමද කනගාටුවට කරුණක්.

එබැවින් දැන්වත් මේ රාජ්‍යය දුර්වල කරන රට බෙදන දුෂ්ඨ ක්‍රියාවලියෙන් ඉවත්වෙන ලෙස හා එම දුෂ්ඨ ක්‍රියාවලිය පරාජය කරන ලෙස, අඩුම තරමේ 69 ලක්ෂයේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය, සැමගෙන් ඉල්ලා සිටිනව.

එසේම අරුන් සිද්ධර්ථ මහතා වෙතද ඉල්ලීමක් කිරීමට කැමතියි. ඔබව යූඑන්පියේ සංවිධායක ලෙස පත්කිරීම බාධාවක් ලෙස නොසළකමින්, ඉහත OISL විමර්ශණ මගින් LTTE ය වෙත කරන ලද චෝදනා 1,6,7,8,9 හා 10 පිළිබඳව විමර්ශණයක් කිරන ලෙස ඉල්ලා සිටිනව. ඔබ විසින් LTTE යෙන් තාඩනයට හා පීඩනයට ලක්වූ ජනතාව පිළිබඳව සෙවීමට නියමිතවූ ව්‍යාපෘතිය හා මෙම ක්‍රියාවලිය සමපාත වෙනු ඇති කියා හිතනව. එබැවින්, ඒ පිළිබඳව ඔබගේ කඩිනම් අවධානය යොමුකරණු ඇතැයි විශ්වාස කරමි."

- යසස් ධර්මදාස, ලේකම්, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය.

සම්බන්ධිත පුවත් | Related News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.
තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.
ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.
පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.
මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

ප්‍රධාන පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.