පදිංචි ඉඩම්වලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය දක්වා දිවුලපතාන ගම් වැසියෝ මහවැලි නේවාසික ව්‍යාපාර කාර්යාලය වටලති
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලය විසින් තමන් පදිංචි ඉඩම්වලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ දිඹුලාගල දිවුලපතාන ගම්වාසීහු ඊයේ(6) සවස වැලිකන්ද මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කාර්යාලය වටලා එම කාර්යාලයේ බිම වාඩි වී විරෝධතාවය පළ කළහ.
1983 වසරේ සිට පදිංචිව සිටි තමන් ත්‍රස්තවාදී කලබල සමඟ එම ගම් අතහැර යැමෙන් පසුව 2009 වසරේ පැවැති සාමකාමී තත්ත්වයක් සමග පදිංචියට පැමිණි හේන් වගා කරමින් ජීවිකාව ගෙනගිය බවත්, නැගෙනහිර පළාතේ අන්තවාදී පිරිසකගේ බලපෑම් සහ උවමනාවකට ඔවුන්ගේ ගවයන් තම භූමියට නිදහස් කිරීමේ අරමුණෙන් තමන් එම ඉඩම්වලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කටයුතු කරන බවද දිවුලපතාන ගම්වාසීන් චෝදනා කරති.
මඩකලපුව දිස්ත්‍රික්කයටත් පොළොන්නරුවටත් මායිම්ව දිවුලපතාන ගම්මානයේ අසරණව ජීවත් වන මෙම සිංහල පවුල් ඉවත් කිරීම වහාම නතර කර ගන්නා ලෙසත්, දිගින් දිගටම සිංහල ජනතාවට බලපෑම් කෙරුවොත් මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගෙන නැගෙනහිර පළාත සහ උතුරු මැද පළාතේ මහා සංඝරත්නයත් ජනතාව එක් කර කරමින් දැවැන්ත අරගලයක් සිදුකර බව මෙහිදී අදහස් දක්වමින් මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියෝ සඳහන් කළහ.
- ලංකාදීප -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්