ඉන්දියානු කුළුබඩුවල විෂ අඩංගු වීම ගැන නවසීලන්තය රජය විමර්ශන අරඹයි
නවසීලන්තයේ ආහාර සුරක්ෂිතතා නියාමන ආයතනය ඉන්දියාවේ ප්‍රමුඛතම කුළුබඩු සන්නාමයන් වන MDH සහ එවරස්ට් සන්නාමයන් එක්සත් ජනපදය ඇතුළු අනෙකුත් රටවල පරීක්ෂාවකට ලක්වීමෙන් පසු පළිබෝධනාශක අපද්‍රව්‍ය මිශ්‍ර වී ඇතිදැයි තහවුරු කර ගැනීමට විමර්ශන අරඹා ඇතැයි වාර්තා වේ.
TradeImex ආයතනයට අනුව, ඉන්දියාව පසුගිය වසරේ, දකුණු ආසියාතික රටවල් 180 කට පමණ ඩොලර් බිලියන 3.89 ක් වටිනා කුළුබඩු නැව්ගත කර ඇති අතර, ලෝකයේ විශාලතම කුළු බඩු අපනයනකරුවාද විය. ඉන්දියානු කුළුබඩු ආහාරවල රස සහ මස් වර්ග ඉවීමට පෙර පදම් කිරීමට ගන්නා අමුද්‍රව්‍ය ලෙස ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව තිබේ.
කෙසේ වෙතත්, පසුගිය මාසයේදී හොංකොං රාජ්‍යය විසින් MDH හි කුළුබඩු මිශ්‍රණයන් තුනක් සහ එවරස්ට් නිෂ්පාදන වලින් එකක් ඒවායේ පිළිකා ඇති කරන පළිබෝධනාශක වන එතිලීන් ඔක්සයිඩ් ඉහළ මට්ටමක පවතින බව පවසමින් අලෙවි කිරීම අත්හිටුවා තිබේ. එලෙසම සිංගප්පූරුව රාජ්‍යය සමහර ඉන්දියානු කුළුබඩු අලෙවිය ද නවතා දැමීමටද කටයුතු කර ඇත.
"එතිලීන් ඔක්සයිඩ් යනු මිනිසුන් තුළ පිළිකා ඇති කරන රසායනික ද්‍රව්‍යයක් වන අතර නවසීලන්තයේ සහ අනෙකුත් රටවල ආහාර ජීවානුහරණය සඳහා භාවිත කිරීම ක්‍රමානුකූලව ඉවත් කර ඇත." යනුවෙන් නවසීලන්ත ආහාර සුරක්ෂිතතා ආයතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙනී බිෂොප් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. "MDH සහ එවරස්ට් කුළුබඩු නවසීලන්තයේ ද ඇති බැවින්, අපි මෙම ගැටළුව සොයා බලනවා." ඔහු වැඩිදුරටත් පැවසුවේය.
රොයිටර් වාර්තාවට අනුව MDH සහ එවරස්ට් ඔවුන්ගේ නිෂ්පාදන පරිභෝජනයට ආරක්ෂිත බව ප්‍රකාශ කර ඇත. කුළුබඩු අපනයන ක්ෂේත්‍රයේ දැවැන්තයන් දෙදෙනා එක්සත් ජනපදය, යුරෝපය, අග්නිදිග ආසියාව, මැද පෙරදිග සහ ඕස්ට්‍රේලියාවට තම නිෂ්පාදන අපනයනය කරයි.
අප්‍රේල් මාසයේදී, එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) ඉන්දියාවේ විශාලතම වෙළඳ නාම දෙකේ නිෂ්පාදනවල පළිබෝධනාශක අඩංගු විය හැකිද යන්න පිළිබඳව පරීක්ෂණයක් දියත් කළ බව FDA ප්‍රකාශකයෙක් රොයිටර් වෙත පැවසීය. 2021 වසරේ සිට MDH කුළුබඩු එක්සත් ජනපදයට කරණු ලැබූ නැව්ගත කිරීම්වලින් 14.5% ක සාමාන්‍යයක් ප්‍රතික්ෂේප වී ඇති බව ද පුවත් ඒජන්සිය වැඩිදුරටත් වාර්තා කළේය.
හොංකොං හි සොයාගැනීම් වලට දින කිහිපයකට පෙර, ඉන්දියානු හෝ ජාත්‍යන්තර රෙගුලාසිවලට යටත්ව නොතිබූ කුළුබඩු සහ ඖෂධ පැළෑටිවල පළිබෝධනාශක අපද්‍රව්‍යවල අවසර ලත් සීමාව දස ගුණයකින් වැඩි කිරීමට ඉන්දියාවේ ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති අධිකාරිය ඉඩ දී ඇති බව පුවත් ඒජන්සිය වාර්තා කළේය.
අවදානම් තක්සේරුව මත පදනම්ව විවිධ ආහාර ද්‍රව්‍ය සඳහා අවශේෂ සීමාව වෙනස් ලෙස නියම කර ඇති බව පවසමින් නියාමන ආයතනය තමන් ගත් ක්‍රියාමාර්ග ආරක්ෂා කිරීමට කටයුතු කළේය. ඉන්දියාවේ කෘෂිකර්ම හා ගොවීන්ගේ සුබසාධන අමාත්‍යාංශය එහි මධ්‍යම කෘමිනාශක මණ්ඩලය සහ ලියාපදිංචි කිරීමේ කමිටුව හරහා පළිබෝධනාශක නියාමනය කරයි.
New Zealand investigates Indian spices over contamination
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා