පුටින් සහ ෂී බෙයිජිංහිදී හමුවෙයි
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද(16) සිය රාජ්‍ය සංචාරය අතරතුර බීජිං හිදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම මස මුලදී පුටින් රුසියානු ජනාධිපතිවරයා ලෙස පස්වන වරටත් දිවුරුම් දීමෙන් පසු පළමු විදේශ සංචාරය මෙම චීන සංචාරය බවද පැවසේ.
දෙරටෙහි නායක දෙපළ තියනන්මෙන් චතුරශ්‍රයේ මහජන මහා ශාලාවෙන් පිටතදි එකිනෙකා හමුවී දෙරටේ ජාතික ගී ගායනා කරන හමුදා වාද්‍ය වෘන්දයකට සවන් දුන්හ. පසුව ඔවුන් ඡායාරූපවලට පෙනී සිට දෙරටෙහි නියෝජිත පිරිස අතර හමුවක් සඳහා පිටත්ව ගියහ.
රුසියානු ජනාධිපති පුටින් සමඟ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද චීන සංචාරයට එක්ව සිටින අතර, ඔවුන් ද්විපාර්ශ්වික සබඳතා තීවර කිරීම අරමුණු කරගත් ඒකාබද්ධ ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා සඳහා සහභාගී වනු ඇත.
සංචාරයට පෙර ෂින්හුවා පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවක් අතර තුර පුටින්, දෙරට අතර වැඩී තිබෙන “පෙර නොවූ විරූ මට්ටමේ උපායමාර්ගික හවුල්කාරිත්වය” අගය කළේය.
යුක්රේන ගැටුම සම්බන්ධයෙන් රුසියාව සහ චීනය සමාන ආස්ථානයන් දැරීමද විශේෂත්වයකි. ෂින්හුවා පුවත් සේවය වෙත අදහස් දක්වමින් පුටින්, “යුක්‍රේන ගැටුමෙහි තිබෙන මූල හේතු සහ ගෝලීය භූ දේශපාලනික වැදගත්කම” අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන් බීජිනයට ප්‍රශංසා කළේය. යුක්‍රේනය සහ රුසියාව අතර පැන නැගී ඇති ආතතීන් සම්බන්ධයෙන් රුසියාවට දොස් පැවරීම චීනය ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ වෙනුවට නේටෝවේ සහ වොෂින්ටනයේ “සීතල යුද මානසිකත්වය” ප්‍රසාරනය කිරීම හෙළා දැක තිබේ.
රුසියාව සහ යුක්රේනය අතර සටන පසුගිය පෙබරවාරියේදී තෙවැනි වසරට අවතීර්ණ වූ අතර, කියෙව් පරිපාලනයට බටහිර ආධාරකරුවන් මුදල් හා ආයුධවලින් "යුද ගැටුම තිබෙන තාක්" සහාය දෙන බවට අලුත් ප්‍රතිඥා දී තිබේ.
ඒ අතරම, ඉන්දු-පැසිෆික් කලාපයේ සහ වෙනත් තැන්වල චීනය සහ එක්සත් ජනපදය අතර යුද ආතතීන් වර්ධනය වෙමින් පවතී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා