VFS වීසා ගැටලුව ගැන සාකච්ඡා කිරීම නිලධාරීන් මගහැරලා... මුදල් කාරක සභාවේ ප්‍රසාදය
දැඩි ආන්දෝලනයට තුඩුදී ඇති VFS වීසා ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා (14) දිනයේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මුදල් කාරක සභාවට පැමිණෙන ලෙස කළ දැනුම්දීමට කලින් එකඟවී පසුව එම නිළධාරීන් එය මගහැරීම පිළිබඳව අතිශයින් කණගාටුවට පත්වන බවත් එය වරප්‍රසාද කඩවීමක් බවත් එයට එරෙහිව දැඩි පියවර ගන්නා බවත් මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පස්වරුවේදී පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
ඔහු සඳහන් කළේ මෙම නිලධාරීන් එක් වතාවක් මුදල් කාරක සභාව හමුවේ පෙනී සිටි බවත් එහිදී මෙම වීසා ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනයේදී පැමිණෙන බව කලින් දැනුම් දී තිබුණු බවයි.
නමුත්, 2016 දී තම කාර්යාලය වෙනස් කිරීමේදී ලිපි ගොනු කිහිපයක් නැතිවී ඇතැයි පවසමින් මෙම සාකච්ඡාවට පැමිණීමට නොහැකියැයි හදිසියේම (13) රාත්‍රියේ දැනුම් දී තිබුණු බවත් එය කිසිසේත්ම පිළිගත නොහැකි බවත් මුදල් කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසීය.
ඔහු අවධාරණය කළේ මුදල් කාරක සභාවේ සාමාජිකයින් සමග සාකච්ඡා කර මෙම නිළධාරීන්ට එරෙහිව ඉදිරියේදී දැඩි පියවර ගන්නා බවයි.
එසේම, නිළධාරීන්ට මේ ආකාරයෙන් මුදල් කාරක සභාව මගහැර සිටීමට කිසිදු හැකියාවක් නොමැති බව හෙතෙම කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා