
රටේ ජනගහණයෙන් මිලියන 12.3ක් අවදානම් ආර්ථික මට්ටමක
මෙරට ජනගහණයෙන් මිලියන 12.3ක පිරිසක් අවදානම් ආර්ථික මට්ටමට ළඟා වී ඇති බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය වී ඇත.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් 2022-23 වර්ෂ සඳහා නිකුත් කර ඇති ජාතික පුරවැසි සමීක්ෂණය නම් වූ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ මේ පිළිබඳ දැක්වෙන බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාව, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වුණි.
එහිදි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් 2022-23 වර්ෂ සඳහා නිකුත් කර ඇති ජාතික පුරවැසි සමීක්ෂණය නම් වූ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාව පිළිබඳව අවධානය යොමුව තිබේ.
අදාළ වාර්තාවට අනුව මෙරට සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙක්ම අවදානම් ආර්ථික මට්ටමට ළඟා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 55.7ක් බව සඳහන්ය.
ග්‍රාමීය ප්‍රදේශවල මෙය 82% ක් තරම් ඉහළ තත්ත්වයක පවතින බව වාර්තා වේ.
පුත්තලම දිස්ත්‍රික්කය අවදානම වැඩිම ප්‍රදේශය වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 71.8කි.
එම වාර්තාවට අනුව මෙම තත්ත්වයට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය, අයවැය හිඟය, ගෙවුම් ශේෂ අර්බුදය, ණය බැඳියාව යන කාරණා හේතු වී තිබේ.
මේ වන විට මෙරට තුළ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකු අවදානම් කලාපයෙ සිටින බවත්, අවුරුද්දක් ගත වන විට මේ තත්ත්වය පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකු දක්වා වර්ධනය විය හැකි බවත් පාඨලි චම්පික රණවක මහතා එහිදි පෙන්වා දී ඇති බව සඳහන්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
