
දුම්රිය වර්ජනය තවදුරටත්... කාර්යාල දුම්රිය ධාවනයට අදත් බාධා
පහරදීමක් මුල් කරගනිමින් උප නියාමක දුම්රිය සේවකයින් පිරිසක් ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වේ.
මාළිගාවත්ත දුම්රිය අංගනයට පිවිසෙන දොරටුව අබියස දී උප නියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක අංශ නිලධාරියෙකු පහරදීමත් සමඟ උප නියාමකවරුන් ඊයේ (04) සිට ලෙඩ නිවාඩු වාර්තා කළේය.
ඒ අනුව ඊයේ දිනයේ දුම්රිය ගමන් වාර 78ක් පමණ අවලංගු කෙරුණු අතර තවත් දුම්රිය රැසක් ප්‍රමාද වී ධාවනය කෙරුණි.
කෙසේවෙතත් ඊයේ දිනයේම පහරදීමට සිදුකළ ආරක්ෂක නිලධාරියාගේ වැඩතහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට කටයුතු කර තිබේ.
එහෙත් අදාළ පහරදීමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව දුම්රිය උප නියාමකවරුන් පවසයි.
මේ හේතුවෙන් උප නියාමකවරු අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදුකරන බව ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩි.ඩි. ප්‍රසාද් මහතා පවසයි.
මේ අතර උප නියාමකවරුන්ගේ අසනීප නිවාඩු වාර්තා කිරීම් හේතුවෙන් අද (05) දිනයේත් දුම්රිය අවලංගු වීම් සහ ප්‍රමාදයන් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කාර්යාල දුම්රිය කිහිපයක් අද පෙරවරුවේ අවලංගු කිරීමට සිදුවනු ඇති බව ද සඳහන්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
