මහින්ද රාජපක්ෂට පුවත්පත් නිවේදන දමා තමා කරන මහා අපරාධයෙන් ගැලවෙන්න බැහැ - ජාතික සංවිධාන කියයි
ජනාධිපතිවරණයට පසුව නැවත රජයක් යටතේ තීන්දු කරන තෙක් පුද්ගලීකරණ ක්‍රියාවලිය අත්හිටුවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් නිකුත් කළ පුවත්පත් නිවේදනය පිළිබදව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්,
"දැන් සිදුවෙමින් පවතින ශ්‍රී ලංකාවේ ඉතිහාසය අවසන් කිරීමේ මහා පාවාදීමේ පාප කර්මයට පළමු වගඋත්තරකාරයා වන්නේ මහින්ද රාජපක්ෂ. ඒ ආකාරයට ඔහුට යුද ජයග්‍රහණයේ ගෞරවය පාවාදීමට සිදුවීම ඉතිහාසයේ සරදමක්. ඔහු එසේ වගකිව යුත්තේ ඔහු පොහොට්ටුවේ නායකයා වීම නිසා පමණක් නොවේ. ඔහු තමාගේ කුරුණෑගල සහ කළුතර පාප මිත්‍රයන්ගේ කුමන්ත්‍රණවල ගොදුරක් වෙලා මැයි 9 ප්‍රහාරය මගින් මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනිතියන්න බලපත්‍රය ලබාදුන්නා. ඒ මගින් තමයි පොහොට්ටුවේ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ ළඟ දණගස්වන්න පළමු වටයේදීම හැකිවන්නේ.
ඊට අමතරව ඔහු බැසිල් රාජපක්ෂ සහ පී.බී. ජයසුන්දර කියන දේශපාලන සහ ආර්ථික ඝාතකයන්ට යටත් වුණා. ගෝඨාභයත් ඊට ගොදුරු කළා. ඒ සියල්ලටම වඩා පියා විසින් දුව දූෂණය කිරීම මහා අපරාධයක්. ඔහු දැන් යුද ජයග්‍රණය පවාදීම සඳහා ගෙන එන මහා පවාදීමේ පනත ලෙස හැඳින්විය හැකි සත්‍ය සෙවීමේ කොමිසම පනත ගේන්න ඉඩදීල නිහඬව බලා සිටිනවා. එය පාවාදීම් අතරින් උච්චතම පාවාදීමයි.
ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනවරමක් නැතුව ඔහුගේ කරේ නැගලා පාවාදීමේ මාවත දිගේ ඔහුව දක්කගෙන යනකොට හීන් කෙඳිරියක් නගලා නිවේදන නිකුත් කළාට වැඩක් නැහැ. ඒවා රැවටිලිකාර නිවට නියාළු වැඩ.
ඊළඟට දෙවැනි වගඋත්තරකරු ගෝඨාභය රාජපක්ෂ. තමාට ලැබුණු ජනවරම ඔහු රනිල් වික්‍රමසිංහගේ පාවඩයක් බවට පත්කළා. එසේ ජනවරම පාවාදුන්නේ ජුලි චන්ග්ලාට බය වෙලා. ඔහු බැසිල්ගෙ ලණු කාලා විමල්ලා, ගම්මන්පිලලා එළියට දාල කුමන්ත්‍රණකාරයන්ට අවශ්‍ය විදිහට පළමු වටයේදීම ආර්ථික අර්බුදය මත දේශපාලන අර්බුදයක් නිර්මාණය කළා.
බැසිල් රාජපක්ෂ තමයි තුන්වැනි වගඋත්තරකරු. රනිල් වික්‍රමසිංහ හතර වැනියා වෙන්නේ ඔහු මේ අපරාධය මේ රටට කරන්න සසර පුරා ප්‍රාර්ථනා කළ අයෙක් බව ඉතා පැහැදිලි නිසා. ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ සම්බුද්ධ ශාසනය අවසන් කළාට පසු තමයි ඔහුගේ සංසාර ගමන අවසන් වෙන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා