News Category
From Date
To Date
Maximum Number of Result

නව ලිබරල්වාදී මතයට අනුව බහුතරය යනු ප්‍රජාතන්ත්‍රවාදය නොවේ - ඇමෙරිකානු මාධ්‍යවේදී ටකර් කාසන් සහ ඇලෙක්සැන්ඩර් ඩුගින් අතර පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ සංවාද සටහන

May 11, 2024 at 06:55 PM
|

ටකර් කාසන්: ඇලෙක්සැන්ඩර් ඩුගින්  යනු 62 හැවිරිදි රුසියානු ශාස්ත්‍රීය දාර්ශනිකයෙක්. ඔහු රුසියාවේ මොස්කව් නුවර සිය ජීවිතය ගත කිරීමට තෝරාගත් අයෙක්. ඔහු සිය තරුණ අවධියේදී සෝවියට් විරෝධියෙකු හෙවත් "භින්නමතිකයෙකු " ලෙස ප්‍රචලිත වූවෙක්. එහෙත් දැන් ඔහු ලෝකය පුරා විශේෂයෙන්ම ඉංග්‍රීසි මාධ්‍ය තුළ ඔහු වර නැගෙන්නේ "පුටින්ගේ මොළය" ලෙසයි. ඔහු රුසියාවේ දේශපාලන චරිතයක් ලෙස වර නැංවී නැහැ. මා නැවතත් අවධාරණය කරන්නේ ඔහු දාර්ශනිකයෙක් මෙන්ම ඔහුගේ බොහෝ අදහස් සහ මතවාද සමහර පුද්ගලයන්ගේ මතවාද සහ අදහස් වලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. 2022 වසරේදී ඔහුගේ එකම දියණිය සිය මෝටර් රථයේ සවි කර තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් ජීවිතක්ෂයට පත් වූවා. අමෙරිකානු ඔත්තු සේවා ඇයව ඝාතනය කරනු ලැබුවේ යුක්‍රේන ආණ්ඩුව විසින් බව අවධාරණය කළා. අපි එය එලෙසෙම විශ්වාස කරමු. එහෙත් කිව යුත්තේ ඇලෙක්සැන්ඩර් ඩුගින් යනු හමුදා නායකයෙකු හෝ රුසියානු ජනාධිපති පුටින් දිනපතා හමුවී උපදේශ ගන්නා චරිතයක්ද නොවන බවයි. ඔහු ලේඛකයෙක්. ඔහු දැවැන්ත අදහස් එළි දක්වන ලේඛකයෙක්. අමෙරිකානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් දුගින්ගේ ග්‍රන්ථ අමෙරිකාව පුරා තහනම් කර තිබෙනවා. ඔබට ඒවා ඇමසෝන් අලෙවි ජාලයෙන් මිළදී ගත නොහැකියි. අමෙරිකාව තුළ ග්‍රන්ථ තහනමට ලක්වන්නේ එම ග්‍රන්ථ වල අඩංගු කරුණු ඉතාමත් භයානක නිසයි. ඉංග්‍රිසි මාධ්‍ය තුළ ඔහුව වර නැගෙන්නේ අන්තවාදී අදහස් ඇත්තෙකු ලෙසටයි. හොඳයි! එය තීරණය කිරීම ඔබට බාරයි. නමුත් අපට ඔහුගේ සමහර අදහස් සම්බන්ධයෙන් විමසීමට අවශ්‍ය වූවා. මක් නිසාද යත් ඔහුගේ අදහස් ඔහුගේ එකම දියණියට ජීවිතයෙන් වන්දි ගෙවීමට තරම් ප්‍රභල ඒවා වූවා වගේම ඔහුගේ ග්‍රන්ථ එක්සත් ජනපදයේ තහනමට ලක්වීමට තරම් ප්‍රභල ඒවා වී තිබෙනවා.

එනිසාම ඔහු සමඟ දොඩමලු වීමට ලැබීම අපගේ සතුටට හේතුවන කාරණයක්. දුගින් මහත්මයා අප සමඟ සම්බන්ධ වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔබට බොහොමත් ස්තුතියි.

ඇලෙක්සැන්ඩර් ඩුගින් : ස්තුතියි! ස්තුතියි ! මට අදහස් පැවසීමට අවස්ථාව සැලසීම සම්බන්ධයෙන්. එලෙසම ඔබව මොස්කව් නුවරට සාදරයෙන් පිළිගන්නවා.

ටකර් කාසන් : ඔබගේ හමුව හුදු කැමරාවක් යොදාගෙන කරනු ලබන රූපගත කිරීමකට වඩා සුහද සාකච්ඡාවක් ලෙස පවත්වාගෙන යාමයි අපගේ අරමුන. මගේ ප්‍රශ්ණය වන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කරන රටවල එනම් අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඔස්ට්‍රේලියාව,  නවසීලන්තය ආදී රටවල් තම තමන්ටම එරෙහිව විශාල අඬදබරයකට අවතීර්ණ වෙනවා. ඒ වගේම සමහර හැසිරීම් බෙහෙවින් ස්වයං විනාශකාරියි. මෙවැනි විනාශකාරිත්වයක් ස්වාධීන නිරීක්ෂකයෙකු ලෙස කොහෙන් පැමිණියාදැයි ඔබ නිරීක්ෂණය කර තිබෙනවාද?

ඇලෙක්සැන්ඩර් ඩුගින් : මේ සම්බන්ධයෙන් මගේ කියවීම ඉදිරිපත් කරන්න පුළුවන්. එය තේරුම් ගැනීමට තරමක ඉවසිලිවන්ත භාවයක් අවශ්‍ය වෙනවා. එම සමාජයන් තුළ මේවා පැන නගින්නේ ප්‍රත්‍යෙකවාදය හෙවත් පුද්ගලවාදය නිසාවෙනුයි. එවැනි මතවාද පැන නගින්නේ මිනිස් සමාජයේ ස්වභාවය මෙන්ම මිනිස් ස්වභාවය සම්බන්ධයෙන් සැබෑ අවබෝධයක් එම සමාජයන් තුළ නොමැතිකම නිසාවෙනුයි. ඔබට පුද්ගලවාදය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි වුවහොත් ඔබට පෙනී යාවි පුද්ගලවාදය විසින් සියළුම මානව සබඳකම් බිඳ වට්ටන බව.

ඒ අනුව  ඔබට විෂයයන් සම්බන්ධයෙන් විශේෂයෙන් දාර්ශනික විෂය පිළිබඳව ඉතා විශේෂ අදහසක් ඇති බව පෙනී යනවා. තවද ඇංග්ලෝ සැක්සන් මතවාදී ලෝකයේ සෑම දෙයක්ම ආරම්භ වූයේ රෙපරමාදු ප්‍රතිසංස්කරණ වල පදනම මත සහ ඊට පෙර පැවැති නාමිකවාදය හෙවත්, විඥානයක් නැත, ද්‍රව්‍ය පමණක් හෙවත්  හුදකලාව පවතින ද්‍රව්‍ය  පමණක් ඇතය යන නාමික සංකල්පය පිහිටලයි. එබැවින් තනි පුද්ගල, එනම් මගේ කියවීමට අනුව ලිබරල් දෘෂ්ටිවාදයේ සහ ලිබරල්වාදයේ කේන්ද්‍රයේ තබා ඇති ප්‍රධාන සහ තවමත් ප්‍රධාන සංකල්පය ඇංග්ලෝ සැක්සන් මතවාදය   සහ එහි හරයයි. එය සාමූහික පුද්ගල විමුක්තියේ ඓතිහාසික හා සංස්කෘතික හා දේශපාලනික හා දාර්ශනික ක්‍රියාවලියක ඕනෑම ස්වරූපයක් ගනු ලබන සාමූහික අනන්‍යතාවය ඉක්මවා යන පුද්ගල අනන්‍යතාවයක් වනවා . එය ආරම්භ වූයේ කතෝලික පල්ලිය අධිරාජ්‍යයේ විශේෂයෙන්ම බටහිර අධිරාජ්‍යයේ සාමූහික අනන්‍යතාවය ලෙස සැලකීම ප්‍රතික්ෂේප කිරීම මගිනුයි. ඉන් පසුව එම ප්‍රවනතාවය සම්පූර්ණයෙන්ම සිවිල් සමාජය වෙනුවෙන් සාමූහික අනන්‍යතාවයක් ලෙස ඉස්මතු වී ජාතිකවාදී රාජ්‍යයන්ට එරෙහිව කැරැළි ලෙස මතු වූවා. එයින් පසුව  20 වැනි සියවසේ ලිබරල්වාදය සහ කොමියුනිස්ට්වාදය සහ ෆැසිස්ට්වාදය අතර දැවැන්ත සටන් වේදිකා ගත වුනා. කෙසේ වුවද ලිබරල්වාදය නැවත වරක් ජය ගෙන තිබෙනවා. ඒ වගේම  සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසුව ඉතිරිව තිබුණේ ලිබරල්වාදය පමණයි. එපමණක් නොවෙයි ලිබරල්වාදය හැර වෙනත් මතවාදයන් ලෝකය තුළ නොමැති බව Francis Fukuyama (ෆ්‍රැන්සිස් ෆුකුයාමා) නිවැරදිව පෙන්වා දෙනු ලැබුවා. ලිබරල්වාදය තවත් විධියකින් සරලව විස්තර කරන්නේ නම් පුද්ගලයින් ඕනෑම ආකාරයක සාමූහික අනන්‍යතාවයකින් මුදා ගැනීම ලිබරල් වාදයයි. ලිබරල් වාදයෙන් නිදහස් වීමට තිබුණේ සාමූහික අනන්‍යතා දෙකක් පමණි. පළමුවැන්න ලිංග අනන්‍යතාවයයි. ලිංග අනන්‍යතාවය සාමූහික අනන්‍යතාවයක්. ඔබ සාමූහිකව පිරිමි පක්ෂයට හෝ ගැහැණු පක්ෂයට අයිති වූවෙකු ලෙස වර්ග වෙනවා. ඒ අනුව සාමුහිකත්වයෙන් වෙන් වී ඔබට තනිව සිටීමට හැකියාවක් නැහැ. ඒ අනුව ස්ත්‍රී පුරුෂ භාවයෙන් මිදීමත්  පුද්ගල විමුක්තිය ලෙස සැලකීමට පටන් ගෙන තිබෙනවා. මෙම මතවාදය සංක්‍රාන්ති ලිංගිකයන්, LGBT සහ නව ආකාරයේ ලිංගික පුද්ගලවාදයකට හේතු වී තිබෙනවා. එබැවින් ලිංගිකත්වය යනු පුද්ගල අභිමතය පරිදි පවතින්නක්. එය ලිබරල්වාදයේ අපගමනයක්ම පමණක් නොවේ.  පුද්ගල ලිංගිකවාදය ලිබරල්වාදය  ක්‍රියාත්මක කිරීමේ අවශ්‍ය අංගයක් මෙන්ම මෙම ලිබරල් මතවාදයේ ජයග්‍රාහකයාද වූවා.  තවද මෙම ගමන් මගේ තවමත් සම්පූර්ණයෙන් සිදු කර නොමැති අවසාන පියවර වන්නේ මානව අනන්‍යතාවයෙන් මිදීමයි. මෙම මත වාදයට අනුව මනුෂ්‍යත්වයත් අභිමතානුරූපියි. දැන් අපි ඔබ අයත්වන බටහිර සමාජ ප්‍රවාහය සලකා බලමු.  ඔබට අවශ්‍ය පරිදි, ඔබට අවශ්‍ය ලිංගිකත්වය තෝරා ගැනීමට ඔබට අවකාශය තිබෙනවා. ලිබරල්වාදී ගමන් මගේ අවසාන පියවර   ක්‍රියාත්මක කිරීම යනු නිශ්චිතවම මනුෂ්‍යත්වය පවා අභිමතානුරූපී  කිරිමයි. ඒ අනුව ඔබට ඔබේ පුද්ගල අනන්‍යතාවය තෝරා ගත හැක්කේ හුදු මනුෂ්‍යයෙකු වීමට මිස මිනිස් සංහතියේ සමාජිකයෙකු වීමට නොවේ. එම ප්‍රපංචය විවිධ අයුරින් නම් කර තිබෙනවා. සංක්‍රාන්තිවාදය (Transhumanism), පශ්චාත් මානවවාදය( post humanism), අසාමාන්‍යතාව (singularity ), කෘත්‍රීම බුද්ධිය( Artificial intelligence),  Klaus Schwab හෝ  Kruzweil  හෝ Harati ලෙස එම ප්‍රපංචය නාමකරණය කර තිබෙනවා. මෙය මනුෂ්‍ය වර්ගයාගේ නොවැළැක්විය හැකි අනාගතය බව ඔවුන් විවෘතව ප්‍රකාශ කරනවා.  සියවස් පහකට පෙර, අපි ලිබරල්වාදයේ දුම්රියට ගොඩ වූවා. ඉතින්  අපි අවසාන ඓතිහාසික පර්යන්ත දුම්රිය ස්ථානයට පැමිණ තිබෙනවා. ඔව්! දැන් අපි අවසන් දුම්රිය ස්ථානයට පැමිණ තිබෙනවා. ඉතින් ඒ තමයි මගේ කියවීම. ඔබ අතීතය සමඟ බැඳී සිටි සියලු අංග සහ අවධි කපා ඉවත් කළ විට ඔබ අතීතය සමඟ බැඳුනු සම්ප්‍රදාය උදුරා දැමුවෙකු බවට පත්වෙනවා. එබැවින් ඔබ තවදුරටත් රෙපරමාදු භක්තිකයෙකු නොවේ. ඒ වෙනුවට ඔබ ලෞකික අදේවවාදී භෞතිකවාදියෙක් බවට පත්වෙනවා. එවැනි විශාල පිරිසක් ජීවත්වන ඔබේ රාජ්‍යය තවදුරටත් අධිරාජ්‍යයෙන් නිදහස් වීමට ලිබරල්වාදීන්ට සේවය කළ ජාතික රාජ්‍යයක් ලෙස පවතින්නක් නොවේ. දැන්, පවතින ජාතික රාජ්‍යය ලිබරල්වාදයේ හැරවුම් බාධකය බවට පත්වෙනවා. ඒ නිසා ඔබ ජාතික රාජ්‍යයෙන් නිදහස් වෙනවා. අවසාන වශයෙන්, මෙම පුද්ගලවාදයට පක්ෂව අදාල රාජ්‍යයේ පවුල නැමැති ඒකකය විනාශ කිරිමට ඉඩ සැලසෙනවා.  අවසාන වශයෙන් දැනටමත් ජයගෙන ඇති ලිංගිකත්වය අභිමතානුසාරි බවට පත්කිරීම සිදුවෙනවා. ස්ත්‍රී පුරුෂ දේශපාලනය  මෙම විමුක්ති ක්‍රියාවලියේ අවසානයට පැමිණීමට ඇත්තේ තවත් එක් පියවරක් පමණයි. ඒ අනුව ලිබරල්වාදය යනු මානව සමාජය පිළිගත් නියමයන් අතහැර දැමූ මානව අනන්‍යතාවයයි. ඒ නිසා , මනුෂ්‍යයෙකු වීමට හෝ නොවීමට තෝරා ගැනීමට ඇති හැකියාව තිබෙන ලිබරල්වාදය අතහැර මනුෂ්‍යයෙකු වීමට මිනිස් සංහතියට බල කරනවා. එය හෙට දවසේ සමස්ථ දේශපාලනයේ න්‍යාය පත්‍රයයි, එලෙසම හෙට දවසේ මතවාදී න්‍යාය පත්‍රයත් එයමයි. ඔබ විමසූ  ඇන්ග්ලෝ සැක්සන් ලෝකය මම දකින්නේ ඒ විදියටයි. මම හිතන්නේ මේ ක්‍රියාවලියේ පුරෝගාමි පරපුර ඔබලා යැයි පැවසීම සාධාරණයි  කියා, මක්නිසාද යත් මෙය ආරම්භ කළේ ඇංග්ලෝ සැක්සන්, අනුභූතිවාදය, නාමිකවාදය, රෙපරමාදුවාදය ලෙසයි. තවද ඔබ අනෙකුත් යුරෝපීය ජාතීන්ට  වඩා ලිබරල්වාදයේ ජලයට  බැස්ස  ඇන්ග්ලෝ-සැක්සන්වරු  ලෙස ඉදිරියෙන් සිටිනවා.

ටකර් කාල්සන් : ඒ අනුව ඔබ විස්තර කරන දේ පැහැදිලිවම සිදුවෙමින් පවතිනවා වගේම එය භයානකයි. නමුත් එක්සත් ජනපදය සම්භාව්‍ය ලිබරල්වාදියෙකු යැයි අප පවසන දේ මත පදනම්ව මම ගැන ඔබ විස්තර කළද  මගේ මනසේ ඇති ලිබරල්වාදයේ නිර්වචනය එය නොවෙයි. එනිසා ලිබරල්වාදය සම්බන්ධයෙන් ඔබ සිතන්නේ පුද්ගල නිදහස සහ වහල්භාවය යන අන්ත දෙකෙන් එකක් තෝරා ගැනීමයි. මම නිවැරදිද? නමුත්, මා වැඩිහිටියෙකු ලෙස වැඩෙන විට,  තම හෘදය සාක්ෂිය අනුගමනය කළ හැකි, තමා සිතන දේ පැවසිය හැකි, රාජ්‍යවාදයට එරෙහිව රාජ්‍ය ආරක්ෂා කළ හැකි, තවත් විදියකින් පවසන්නේ නම් ඔබ ඒකාධිපතිවාදයට විරුද්ධව යමින් සෝවියට් රජයට එරෙහිව  ගිය පුරවැසියා අප මනසේ පිළිසිඳ ගත් විකල්පය බවට පත්වූවා. ඒ වගේම මම හිතන්නේ බොහෝ ඇමරිකානුවන් මා විස්තර කළ ආකාරයට සිතනවා. ඔබ පවසන දේ සහ මා පවසන දේ අතර වෙනස කුමක්ද වෙනස?

ඇලෙක්සැන්ඩර් ඩුගින් : ඉතා වැදගත් ප්‍රශ්නයක්. මම හිතන්නේ ප්‍රශ්නය තියෙන්නේ ලිබරල්වාදය සම්බන්ධ නිර්වචන දෙක තුළ කියායි. පැරණි ලිබරල්වාදය හෙවත් සම්භාව්‍ය ලිබරල්වාදය සහ නව ලිබරල්වාදය ලෙස ප්‍රපංච තිබෙනවා. ඒ අනුව සම්භාව්‍ය ලිබරල්වාදය ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂ වූවා. ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතර සම්මුතියේ, පුද්ගල නිදහසේ බලය ලෙස වටහාගෙන තිබෙනවා. එය කෙසේ හෝ අනෙකාගේ නිදහස සමඟ ඒකාබද්ධ කළ යුතුය. නමුත් දැන් ලිබරල්වාදයේ වර්ධනය තුළ වන  ඊළඟ දුම්රිය ස්ථානය වෙත දැනටමත් සම්පූර්ණයෙන්ම ළඟා වී තිබෙනවා. ඒ වගේම නව ලිබරල්වාදයේ ඊළඟ අදියර අධ්‍යනය කළහොත්  දැන් අරමුණුගත කර  තිබෙන්නේ බහුතරයේ පාලනය සම්බන්ධයෙන් නෙවෙයි. ඒ වෙනුවට සුළුතරයේ පාලනය සම්බන්ධව කේන්ද්‍රගත කර තිබෙනවා. එය කේන්ද්‍රගත කර තිබෙන්නේ පුද්ගල නිදහස පිළිබඳව නොවේ. ඒ වෙනුවට එය woke-ism  (සමාජ සහ දේශපාලන අසාධාරණයට සංවේදී පුද්ගලයින්ගේ හැසිරීම් සහ ආකල්ප.) හෙවත් අවදි-වාදය වෙත කේන්ද්‍රගත කර තිබෙනවා. එබැවින් ඔබ කෙතරම් පුද්ගලවාදී විය යුතුද යත්, ඔබ රාජ්‍යය පමණක් නොව, පුද්ගලයා, පුද්ගලයා පිළිබඳ පැරණි කියවීම් පවා විවේචනය කළ යුතුයි. එබැවින් දැන් අවශ්‍ය වන්නේ එම දිශාවට තව දුරටත් යාමට හෙවත් පුද්ගලභාවයෙන් මිදීමට ඔබට ආරාධනා කිරීමයි. ඉතින් මම රූපවාහිනි සාකච්ඡාවකදී ෆුකුයාමා, ෆ්‍රැන්සිස් ෆුකුයාමා සමඟ සාකච්ඡා කළා. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ පාලනය බව ඔහු මීට පෙරද පවසා තිබුණා. නමුත් දැන් එය බහුතරයට එරෙහිව සුළුතරයේ පාලනය කිරීම සම්බන්ධව සාකච්ඡා කරනවා. මන්ද බහුතරයට හිට්ලර් හෝ පුටින් තෝරා ගත හැකියි. එබැවින් අපි බහුතරය සමඟ ඉතා ප්‍රවේශම් විය යුතු අතර බහුතරය පාලනය කර, සුළුතරය විසින් බහුතරය පාලනය කිරීම කළ යුතුය. එම මතයට අනුව බහුතරය යනු ප්‍රජාතන්ත්‍රවාදය නොවේ; එය දැනටමත් ඒකාධිපතිවාදී වී හමාරයි. දැන් අපි නිදහස් පුද්ගලයා ආරක්ෂා කිරීම ගැන නොව නවීන වීමට, ප්‍රගතිශීලී වීමට පුදගලයා අවදි කළ යුතු වට්ටෝරුවක් භාවිතා කළ යුතුයි. ඒ අනුව ප්‍රගතිශීලී වීම හෝ නොවීම ඔබට තිබෙන අයිතිය, අයිතියක් නොවේ. ප්‍රගතිශීලී වීම සඳහා න්‍යාය පත්‍රය අනුගමනය කිරීම ඔබේ වගකීමකි. එබැවින් ඔබට වාම ලිබරල්වාදියෙකු වීමට නිදහස තිබේ. දැන්  ඔබට දක්ෂිනාංශික ලිබරල්වාදියෙකු වීමට නිදහසක් නැහැ. ඔබ වාමලිබරල්වාදියෙක් ලෙස සිටිය යුතුයි. ඒ වගේම එය ඔබගේ වගකීමක්. එය වට්ටෝරුවක්. ලිබරල්වාදය සිය ඉතිහාසය තුළ ඕනෑම ආකාරයක වට්ටෝරුවලට එරෙහිව සටන් කර තිබෙනවා. වත්මන් අවධියේදී එය ඒකාධිපතිවාදයට හැරී තිබෙනවා, කාලවරෝධීව, ලිබරල්වාදය පෙර මෙන් නිදහස උදෙසා පවතින්නක් වන්නේ නැහැ.

ටකර් කාසන් :එම ක්‍රියාවලිය නොවැළැක්විය හැකි වූ බව ඔබ විශ්වාස කරනවාද? ඒක හැමදාම වෙන්න තිබුනද?

ඇලෙක්සැන්ඩර් ඩුගින් : මම හිතන්නේ ... මට මෙතන යම් ආකාරයක තර්කයක් අවබෝධවෙනවා. එය ප්‍රතිවර්තනයක් හෝ අපගමනයක් පමණක් නොවන තර්ක වර්ගයක්. ඔබ එක දෙයකින් පටන් ගන්නවා. ඔබට පුද්ගලයා නිදහස් කිරීමට අවශ්‍ය වන්නේ ඔබ එලෙස කළ හැකි අවස්ථාවට පැමිණි විට පමණයි. එය පැහැදිලියි. ඒ අනුව ඔබ තව තවත් ඉදිරියට යා යුතුයි. තවද මෙවර ඔබ වඩාත් ප්‍රගතිශීලී සංකල්පවලට පක්ෂව පුද්ගලයා පිළිබඳ පැරණි අවබෝධයෙන්  නිදහස් වීමට පටන් ගන්නවා. ඒ නිසා ඔබට එක් තැනක නැවතීමට නොහැකි වූවා. එයයි මගේ දැක්ම. ඉතින් ඔබ “අහ්!, මම පැරණි ලිබරල්වාදයට කැමතියි” යැයි පැවසුවහොත්, "ප්‍රගතිශීලීන් පැරණි ලිබරල්වාදය වදවෙන්නන් නොවේ" ඔවුන් පවසනු ඇත." ඔබේ ස්ථාවරය ෆැසිස්ට්වාදියි. ඔබ සම්ප්‍රදායකත්වයේ ආරක්ෂකයෙක්, ගතානුගතිකවාදියෙක්." ඔවුන් ඔබට තවත් නිර්වචන දෙනවා. "එක්කෝ ප්‍රගතිශීලී ලිබරල්වාදියෙකු වන්න නැතිනම් අපි ඔබව අවසන් කරනු ලබන්නෙමු." ඔවුන් අවධාරනය කරනු ඇත, එයයි අපගේ නිරීක්ෂණය. අපි ජීවත්වන ලෝකය තුළ සිද්ද වන්නේ සැබැවින්ම එයයි.

ටකර් කාසන් : ඔව්! ඔබ පවසන්නේ  නිසැකවම අප ජීවත් වන භූමියේ යාථාර්තයයි.  ඔබ එළි දැක්වූ ග්‍රන්ථය  බෝම්බ සෑදීමට ලියූ අත්පොතක් හෝ යුක්රේනය ආක්‍රමණය කිරීමට ලියූ පොතක් නොවන නමුත් "ස්වයං ලිබරල්වාදීන්" එය තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා . සියලු දෙනා දන්නවා, මේවා දාර්ශනික කෘති. මෙම ක්‍රියාව මගින්  ඔවුන්  පවසන්නේ මෙම ග්‍රන්ථය ලිබරල් නොවන නොවන බවයි. ඇත්ත වශයෙන්ම ඉන් පවසනේ ග්‍රන්ථය  කිසිම අර්ථයකින් ලිබරල් නොවන බවයි. මම පුදුම වන්නේ පුද්ගලයෙකු මිනිසෙකු නොවී තවදුරටත් කිසිවකින් නිදහස් විය නොහැකි තත්වයකට පත්වන බව ඔබ කලින්ම දැක්කේ කෙසේද කියායි. මෙම ගමන් මගේ ඔබ දකින ඊළඟ පියවර කුමක්ද?

ඇලෙක්සැන්ඩර් ඩුගින් : මෙම සංදර්භය  පින්තූර, ඇමරිකානු පින්තූර, චිත්‍රපට වැනි බොහෝ ආකාරවලින් විස්තර කරනවා. ඒ අනුව මම හිතන්නේ, 19 වන සියවසේ ප්‍රකාශයට පත්වූ විද්‍යා ප්‍රබන්ධ සියල්ලම පාහේ විසිවන සියවසේ යථාර්ථයන් වූ බව ඔබ දන්නවා. ඒ නිසා විද්‍යා ප්‍රබන්ධ තරම් යථාර්ථවාදී දෙයක් තවත් නැහැ. ඔබ Matrix  හෝ Terminator චිත්‍රපට සැලකිල්ලට ගන්නේ නම්, ඔබට පශ්චාත්-මානව හෝ මානව විකල්ප තත්වයන් හෝ කෘත්‍රීම බුද්ධිය සමඟ අනාගතයේ බොහෝ සමාන්තර අනුවාද රාශියක් දකින්නට පුළුවන්. හොලිවුඩය මේ සම්බන්ධයෙන් දැනටමත් බොහෝ චිත්‍රපට නිපදවා තිබෙනවා. මම හිතන්නේ ඔවුන් එම සාහිත්‍ය කෘති තුළ නුදුරු අනාගතයේ යථාර්ථය නිවැරදිව නිරූපණය කරනවා. උදාහරණයක් ලෙසට  අපි මිනිසා සැලකුවහොත්, මිනිස් ස්වභාවය වන්නේ තාර්කික සතුන් ලෙස හැසිරීමයි. නමුත්  දැන් නවීන තාක්‍ෂණය සමඟින්, ඔබට එම මිනිසා නිෂ්පාදනය කළ හැකියි. ඒ අනුව ඔබට තාර්කික සතුන් නිර්මාණය කිරීමට හෝ ඒවා ඒකාබද්ධ කිරීමට හෝ ඒවා තැනීමට මෙන්ම කෘත්‍රිම බුද්ධිය, ශක්තිමත් කෘත්‍රිම බුද්ධිය, මධ්‍යස්ථ ජාලයක් සමඟ විශාල දත්ත සමුදායක් නිර්මාණය කළ හැකියි. එය එක්තරා ආකාරයක ලෝක පාලන රජෙක් වගෙයි. මම කියන්න කැමතියි එය එක්තරා ආකාරයක මෙහෙයවීමක් පමණක් කරන ප්‍රපංචයක් පමණක් නොවෙයි. එය යථාර්තයන් නිර්මාණය කරන ප්‍රපංචයක්. මක්නිසාද යත් යතාර්ථයන් යනු හුදෙක් රූප, සංවේදන, හැඟීම් පමණක් වන බැවින් එය හසුරුවා ගැනීමට හැකියාව තිබෙනවා. එබැවින් පශ්චාත්-මානවවාදී අනාගතවාදය යනු  විය හැකි අනාගතයක් පිළිබඳ යථාර්ථවාදී විස්තරකතනයක් පමණක් නොව, දේශපාලන ප්‍රකාශන වර්ගයක් බව මම සිතනවා. ඉතින්, එය එක්තරා ආකාරයක ප්‍රාර්ථනා චින්තනයක්. ඔබට චිත්‍රපටවල විස්තර කර ඇති දීප්තිමත් සම්ප්‍රදායික අනාගතයක් නොමැති බව සත්‍ය කාරණයක්. බටහිර රටවල අනාගතයේ නිපදවෙන චිත්‍රපටවල සාම්ප්‍රදායික ජීවිතය, සමෘද්ධිය, බොහෝ දරුවන් සිටින පවුල් පිළිබඳව චිත්‍රනය වේ යැයි මා සිතන්නේ නැහැ. ඒ සෑම දෙයක් මතම තරමක කළු පැහැයේ සෙවනැලි වැටී තිබෙනවා . ඉතින් විශේෂයෙන්ම ඔබ අනාගතයේ සෑම දෙයක්ම කළු පාටින් පින්තාරු කිරීමට පුරුදු වී සිටින්නේ නම්, මෙම කළු අනාගතය වරක් පැමිණේ නම් මම සිතන්නේ, අපට වෙනත් විකල්පයක් නැහැ. Matrix චිත්‍රපට මාලාව හෝ කෘත්‍රීම බුද්ධිය (Artificial Intelligence) හෝ Terminator චිත්‍රපටය වැනි යමක් විය හැකි හැකියි. ඒ අනුව තේරීම දැනටමත් මනුෂ්‍යත්වයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනව. අනෙක් කාරණය  මම හිතන විදියට මෙය නිකම්ම  නිකං ෆැන්ටසියක් නෙවෙයි. එය  එක්තරා විදිහක දේශපාලන ව්‍යාපෘතියක්. ඒවගේම හිතාගන්න ලේසියි මොකද අපි චිත්‍රපට නරඹා තිබෙනවා , ඒවා තුළ අඩු වැඩි වශයෙන් මෙයට කිට්ටු ක්‍රමවේද අනුගමනය කරනවා, මෙයයි ඔවුන් පවසන ප්‍රගතිශීලීත්වය. මෙය න්‍යාය පත්‍රයක් මම යැයි අවධාරණය කරනවා.

ටකර් කාසන් : මම රුසියාව හෝ රුසියානු දේශපාලනය සම්බන්ධයෙන් ඔබගේ මතය පිළිබඳව ප්‍රශ්න කිසිවක් ඇසුවේ නැහැ. මම එවැනි ප්‍රශ්නයක් ඇසුවේ නැත්තේ ඔබගේ ජන්ම භූමිය නොවන ඔබ ජීවත් නොවන රටවල් පිළිබඳ ඔබේ ඉදිරිදර්ශනය සම්බන්ධයෙන් දැනුවත් වීම ඉතා රසවත් යැයි මම සිතන නිසා. ඔබ දන්නවා, අපට අවබෝධයක් ලැබෙනවා, පිටස්තරයින්ගේ දෘෂ්ටි කෝණයෙන් අප ගැන අපටම සලකා බලන්න අවස්ථාවක් ඔබ වැන්නවුන් ප්‍රශ්න කිරීමෙන් අපට ලැබෙන බව. ඒ අනුව මා ඔබෙන් අසන අවසාන ප්‍රශ්නය නම්, වසර 70කට වැඩි කාලයක් බටහිර හා එක්සත් ජනපදයේ ලිබරල්වාදීන්, සෝවියට් ක්‍රමය සහ ස්ටැලින්වාදය ඵලදායි ලෙස ආරක්ෂා කළා.  බොහෝ පිරිසක් පුද්ගලිකව ඒ වෙනුවෙන් සහභාගී වූවා. ඔවුන්ගෙන් සමහරුන් ස්ටාලින් වෙනුවෙන් ඔත්තු බැලූවා. ඒ වගේම  අපේ මාධ්‍ය තුළ ස්ටැලින්වාදයට විශාල සහායක් හිමි වුනා. ඔවුන් 2000 දශකය දක්වා බීමත් බොරිස් යෙල්ට්සින්ට ආදරය කළා. නමුත් වර්ෂ 2000 දී ඔබේ රටේ නායකත්වය වෙනස් වී රුසියාව ඔවුන්ගේ ප්‍රධාන සතුරා බවට පත් වුනා. එබැවින් ඔවුන් වසර 80 ක් ආරක්ෂා කළ රුසියාවට ඔවුන් වෛර කරන්නට පටන් ගත්තා. මේ සිදු වූවේ කුමක්ද?

ඇලෙක්සැන්ඩර් ඩුගින් : මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ප්‍රථමයෙන් මගේ අදහස වන්නේ  පුටින් කියන්නේ රුසියානු සාම්ප්‍රදාය විසින් බිහිකළ නායකයෙක්. පුටින් බලයට පත්වූ ආරම්භයේ සිටම අපේ රට, රුසියාව, ගෝලීය බලපෑමෙන් ගලවා ගන්නට වෙහෙසුනා. ඒ අනුව පුටින් ගෝලීය ප්‍රගතිශීලී න්‍යාය පත්‍රයට පටහැනිව කටයුතු කිරීමට පටන් ගත්තා. ඒ වගේම සෝවියට් දේශයට සහය දුන්නු අය අතර ප්‍රගතිශීලීන් හිටියා. ඒ වගේම දැන් ප්‍රගතිශීලීන් වූ අයත් ඉන්නවා. මේ සියල්ලන්ම දෙනා දැන් ගනුදෙනු කරන්නේ මෙම ප්‍රගතිශීලී න්‍යාය පත්‍රය බෙදා නොගන්නා සහ සාම්ප්‍රදායික වටිනාකම් රාජ්‍යයේ, ක්‍රිස්තියානි ධර්මයේ, සාම්ප්‍රදායික පවුලෙහි ස්වෛරීත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීමට සාර්ථක උත්සාහයක් දරන නායකයෙකු සමඟ බව ඔවුන්ට හැඟී ගොස් තිබෙනවා. එය පටන් ගැම්මේ සිටම එලෙසමයි. එය පිටතට පෙනෙන්නේ නැහැ. නමුත් පුටින් මෙම සාම්ප්‍රදායික න්‍යාය පත්‍රය ගැන වැඩි වැඩියෙන් අවධාරණය කරමින්, ප්‍රගතිශීලී සහ ප්‍රගතිශීලී පරමාදර්ශයන් සමඟ ඉතාමත් අඩු එකඟ වීම් ඇති නිසාත්  දැන් ඇති විශේෂිත ලෝක කලාපයක් ලෙස රුසියානු ශිෂ්ටාචාරයේ විශේෂත්වය සහ අධ්‍යාත්මිකත්වය සම්බන්ධයෙන් මගේ පර්යාලෝකය විහිදවීමට කැමතියි. ඉතින් මම හිතන්නේ ඔවුන් පුටින් තුළ හරියටම ගැබ්ව ඇති පුටින් කවුදැයි සොයාගෙන තිබෙනවා. කෙටියෙන් කිවහොත් ඔවුන් පුටින්ව, හඳුනාගෙන තිබෙනවා. එබැවින් ඔහු සාම්ප්‍රදායික සාරධර්ම ආරක්ෂා කරන වර්ගයේ දේශපාලන නායකයෙක්.  මෑතකදී එනම් වසරකට පෙර, පුටින් සම්ප්‍රදායික සාරධර්ම ආරක්ෂා කිරීම පිළිබඳ නියෝගයක් නිකුත් කළා. එය හැරවුම් ලක්ෂයක් බව  මම අවධාරණය කරනවා. එහෙත්, බටහිර ප්‍රගතිශීලී කඳවුරේ නිරීක්ෂකයින්, පුටින්ගේ පාලනයේ ආරම්භයේ සිටම එය නිවැරදිව වටහාගෙන ඇතැයි මම විශ්වාස කරනවා. ඉතින් මේ ද්වේශය නිකම්ම අනියම් ද්වේශයක් හෝ අනියම්  මනෝභාවයක් එහෙම නෙවෙයි...

ටකර් කාසන් : එය අනියම් වෛරයක් හෝ අනියම්  මනෝභාවයක් එහෙම නෙවෙයි එය ඉතා බරපතලයි...

ඇලෙක්සැන්ඩර් ඩුගින් : ඔව්! එය පාරභෞතිකයක්. එබැවින් ඔබ, ඔබේ ප්‍රධාන කාර්යය සහ ප්‍රධාන අරමුණ සාම්ප්‍රදායික සාරධර්ම, සාම්ප්‍රදායික පවුල, සම්ප්‍රදායික රාජ්‍යය, සම්ප්‍රදායික විශ්වාසයන් ආරක්ෂා කරන සහ සුළු කොට තැකිය නොහැකි න්‍යෂ්ටික අවියක් ඇති කෙනෙකු විනාශ කිරීම නම්, අවසාන නමුත් සුළු කොට තැකිය නොහැකි න්‍යෂ්ටික අවියක් අත දරන්නෙකුට  ඔබ අහෝසි කිරීමට යන පාරම්පරික වටිනාකම් ශක්තිමත්ව ආරක්ෂා කරන කෙනෙකුට එරෙහිව නැගී සිටීමක් බවට තර්ක කළ හැකියි. ඒ අනුව මෙම රුසියානු භීතිකාවට සහ පුටින් කෙරෙහි ඇති වෛරයට ඔවුන්ට යම් පදනමක් ඇතැයි මම විශ්වාස කරනවා. ඉතින්, එය අහම්බෙන් සිදුවූ දෙයක් නොවෙයි. එය සෝවියට් ප්‍රේමයේ සිට රුසියානු භීතිකාව දක්වා සීරු මාරු වූ  අතාර්කික වෙනසක් නොවේ. මම පවසන්නේ ගැඹුරු අදහසක්. එය මගේ අනුමානයයි...

ටකර් කාසන් එය පැහැදිලිවම ගැඹුරු අදහසක්. ඔබේ අදහස් එක්සත් ජනපදයේ ඉංග්‍රීසියෙන් විකාශනය කිරීම වැදගත් යැයි අපට හැඟී ගියේ, එක්සත් ජනපදය අදහස් විවෘතව විකාශනය කිරීම විශ්වාස කරන බැවිනුයි. ඒ ආකාරයෙන් මම හිතන්නේ අපි ලිබරල්වාදීන්. ඒ නිසා ඩුගින් මහතා අප සමඟ එක්වීම සම්බන්ධයෙන් අපි කෘතඥ වෙනවා. ස්තුතියි...

සංවාද සටහන : ජීවන්ත ජයතිස්ස

Tucker Carlson releases interview with Russian philosopher Aleksandr Dugin

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.
ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණය පිටුපස සිටින ගෝලීය බිලියනපතියන් සමූහය ජනාධිපතිවරණයට පෙර ඇමරිකානු ඊනියා ජාතිකවාදී සහ ජාතිවාදී සුදු ජාතික ඉහළ පන්තිය පිනවීම සඳහා ඉදිරිපත් කළ ඇමරිකානු ජාතිකවාදී ප‍්‍රතිපත්තියේ ප‍්‍රධාන හැඩතලයක් වුයේ නැගී එන චීනයේ ආර්ථික බලය බිඳ දමමින් නැවත වටයකින් ඇමරිකානු අධිපතිවාදී ආර්ථික බලය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයයි. ඊට අදාළව ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබුවේ

ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.